Friday, June 16, 2017

බය වෙන්න එපා..



ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්න එපා. සිංහල භාෂාව මව් භාෂාව විදිහට බාවිත කරන අපි අනෙක් කිසිදු භාෂාවක් කතා කිරීමට නොහැකි වීම ගැන බිය විය යුතු නැත. මන්ද භාෂාවක් අවශ්‍ය වන්නේ සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථකව සිදුකර ගැනීම සදහාය. නමුත් සිංහල භාෂාවට අමතරව තවත් එක් භාෂාවක් හෝ අපට කතා කිරීමට නොහැකි නම් අපි ඒ පිලිබදව නැවත වරක් සිතා බැලිය යුතුය.

රැකියා වෙළදපොල තුළ හා ජාතියන්තරය තුළ ඉංග්‍රීසි භාෂාව නොමැතිව සාර්ථක විය නොහැක. එනිසාවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත යුතු බව නිතර දේවේලේ සිහි තබාගත යුතුය. දෙමළ හෝඩියෙහි අක්ෂර 247 ක් ද, සිංහල හෝඩියෙහි අක්ෂර 60 ක් ද ඇත. නමුත් ඉංග්‍රීසි හෝඩියෙහි ඇත්තේ අක්ෂර 26 කි. එම නිසා ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ඉංග්‍රීසි  භාෂාව ඉගෙනගත හැකි බව මතක තබාගත යුතුය. ඉංග්‍රීසි  භාෂාවෙහි ස්වර     අක්ෂර 5ක් ඇත. ඒවා  A,E,I,O,U ලෙස පිලිවෙලින් නම්කළ හැකිය. මෙම අක්ෂර 5 හැරෙන්ටන ඉතිරිව ඇති අනෙක් අක්ෂර 21 ව්‍යංජන ලෙස හැදින්වේ.

ඔබට ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන්ම ඉංග්‍රීසි වර්ණමාලාව පිලිබදව හොද අවබෝදයක් ලබාගත යුතුය. ඉන්පසුව නිතර දේවේලේ නෙත ගැටෙන ඉංග්‍රීසි වචන ගළපා කියවා ගැනිමට හා තේරුම්ගැනීමට උත්සහා කලයුතුය. පසුව ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනු පොතපත,පත්තර නිතර පරිහරණය කලයුතුය. එහිදී තමන්ට තේරුම්ගැනීමට අපහසු, නොතේරන වචන ඇත්නම් එම වචන ශබ්ධ කෝෂයක් ආදරයෙන් (Dictionary) තේරුම් ගැනීමට උත්සහා කලයුතුය.

අද වෙනවිට හැම කෙනකු අතේම ස්මාර්ට් දුරකතනයක් ඇත. එම දුරකථන වලින් ගූගල් ''play store'' වෙතට ගොස් ''English Learning Apps'' යනුවෙන් Search කලවිට ඉතාමත් පහසුවෙන් නිර්මාණශීලිව සාදන ලද ''English Learning Apps'' දහස් ගණනින් සොයාගත හැක.ඒ අතරින් තමාට වඩාත් පහසු ''English Learning Apps'' එකක් හෝ කිහිපයක් තෝරාගෙන එමගින් පහසුවෙන් ඉංග්‍රීසි උගත හැකිය.

දිනපතා තම නිවසේදී සහෝදර සහෝදරයන් සමග හා දෙමුපියන්, අසල්වැසියන් සමග ද, මිතුරන් සමග දුරකථන සංවාදයේදී (phone calls) හා කෙටිපණිවිඩ (SMS) හුවමාරු කරගැනීමේදී තමාට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය කුඩා කුඩා ඉංග්‍රීසි වචන ගළපා කථා කිරීමට උත්සහා කිරීම මගින්ද ඉංග්‍රීසි උගත හැක.

තමා පාරේ ගමන්කරනවිට හා යන එන මග තොටදී  නිතර නෙත ගැටෙන්නට ඇති වෙළද දැන්වීම් කියවීම මගින්ද, සිංහලෙන් පරිවර්දනය නොකරන ලද ඉංග්‍රීසි චිත්‍රපට නැරබීමට පුරුදුවීමෙන් හා ඉංග්‍රීසි ගීත වලට සවන්දීම මගින්ද, රුපවාහිනියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්  විකාෂනයවන පුවත් විකාශනයන්ට සවන්දීම හා නැරබීම පුරුදක් ලෙස සිදුකිරීම මගින් ද ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව උගත හැක.

Wednesday, June 14, 2017

June 14. (දෙවැනි මැයි දිනය)


                                                                     රුධිරය

අද ලෝක රුධිර පාරවිලින දිනයි. සෑම වසරකම ජුනි මස 14 වන දින ලෝක රුධිර පාරවිලන දිනය ලොව පුරා හැම රටකම සමරනු ලැබේ. දකුණු ආසියාවේ විශාලතම රුධිර එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය  පිහිටා ඇත්තේ ශ්රී ලංකාවේය. 

2012 ලෝක සෞක්ය සංවිදාන වාර්තාවෙහි දැක්වෙන්නේ වසරකට ඉන්දියාවේ යුනිට් මිලියන 12 ක පමණ රුධිර අවශ්යතාවයක් පවතින බවත්, බිලියන 1.3 ක පමණ ජනග්‍රහනයක් තම රුධිරය පරිත්යාග කරන බවත්, වසරකට යුනිට් මිලියන 9ක පමණ රුධිරය එකතුවන බවත්, වසරකට යුනිට් මිලියන 3ක පමණ රුධිර මදිපාදුවක් පවතින බවත්ය.හදිසි අනතුරකට මුහුණ දුන් යම් අයෙකුට රුධිරය අවශය නම් වෛද්යවරුන් විසින් එම පුද්ගලයාට අවශය රුධිරය ලබා දෙන්නේ කිසිදු ජාති, පාට, ආගම්, කුල බේදයකින් තොරවය.එහිදී වෛදවරුන් සොයා බලන්නේ අනතුරටපත් පුද්ගලයා හා රුධිර දායකයා අතර රුධිරය ගැලපේද යන්නයි.

රුධිරය යන්න ජිවිතයට සමානය. තම රුධිරයරුධිරය අවශය තවත් අයෙකුට පරිත්යායගයක් ලෙස ලබා දෙන තැනැත්තා තවත් අයෙකුට ජිවිතයක් ලබාදෙන දෙවියන්ට නැති නම් තම මවට සමාන කල හැකිය.ඔබත්, ඔබේ ජිවිත කාලයටම එක්වරක් හෝ රුධිරය ලබාදීම මගින් ජිවිතයක් බේරා ගැනීමට දායක වනවා නම්, ඔබට හෝ ඔබේ අසල්වැසි යම් අයෙකුට හදිසියේ රුධිරය අවශ්ය වූ මොහොතක ඉතාමත් ඉක්මනින් ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ සේවය ලබාගත හැකිය. මන්ද ඔබ එක් වරක් හෝ රුධිරය පරිත්යාග කර ඇත්නම් ඔබේ රුධිර සාමපලය හා අඩංගු සියලු තොරතුරු ඇතුලත් දත්ත පද්ධතියක් ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය  සතුව ඇති නිසාවෙන්ය.



Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...