Tuesday, May 16, 2017

Beach Boys


''Beach  Boys..?''


සාර්ථක සංවර්ධන ක‍්‍රියාවලියක් සදහා අවශ්‍ය වන්නාවූ නිර්ණායක බොහෝමයක් ඇත. ඒ අතරින් ප‍්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සංවර්ධන ඉලක්කයන් කරාගාවීමේ දී විවිධ වූ අභියෝගයන් සදහා මුහූණ දීමට සිදුවෙයි. සංස්කෘකිකමය වශයෙන් ගත්කළ සංචාරක ව්‍යාපාරයට හිමිවනුයේ  අද්ව්තීය ස්ථානයකී. එතුලින් සංස්කෘතිකාංග හුවමාරුවනුයේ ඉතාමත් ඉක්මනින්ය. ඒ අතර  Beach  Boy යනුවෙන් හදුන්වන ප‍්‍රසිද්ධ සහ අප‍්‍රකට පිරිස පිළිබදව අවදානය යොමුවනුයේ ඉතාමත් අඩුවෙන්ය. ශ‍්‍රී ලංකාව තුළ Beach Boy සංකල්පය කෙතෙක්දුරට ව්‍යාප්තව ඇද්ද? එමගින් රටේ සංස්කෘතියට වන ධනාත්මක හා ඝෘණාත්මක බලපෑම කෙබදුද? අන්තර් සංස්කෘතිකමය වශයෙන් විදේශිකයින් සහා දේශීය Beach Boy යනුවෙන් හැදින්වෙන පිරිස අතර හුවමාරුවීම් සිදුවන ආකාරය සහ එහි ඇති මුහුම් සංස්කෘතිකාංග අධ්‍යනය මෙම පර්යේෂණයෙහි අරමුණයි.
එහිදී,
  1. දත්ත විශ්ලේෂණය,
  2. සංකල්පයන් අධ්‍යයනය,
  3. ආකෘතික අධ්‍යයනය,
  4. පරීක්ෂණ පත‍්‍රයන් අධ්‍යයනය,
  5. පාඨ විශ්ලේෂණය යන ක‍්‍රමවේදයන් ඔස්සේ තොරතුරු ලබා ගැනීමට නියමිතය. 
මුහුදු ආශී‍්‍රත පරිසරයක උපත ලබා ඒ ඇසුරින්ම ජවත්වන තම ආර්ථිකය,දේශපාලනයල සංස්කෘතිය තම ජීවන පුරුද්ද කරගත් පිරිස ''මුහුදු කොල්ලන්'' ලෙස හදුන්වනු ලැබේ. ඔහුන්ගේ දෙමව්පියන්,නෑදෑ හිත මිතුරන් ආදී ලෙස පාරම්පරික වශයෙන් වෙරළාසන්න ප‍්‍රදේශය දිවි පෙවත කරගනිමින් කල්ගත කරයි.

මෙහුන්ගෙන් වැඩි පිරිසක් වෙරළ තම ජීවිතය ලෙස සලකයි. වෙරළට පැමිණෙන සංචාරකයින් ඔහුන් තම ජීවිතය සමග බද්ධ කරගෙන ඇත. කිසිදු පදනමකින් තොරව විදේශිකයින්ට මග පෙන්වීම කරයි. ඒ අතරින් බහුල ලෙස තම අග පසග විකුණා,විදේශිකයින්ගෙන් ලාභ සත්කාර ලබාගැනීම සදහා බහුලව යෙමු වෙයි. කාන්තා පාර්ෂවයට සාපේක්ෂව පුරුෂ පාර්ෂවය මේ කෙරෙහි යොමුවීමේ ප‍්‍රවණතාවය දක්නට ලැබේ.

ශ‍්‍රී ලංකාවේ මුහූදු ආශි‍්‍රත ප‍්‍රදේශවල බහුල වශයෙන් Beach Boy යන සංකල්පය පැතිරී ඇත.වයස අවුරුදු 14 සිට 24 දක්වා මෙන්ම වයස අවුරුදු 24 සිට 60 දක්වා  වූ විවාහක සහා අවිවාහක තරුණ පිරිමි පාර්ෂවය පමණක් නොව කාන්තා පාර්ෂවයද මෙම පිරිසට අයත්වෙයි. Beach Boy ලා ගේ ප‍්‍රධාන ඇදුම් ව්ලාසිතාව වනුයේ නිරුවත් සිරුරයි.එමෙන්ම යට ඇදුමින් පමණක් සීමාවූ ඔහුන්ගේ ශරීරය පිරිපුන්ය. එය(Hot pack and six pack) ගන්වා ඇත.අනික් අයගෙන් ඔහුන් වෙන්කොට හදුනාගැනීම සදහා සුදු යකඩ දම්වැල් වලින් සාදන ලද ආභරණ පළදිනු ලැබේ.Beach Boy ලා ගේ ප‍්‍රධාන තේමා පාඨය වනුයේ ''Life is a Beach'' යන්නයි.ඔහුන් මුහුද තම ජීවන වෘර්තිය කරගෙන ඇත.එනම්  ඕනෑම දෙයක් කළ හැකි,මුදලට ව්කිණෙන පිරිසක් ලෙසද,මුහූදු ආශි‍්‍රතව සිදුකරන ලද උත්සව අවස්ථාව දී ව්කිණෙන කෙළි බඩුවක් ලෙසද ඔහුන්ව හදුන්වාදී ඇත.

2007 වර්ෂයේ දී Colombo Radio Station හී ප‍්‍රථම සංවත්සරය සැමරීම සදහා''beach Hotel Gays and Lesbians'' උත්සවයක් පැවැත්වූ අතර පසුව එම උත්සවය අතරමදී තහනම් ව්ය.එහිදී සදහන් කළ යුතු ප‍්‍රධාන කරුණ වනුයේ බීච් බෝයිස්ලා ලිංගිකත්වය පමණක් මුඛ්‍ය කොට නොතකන අතර,ව්දේශිකයින් සමග ඔහුන් කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි.එහිදී ඔහුනට විදේශීකයින් විසින් විවිධ වරප‍්‍රසාධ පිරිනමණ බවද ප‍්‍රසිද්ධ රහසකී. ප‍්‍රථම වතාවට Beach  Boy කෙනෙක විිදේශිකයෙකුට හමුවූ ව්ට ඔහුුන් දෙදෙනා අතරින් ප‍්‍රථමයෙන්ම කථා කළ යුත්තේ කවුද? ඔහුන් අතර සිදුවන රහසිගත සංඥා ක‍්‍රම ඔහුන් දෙදෙනාට දෙදෙනා රහසිගතව අනෙකාගේ කලිසම යට සිට උඩ දක්වා බලා සෙමින් සිනාසීම මගින් ඔහුන් තම අවශ්‍යතාවය හදුනාගනී.මෙම ලිංගික වශයෙන් එකතුවීම බොහෝදුරට සිදුවනුයේ හෝටල් ආශී‍්‍රතවය.හෝටලය තුළ සමලිංගික යුවල සාදයන්  දිනපතා හෝ මසකට සැරයක් පවත්වනු ලැබේ.

මෙම හෝටල්වල පැවැත්වෙන එක් සාදයක් සදහා අවම වශයෙන් එක් අයෙකුගෙන් ($ 5 or 15) රුපියල් 500යේ සිට 1000 ක මුදලක් ද,මෙම අවස්ථාව සදහා සහභාගිවීමට නියමිත ඇදුමක් නොමැති අතර,සමහරුන් නිරුවතින් ද,සමහරුන් යට ඇදුම පමණක් ද ඇදගෙන සහභාගි වෙයි. මෙම සමලිංගික සාදයන් රාත‍්‍රී 10-11 පමණ ආරම් වී පසුවදා උදෑසන දක්වා පැවැත්වෙයි.මෙම සාද වැඩි වශයෙන් කොළඹ සහා නුවර යන ප‍්‍රදේශයන් ඉලක්ක කරගෙන ඇත.

රාත‍්‍රියේ පැය ගණන් ගෙවෙන ප‍්‍රමාණය අනුව එම හෝටල් කාමර  සදහා විදේශිකයින් විසින් මුදල් ගෙවනු ලැබේ.විදේශිකයා හා බීච් බෝයිස්ලා මෙම හෝටල් කාමර තුළ ඔහුන් වැඩි වශයෙන් සිදුකරනු ලබන්නේ සමාන තත්වයන් යටතේ මත්පැන් පානය කරල තම තමන්ගේ ලිංගික අවයව අතගාමින්ල තමන් ආසන්න වශයෙන් ලිංගිකව එක්වූ පුද්ගලයාගේ අත්දැකීම් ගැන කථා කරමින් එදින රාත‍්‍රිය ගතකරයි.

විදේශීකයෙකු Beach  Boyකෙනෙකු සමග සංචාරය කිරීම මගින් බලාපොරොත්තු වනුයේ,
  1. අලූත් අත්දැකීම් බෙදාගැනීම
  2. විනෝදයෙන් කාලය ගත කිරීම
  3. අලූත් ආදරයක් සෙවීමට කාලය යෙදවීම හා විනෝදයෙන් තම සංචාරය නිම කිරීම
විදේශිකයින් ව්සින්  Beach  Boyලා සොයා ගනුලබන්නේ අන්තර්ජාලය හරහාය ඒ සදහා ඔහුන්
  • Gayder  හා
  • Caputa Chats යන ක‍්‍රමදෙක බහුලව යොදාගනී.
විදේශිකයෙකු හා Beach Boy කෙනෙකු ප‍්‍රථම වතාවට හමුවූවිට ඔහුන් දෙදෙනා අතර හුවමාරුවන දෙබස් බහුල වශයෙන් මෙවැනි අදහසක් ගනී.

''ඔබ පැමිණියේ කොතැනින් ද?''
''ඔබත් සමග ඇදට යාමට කැමතීයි''

යනුවෙන් ඉතාමත් විවෘතව කථාකර තම අවශ්‍යතාවය පවසයිල එමෙන්්ම තමන් අනෙක් අය සමග කරන ලද ලිංගික අත්දැකීම්ද හුවමාරු කරගනී. ඔහුන් තවදුරටත්  විදේශිකයින් සමග එක්ව තම ජංගම දුරකථන අංක හුවමාරු කරගනී. විදේශිකයින් විසින්  Beach  Boy ලා හදුන්වනු ලබන්නේ සෙල්ලම් බඩුවක් ලෙසිනී.
  • හික්කඩුව
  • ම්ගමුව
  • බෙන්තොට  වැනි වෙරළාසන්න ප‍්‍රදේශවල මෙම පිරිස බහුලව දැකගත  හැක.
‘Proceeding of international Conference on Business management’ යන අධ්‍යනයෙහි දැක්වෙන ආකාරයට Impact of Beach Boys on tourism: A study of Induruwa,sir Lankaයන තේමාවයටතේ R.S.S.W Arachchi  විසින් ඉදිරිපත් කරන ලද නිබන්ධයෙන් Beach  Boy ලා මගින් සිදුවන බලපෑම කොටස් 3ක් යටතේ දක්වා ඇත.
  •  Customer Perspective
  •  Society  Perspective and Beach Boy Perspective.
යනුවෙනී. (Stakeholder, Fm searcher@sip.ac.lkIn Sri Lanka Tourism safe?යන අන්තර්ජාල ලිපියකට තංගල්ල මුහුදු වෙරළ ආශී‍්‍රතව කරන ලද පර්යේෂණයකට අනුව ඉන්දි සමරවීරයන් විසින් සපයන ලද Beach Boy ලිපිනයෙහි මුහුදු ආශී‍්‍රත සංකල්පය,සාර්ථක රටක් ගොඩනැංවීම සදහා බලපාන්නාවූ සාර්ථක මාෆියාවක් ලෙස දක්වා ඇත.

W.W.W trv.org.uk යන ව්ද්‍යුත් ලිපිනයෙහි සදහන් ‘Blue seas and white sands under threat’අන්තර්ජාල ලිපිනයෙහි තායිලන්ත ගුවන් තොටුපලෙහි හා මාලදිවයින මුහුදු තීරය අතර ඇති ප‍්‍රශ්ණයට වඩා වැලිගම වෙරලාසන්නයේ ඇති ගණිකා ප‍්‍රශ්ණය විශාල බව දක්වා ඇත.

Info lanka forum යන අන්තර්ජාල ලිපිනයෙහි ‘Ananda Arumugam’, ‘Rahul sharma’ මහතා විසින් ‘Sinhala Mondays-Sri Lankan’s beach boys waiting fortourist for redurn,2005.Jan.24,10.57 pm නම් අන්තර්ජාල පුවත්පත් ලිපිනයෙහි 2005 අවුරුද්ද පමණ වනවිට එන්ලගන්තය,යුරෝපය,අමරිකාව වැනි රටවලින් පැමිනෙණ විදේශිකයින්ගෙන් 15% කින් විදේශීය ආධායම ඇමරිකානු ඩොලර් රුපියල් 510 ක පමණ මුදලක් ලැබුණු බවත් ''ලාරා'' නමැති යුරෝපීය කාන්තාව ඇයගේ යාළුවන් 11 දෙනා සමග වයස අවුරුදු 26 ක පමණ Beach Boy කෙනෙකු සමග තනිවූ බවත් සදහන්කර ඇත.

රොහාන් පැතියාගොඩ නම් පර්යේෂකයා විසින් ‘Are beach boys really gay?යන මාතෘකාව යටතේ ‘Archives of the wildlife heritage trust & WHT publication’යන පර්යේෂණය අන්තර්ජාලයට 2012,June 29 Fri day a.t 11.28 pm දින එක්කරමින් Mount Lavanya හෝටලය හා තංගල්ල ආශි‍්‍රතව ගණිකා වෘර්තියෙහි යෙදෙන කාන්තාවන් 8 දෙනෙකුගෙන් හා පිරිමි අය 26 දෙනෙකු යොදා කරන ලද ‘The vanishing Distinction Between Beach Boys and Sexually exploited Children’යන පර්යේෂණය මගින් කරුණු කිහිපයක් තහවුරු කරගන්නා ලදී.එහිදී ලිංගික කි‍්‍රයාකාරකම් සදහා කුඩා දරුවන් යොදා ගන්නා බවත් ඒ පිළිබදව කථා කරනු ලබන පොදු ස්ථානය බවට ජනමාධ්‍ය පත්වී ඇති බවත් දක්වා ඇත.

එහිදී  Beach Boys ලා ගෙන් බහුතරයක් 80% ක පමණ පිරිසක් ආර්ථීක වාසිමත විදේශිකයින් සමග ලිංගිකව එක්වන බවත්,18%ක පමණ පිරිසක් ලිංගික තෘප්තිමත්බව ලැබීම සදහා එක්වන බවත් දක්වා ඇත.එහිදී විදේශීකයින්ගේ ගොදුරු බවට වයස අවුරුදු 14 ත් 23 ත් අතර තරුණයින් පත්වන බවත් දක්වා ඇත.එම පිරිසෙන් බහුතරය ''Gay'' බවත් සොයාගෙන ඇත.

‘Miller, J 2011 - Bach boys or sexually exploited children? competing narratives of sex and their impact on young man in sir Lankan’s informal tourist economy crime’පර්යේෂණ වාර්ථා,Beach Boys සංල්පය නිසා නීතිය හා සමාජය වෙනස්වූ ආකාරය පිළිබදව දක්වා ඇත.

Sir Lankan BRIEF, Home/features/news sir Lanka Political thinks take over tourist sea side’s victims afraid even to complain’යන අන්තර්ජාල ලිපිනයෙහි ‘Beach boy menace world kill the goose that lays golden eggs’යනුවෙන් Beach Boy යනු ''රන් බිත්තර දමන්නන්'' ලෙස දක්වා ඇත.මෙම පර්යේෂණය සදහා ඔහුන්,
  • හිකකඩුව
  • පාසිකුඩා
  • වාද්දුව
  • කල්මුණේ
  • කළුතර යන ප‍්‍රදේශ පදනම් කොටගෙන ඇත.
'Vice principal of the Ceylon hotel school, senior hotelier & lecture Mister; Anil Perera' (Collaboration with travel foundation UK start a meaningful programme to rehabilitate) දක්වන්නේ
  •  Intimidation
  •  Harassment
  •  Stealing and Robbing
යන ක‍්‍රියාවන් සදහා Beach Boyලා යොදාගන්නා බවය.
ලංකාවෙි,රාත‍්‍රී අවන්හල් වල මෙන්ම,එහි දී නටන නැටුම් වලදීද,කැසිනෝහල් වල ද මෙම Beach Boy ලා වැඩි වශයෙන් දැක්ක හැක.
  •        Cinnamon Grand
  •        The Kings bury
  •        Casa Colombo Hotel and Heritance Kandalama යන හෝටල්වල බහුල වශයෙන් Beach Boy ලිංගික හුවමාරුව සිදුවන බව දැක්වේ.True story about Hikkaduwa foreign girls and beach boys’ gossip Lanka, Lanka news. යන වෙබ් අඩව්යෙහි මෙසේ සදහන් කර ඇත.
''අපි හැමව්ටම හැසිරෙන්නේ අපේ හැගීම් හැව්ස්සෙන ආකාරයට...''
''කළු කොල්ලෝ හොයාගෙන සුදු කෙල්ලෝ එනවා...''

කළු අයියා නම් අයෙක් ජංගම සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.එහි දී ඔහු පැදුරු,වර්ණ ගැන්වූ පොල්තෙල් බෝතල් ළග තබාගෙන සිටින අතර, එක් සම්භාහනයක් සදහා රුපියල් 1000 ක් හා 3000 ත් අතර මුදලක් අය කරයි.සුද්දන්ට මග කියන කෙල්ලන් ''වැල්ලේ ගයිඞ්ලා'' ලෙස හැදින්වේ.සුද්දන්ට මග පෙන්වීම සදහා ඔහුන් එක් අයෙකුගෙන් රුපියල් 2000 ක මුදළක් අය කරයි.

 ‘Gossip 99 newsකියවීමේ අපේ කලාව” නම් අන්තර්ජාල ලිපිනයෙහි දැක්වෙන්නේ
  • නාරිගම වැල්ල
  • මහා පැදනේ වැල්ල වැනි ස්ථාන වල
විදේශීය පෙම්වතුන් හා පෙම්වතියන්, වයසට ගිය විදේශීකයින් තම ලිංගික හැසුර සදහා වයස අවුරුදු 15 ත් 16 ත් අතර තරුණයින් සහ වැන්දබු කාන්තාවන් සදහා  වැඩි කැමැත්තක් දක්වයි.ඔහුන් සුදු යකඩ දම්වැල් දැමුවන් හා නිරුවත් ශරීරය අගය කොට සළකයි.ඔහුන්ගේ හැසුර ලිංගිකත්වයට පමණක් සීමා නොවන අතර එයින් පසුවද ඔහුන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධතා පවත්වන අතර තමන්නේ නිවාස සාදාගැනීම සදහා මෙන්ම විදේශගත වීම සදහාද බෙහෝව්ට විදේශිකයින්ගෙන් මුදල් ලබාගනී.

මෙහිදී සිදුවන කනගාටුදායක සිදුවීම්ද බෙහෝමයක් ඇත ඒ අතරින් මත්පැන් සදහා හැබිබැහිවූ තරුණයෙකු තමන්ට මත්පැන් බීමට අවශ්‍ය මුදල් සෙවීම සදහා තම බිරිදව විදේශීකයෙකුට මුදලට ව්කුණා ඇත.එහි දී ඇය ගිනි තබාගෙන සියදිව් හානි කරගෙන ඇත.

Sri Lanka.info.com Nomadic Boys (Discover gay sri Lanka with local boys KALLUWA)2016/Jan/14 Gay stories sir Lanka (Sham selvadurai & LGBT traveller visiting sri Lanka)1980 gay India,maladies penal code 1886 දශකයේ  යන නීතියට යටත්ව සමලිංගික හැසුර අවුරුදු 10 ක්  සිර දඩුවම් ලැබිය හැකි වරදකී.

Beach boys ලා පිහිනීම උදෙසා මුහුදය යයි.එහිදී ඔහුන් තම ලිංගික අවශ්‍යතා හුවමාරු කරගනී.එහි දී ඔහුන් දේශීය හා විදේශීය සංචාරකයින් සමග සමලිංගික හැසුර පවත්වයි.ඔහුන් සමග විවාහ වෙමින්ද ඔහුන්ගේ උදව් ලබාගෙන විදේශ ගතවන අතර,
  • දුප්පත් පවුල් පසුබිම
  • මත්ද්‍රව්‍ය සදහා හැබ්බැහි වීම
  • රැකියාවක් නොමැතිකම
  • සැප පහසු ජීවිතයකට ඇති කැමැත්ත
  • සූරා කෑම
  • සිතෙහි ඇතිවන කම්පනය
  • HIV/ANS ලිංගික රෝග ලිංගික අතවරයන්ට ලක්වීමේ දී බලපානු ලබන ප‍්‍රධාන සාදකයන් ලෙස දැක්විය හැකිය.(True Essence Life is a Beach Boy in the Kenyans cost) (2016/Mar/11)
දේශපාලණික වශයෙන් පොදු ක‍්‍රීඩා පිටිවල,පොදු වැසිකිලි වල විශේෂයෙන් මහජනයා බහුලව ගැවසෙන ස්ථාන වල සමලිංගික හැසුර තහනම්බව 1980 හී  රජය ව්සින් සදහනක් කර ඇත.Beach boys ලා බහුලව ගැවසෙන ස්ථානවල අයකරන ලද ගාස්තූන් ඉතාමත් අදිකය.
  • Hilton (Popular LGBT) - $145- €100
  • Taj  samudra  $185- $128 
මෙම මුදළ ඒක පුද්ගල ආදායමට වඩා අදික මුදළකී.සාමාන්‍ය ශී‍්‍ර ලාංකික පුද්ගලයෙකුට මෙම මුදල දැරීමට නොහැකිය.අනෙක් අතට මෙම මුදළ ඩොලර්වලින් රුපියල් බවට පෙරලීමෙන් පසුව සිදුවන්නේ කුමක්ද යන්න කවුරුත් නෙදනී.
RCPT SLTB – Sri Lanka tourism bound bigger players..’යන මාතෘකාව යටතේ ලියන ලද ලිපියෙහි Reverent Hotel හී 2007 අගෝස්තු මස 17 වන දින සම්මන්ත‍්‍රණයකදී බෙන්තොට,බේරුවල වැනි වෙරළාසන්න ප‍්‍රදේශවල ජනතාව ඉලක්ක කරගෙන පැවැත්වූ සමීක්ෂණයකින් ''Live and let live''යන සංකල්පය යටතේ ''ජීවත්වන්න ජීවත්වීමට ඉඩදෙන්න'' යනුවෙන් පවසා ඇත.එහි දී Nurturing Community (LINC) project Benton,Beruwala Hotel Association(BBHA)විශ්ලේෂණයට අනුව මුහුදු කොල්ලන් නිසා අත්අඩංගුවට ගැනුනු විදේශීකයින් පිළිබදව වාර්ථාකර ඇත.
                                       (Responsible tourism and positive beach boys 2007-Sep-09) FINANCIAL TIMES
අන්තර් හා මුහූන් සංස්කෘතිය පිළිබද අධ්‍යයනය කිරීමේ දී ඒ පිළිබදව ඉදිරිපත්වී ඇති
  • න්‍යාය
  • ආකෘතීන්
  • සංකල්පයන් පිළිබද අධ්‍යයනය ඉතාමත් අත්‍යවශ්‍යවේ.
නමුත් අන්තර් සංස්කෘතික අධ්‍යයනයන් අභිබවා ගොස් අදවන විට සංස්කෘතික අධ්‍යයනය මුහුන් සංස්කෘතික අධ්‍යයනයන් වශයෙන් පුළුල් විය.මුහුන් සංස්කෘතිය අධ්‍යයනය කිරීමේ දී සංකල්ප හා න්‍යායන් සදහා පමණක් විශ්ලේෂණය කළ නොහැකිය. මන්ද එය පුද්ගලානු බද්ද හා ජීව විද්‍යාත්මකය.(Jody miller,2011;Beach boy or sexually exploited children?competing narratives of sex tourism and their impact on tourist economy).
Beach boysයන සංකල්පය යුරෝපීය සංස්කෘතිය තුළ හා ශී‍්‍ර ලාංකික සංස්කෘතිය තුළ මින්සුන් විසින් ග‍්‍රහනය කරගනු ලබන්නේ විවිධාකාරයෙන්ය.යුරෝපානු සංස්කෘතිය තුළ නිසි ෙගෙෘරවයට හා පිළිගැනීමට ලක්ව ඇති beach boysසංකල්පය ශී‍්‍ර ලංකාව තුළ භාවිතා වනුයේ ඊට හාත්පසින්ම වෙන්ස්වූ සමාජ,සංස්කෘතික පැතිකඩක් ලෙසය.භෞතික වශයෙන් මිනිසාට තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් නිසිලෙස සැපිරී නැති නිසා ලංකාව වැනි රටක මෙහුන් සදහා ලැබෙන වටිනාකම ඉතාමත් පහත් තත්වයක ඇත.මෙම තත්වය නැතිකර beach boys සදහා නියමිත වටිනාකමක් දිය හැකිනම් එය අගය කළ හැකිය.එහිදී මා විසින් beach boys  ලා ගැන කරන ලද අධ්‍යයනයෙහි ප‍්‍රතිථලයක් ලෙස පහත සදහන් නිගමනයන් හා යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමී.එහිදී අන්තර් සංස්කෘතික අධ්‍යනයන් පිළිබදව ඉදිරිපත්ව ඇති විවිධ අධ්‍යනයන් හා කෘතීන් පාදක කරගනිමින් මෙම නිගමනයන් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමී.

එඞ්වඞ් ටී හෝල් නම් මානව විද්‍යාඥයා ඔහුගේ ''The hidden Dimension'' නම් කෘතියෙහි එක් එක් සංස්කෘතිය තුළ වෙසන පුද්ගලයින් තුළ වසා සිටින ආතමීය සහ කායික සංස්කෘතික සංඝටක,සංස්කෘතිය,රීතීන්ට අනුකූලව එකෙකු තවත් අයෙකුගෙන් වෙන් කරනු ලබන දුරස්ථභාවය ඇතිකරනු ලබන සීමාවන්ද මෙහිදී පෙන්වාදී ඇත.(මනෝජ් ජිනදාස,සන්නිවේදන විචාර හා මූලධර්ම අධ්‍යයනය)මෙම මූලධර්මයට අනුව බලන විට විදේශිකයින් සමග දේශීය beach boys ලා ගේ එක්වීම එක් අතකින් ආතමීය හා කායික කි‍්‍රයාවක් බව පැහැදිලිය.

වර්ෂ 1959 ''The silent Language''කෘතිය ලියමින් එඞ්වඞ් ටී හෝල් නම් මානව විද්‍යාඥයා තවදුරටත් පවසා සිටින්නේ පුද්ගලයෙකු එක් සංස්කෘතියකට අනුගත වනවාට වඩා සංස්කෘතීන් කිහිපයක් සමග බැදී ඇති බවය.(මනෝජ් ජිනදාස,සන්නිවේදන විචාර හා මූලධර්ම අධ්‍යයනය) ඒ අනුව ලාංකීය වෙරළාසන්න ප‍්‍රදේශවල වෙසෙන තරුණයින් විවිධ සංස්කෘතිකාංග අධ්‍යයනය සදහා  පෙළබෙන බව ය.

වර්ෂ 1976 දී හෝල් තම ''Beyond Culture''නම්  කෘතියෙන් පෙන්වා දෙනුයේ මානවයා හැම විටම ජීව විද්‍යාත්මක වෙනස්වීම් සමග පරිණෘමය වන බවය එහිදී සංස්කෘතික වටිනාකම්ල තාක්ෂණිය හේතු කොටගෙන වෙනස්වන වේගය වැඩි බවය.(මනෝජ් ජිනදාස සන්නිවේදන විචාර හා මූලධර්ම අධ්‍යයනය)ජීව විද්‍යාත්මකව පමණක් නොව ඔහුන් තම ආර්ථිකය ගොඩනංවා ගැනීම සදහාද විදේශීකයින්ගේ සංස්කෘතීන් සමග මුහුවන බව මෙහිදී හදුනාගත හැකිය.එහිදී හුවමාරුවන සංස්කෘතික හා තාක්ෂණික වටිනාකම අති මහත්ය.

ගියර්ට් හොෆ්ස්ටට් නම් මානව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ කාලයක් සමග සිදුවන සමාජ වෙනස්වීම්,ජාතික හා ප‍්‍රාදේශීය සංස්කෘතික කණ්ඩායම්වල ක‍්‍රියාකාරීත්වය හේතු කොටගෙන මානව සමාජ සංවිධාන වල ඇතිවන චර්යාවන් වෙනස්වන බවය.(මනෝජ් ජිනදාස සන්නිවේදන විචාර හා මූලධර්ම අධ්‍යයනය)මෙහිදී විදේශිකයින් හා beach boys අතර සිදුවන චර්යාත්මක වෙනස්වීම හඥනාගත හැකිය.

මානව සම්බන්ධතාවයන් සංස්කෘතීන් කිහිපයක් තුළ ගොඩනැගීමේ දී ඇතිවන සන්නිවේදන ආතතිය ඩයලෙක්තිය ලෙස හැදින්විය හැකිය.(මනෝජ් ජිනදාස සන්නිවේදන විචාර හා මූලධර්ම අධ්‍යයනය)මෙහිදී මානව සම්බන්ධතා විවිධ හේතූන් මත ගොඩනැගුන ද ඒවායෙහි අවසාන ප‍්‍රතිථලය වන්නේ සංස්කෘතික සම්මිශ‍්‍රණයක් බව නිගමනය කළ හැකිය.

යෝජනා
  1. වෙරළාසන්න ප‍්‍රදේශවල දිළිදුකම තුරන් කිරීම සදහා වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළයුතු,
  2. වෙරළාසන්න ප‍්‍රදේශවල වෙසෙන ජනතාවගේ ජීවන ආර්ථීකය ඉහළ දැමිය හැකි වෘර්තීය රැකියා සහ ජීවන මාර්ග හදුන්වාදීම,
  3. ඔහුන්ගේ නිෂ්පාදන විකුණා ගැනීම සදහා නිසි වෙළද පොළක් නිර්මාණය කරදීම ,
  4. අධ්‍යාපනික වශයෙන් ඔහුන්ව නිසි ලෙස ඉගැන්වීම හා ඉගෙනුම් ක‍්‍රියාවලිය සදහා යොමු කිරීම,
  5. වෙරළාසන්න ප‍්‍රදේශවල ජනතාව උදෙසා දැනුවත්වීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම,
  6. ලිංගිකත්වය පිළිබද ඔහුනට නිසි දැනුවත්වීමක් ලබාදිය යුතුය,
  7. උපත් පාලනය ගැන දැනුවත්වීමක් කළ යුතුය,
  8. දරුවන්ගේ ආරක්ෂාව පිළිබදව දෙමව්පියන් විටින්  විට දැනුවත් කළ යුතුය,
  9. විදේශිකයින්ට මග පෙන්වීම සදහා යම් අයෙකු යොමු වන්නේ නම්, ඔහුට නිසි වෘර්තීය වටිනාකමක් දිය යුතුය,
  10. වෘර්තීයට සරිලන ලෙස ඔහුට නිසි වැටුප් ලබාදීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළයුතුය,
  11. සදාචාරය සාරධර්මයන් ගැන විටින් විට දැනුවත් කළ යුතුය,
  12. ඔහුන් සමාජයෙන් කොණ් නොකළ යුතුය,ඔහුන්ගේ සෞඛ්‍යය ගැන නිතර දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය සුභ සාදන වැඩ පිළිවෙළවල් සකස් කළ යුතුය.
ආශි‍්‍රථ ග‍්‍රන්ථ
  •      Proceeding of international Conference on Business management, (StakeholderFmscresearch@sjp.ac.lk)
  •       R.S.S.W Arachchi .(2005).Impact of Beach Boys on tourism: A study of Induruwa , sri Lanka. 
  • ඉන්දි සමරවීරයන් (2011).In Sri Lanka Tourism safe? 
  •         Blue seas and white sands under threat (2011).W.W.W trv.org.uk.
  •       Ananda , Arumugam and Rahul Sharma.(2005).Info lanka forum.Sinhala modayas Sri Lankan’s  beach boys waiting for tourist for return 2005/ Jan / 24  10.57 pm
  • රොහාන්ල පැතියාගොඩ 'Are beach boys really gay?˜ යන මාතෘකාව යටතේ Archives of the wildlife heritage trust & WHT publication,   2012/June/ 29 Friday at 11.28 pm 
  •      ‘The vanishing Distinction Between Beach Boys and Sexually exploited Children’
  •       Sri Lanka, by Hotels.com ’Sri lanka night life’ (what to do at night in sri Lanka)
  •       Miller, J.(2011). Each boys or sexually exploited children? Competing narratives of sex and their impact on young man in Sri Lankan’s informal tourist economy.
  •       Sri Lanka BRIEF, Home/features/news, 'Sri Lanka Political thinks take over tourist sea sides victims afraid even to complain'.
  •       Anil Pereira ,Vice principal of the Ceylon hotel school, senior hotelier & lecture Mister; (Collaboration with travel foundation UK start a meaningful programme to rehabilitate)
  •       True story about Hikkaduwa foreign girls and beach boy’s, gossip lanka.(2015). Lanka news.
  •        Gossip 99 news  කියවීමේ අපේ කලාව.
  •  Sri Lanka.info.com.( 2016). Nomadic Boys (Discover gay sri lanka with local boys KALLUWA) 2016/Jan/14 Gay stories sri lanka (Sham selvadurai & LGBT traveller visiting sri Lanka) 1980දශකයේ    gay India ,Maldives penal code.(1886).
  •        True Essence Life is a Beach Boy in the Kenyan cost’ (2016/Mar/11).
  •        Lakwimashi, perera. (2007),2007/sep/09.’Responsible tourism and positive beach boys’ FINANCIAL TIMES.
  •       Jody miller.(2011).’Beach boy or sexually exploited children?’ Competing narratives of sex tourism and their impact on tourist economy.


No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...