Wednesday, May 24, 2017

Vitamin E පිලිබදව ඔබ දැනුවත්ද?

Vitamin E පිලිබදව ඔබ දැනුවත්ද?

  
තෙල් ලොව රජු ලෙස විටමින් E තෙල හදුන්වනු ලැබේ. වෙළදපොළ තුළ විවිදාකාර තෙල් වර්ග තිබුනද ඒවා අතරින් සර්ව කාර්යක් ඉටු කරන්නේ විටමින් කීපයක් පමණි. ඒ අතරින් විටමින් E ප්රුමුකවේග එමගින් මුළු ශරීරයටම එක හා සමාන ලෙස පරිපූර්ණ ආරක්ෂාවක් ලබාදේ.

නින්දට යාමට පෙර විටමින් E ස්වල්පයක් ගෙන මුහුණෙහි ආලේප කර විනාඩි 15-20 ක් තබා හොදින් සෝදා හැරීම මගින් මුහුණේ සම ද, Olive තේල් හැන්දක් හා විටමින් E තෙල් තේ හැන්දක් ගෙන එකට මිශ්ර කර හිස් කබල මත ආලේප කර විනාඩි 30 පමණ තබා හිසකෙස් හා හිස් කබල ෂම්පෝ කිරීම මගීන් ශක්තිමත් හා දිගු කෙස් කලබක් ද, නිය පෙළට විටමින් E තෙල් ආලේප කිරීම මගින් ශක්තිමත් නිය පෙළක් ද ලබාගත හැක.

විටමින් E  යනු ඉතාමත් හොද පෝෂණ අතිරේකයකි. ඔබට නිරෝගිමත් හිසකෙස්සම හා නිය පෙළක් අවශ්ය න නම්දිනපතා විටමින් E කරල් 1,2 ක් භාවිතා කිරීම මගින් අසිරිමත් හා නීරෝගී පෙනුමක් ලබාගත හැකිය. ඔබේ තොල්වල වියලිබව නැතිකර ගැනීමට විටමින් E භාවිතය මගින් මෘදු තොල් පෙළක් ලබා ගත හැකිය.

දණහිස, වැළමිට වැනි ස්ථානවලට විටමින් E ආලේප කිරීම මගින් එම ස්ථානවල ගනකම් බව නැතිකර,පැහැපත් කරගත හැකිය ගශරීරයේ යම්ස්ථානයක වේදනාවක් ඇති වූයේ නම් එම ස්ථාන වල විටමින් E තෙල්ආලේප කිරීම මගින් එම වේදනාව නැති කරගත හැකිය.

අප ශරීරයේ තිබෙන විශාලතම හා සංවේදී ඉන්ද්රිේය වන්නේ සමයි. සමේ තෙතමනය හා පෝෂණය රැක ගැනීම සදහා විටමින් E මගින් විශාල ශක්තියක් ලැබේ. විටමින් E යනු පෝෂණ සත්කාරයකි. සමෙහි වියළි බව, කුරුලෑ, ළප කැරල් හා විවිදාකාර වූ ආසාදනයන් ඇති වීම වැලැක්වීමට, සමෙහි ඇදුරු බව නැති කිරීමට, සමෙහි සෛල වලට පෝෂණය ලබා දීමත් සිදු කරනවා. එමෙන්ම සමෙහි චාම් බව රැක දීමටත් උපකාර වෙනවා. විටමින් E බහුල ආහාර තම ආහාර වේලට එක්කර ගැනීම මගින් තමාගේ ශරීරයේ හැඩය හා පෝෂණය රැක ගැනීමට හැකි වනවා.




No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...