Thursday, August 3, 2017

කාරිය :



ඉහළ පෙළ හා පහළ පෙළ තනතුරු දරන හා තනතුරු නොදරන සියලු දෙනාම රාජකාරියට වාර්තා කරන්නේ තම ජීවිතය සාර්ථක කර ගැනීමට හා තම අවශ්‍යතා සපුරාගැනීම මෙන්ම ණය නොවී ජිවත් වීම සදහාය. තමා රාජකාරිය කරන ස්ථානය තුළ අවට පරිසරය රාජකාරිය කිරීමට තරම් සුදුසු ද නැද්ද යන්න රදාපවතින්නේ තමාගේ මානසිකත්ව ඊට ඔබින ලෙස සකස් වුවහොත් පමණි. වැඩ කරන පරිසරය තුළ තම ඉහළ නිලධාරියෙක් කෑ කෝ ගසමින්  එකාදිපත් අයුරින් වැඩ කරයි නම් ඔහු හෝ ඇය පිලිබදව ආයතනයෙහි අනෙක් පුද්ගලයන් තුල මැවෙන ප්‍රතිරූපය පිලිබදව නැවත වතාවක් සිතාබලිම යහපත්ය. යම් අයෙක් නිවැරදිව, පලදායීව හා  කාර්යක්ෂමව තම රාජකාරිය කරයි නම් එම ශබ්ධය එම තැනැත්තාට විශාල බාධාවක් හා කලකිරිමකී. එවැනි පරිසරයක සිත නිරවුල්ව තබාගෙන වැඩ කිරීමට අපහසුය.

තමා විසින් කරනු ලබන රාජකාරියට හා තම සේවා ස්ථානයට තමා අවංකව කටයුතු කරනවානම් තමාද එම රාජකාරිය නිසි ලෙස හා නිවැරදි වෙලාවට නිම කිරීමට දැනගත යුතුවන අතර. එය තමාගේ පෞර්ෂත්වය විදහාපාන කැඩපතක් බදුය. යම් කිසි ස්ථානයක තමාට තම දක්ෂතාවයට හා තම වටිනාකමට ඉඩක් නැතිනම් හෝ එම සේවය තමාට නොගැලපේ යැහි හැගේ නම් එම ස්ථානයෙන් ඉවත්වීමට දෙවතාවක් නොසිතිය යුතුය. මන්ද එවැනි තැනක තමාට තම රාජකාරියට සාදාරණයක් ඉටුකිරීමට නොහැකි වන නිසාය.

නමුත් අන් අය කුමක් කීවත් තමා පිලිබදව  හා තමා එම රාජකාරිය පැවරු අනෙක් තැනත්තන්ට  තමා පිලිබදව තබා ඇති විශ්වාසය තමා විසින්ම ආරක්ෂා කරගත යුතු අතර තම අරමුණට ඒවා අධාල නොකරගත යුතුය.

Wednesday, August 2, 2017

තව දින ..?


විභාගයට  ලෑස්ති  වෙන්න දිනපතා දින ගැනීමේ පුරුද්දක් ඔබටත්ත් තියෙනවාද? .. වේලාවකට හිතා ගන්න බැහැ. විභාග  මොකකටද කියලා. නමුත් අනික් හැමෝම විභාගයට භය වෙලා, මූණ ඇඹුල් කරගෙන ඉද්දි ලියපු හැම විභාගයම  ජීවිතේ තවත් පිටුවක් ලියන්න කියලා හිතාගෙන.. ජීවිතේ ලියන හැම විභාගයක්ම ඉහළින්ම සමත් වෙන්න බැරි වුනත්, හිත සතුටින් තියාගෙන හැම විභාගයකටම ලියන්න.

විභාගයට  පෙරාතුව භයානක හා අසමත්  සිතුවිලි හිතට  එන්න පුළුවන් නමුත් එවැනි සිතුවිලි යටපත් කරගෙන ලොකු ශක්තියක් ඇති කරගන්න තමන්ගේ හිතට පුළුවන්.. කිසිම වේලාවක විභාග ශාලාව ඇතුලත හො පිටත කිසිදු පුද්ගලයෙකුගේ  ර්‍රනාත්මක අදහස් වලට හො දුක් ගැනවිලි වලට සවන් දෙන්න එපා.. එවැනි දේවල් විභාග අවසන් වූ පසු කතා කරන්න පුරුදු වෙන්නත් එපා. විභාගයට නියමිත වේලාවට විභාග ශාලාවේ අසුන් ගන්න.. තමා  කැමැති නම් පමණක් විභාගයට පෙරාතුව  තමා අදහන ආගම සිතාගන්න. හොඳින් කියවන්න, නිවැරැදි පිළිතුරු සපයන්න. විභාගය අවසන් වූ පසු තමන් විසින් ප්‍රශ්ණ වලට සපයන ලද පිළිතුරු පිළිබදව මිතුරන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ. මන්ද එම ප්‍රශ්ණ පත්‍රය සදහා පිළිතුරු සපයා අවසන්, එමෙන්ම නැවත පරික්ෂකයාගෙන් එම ප්‍රශ්ණ පත්‍රය රැගෙන අතපසුවූ ප්‍රශ්ණ සදහා නැවත පිළිතුරු සැපයිය නොහැකිය. එමනිසා ඊලග දවසේ තිබෙන විභාගය සදහා හොදින් සුදානම් වන්න.

විභාගය අවසන් වූ පසු  දින කිහිපයක් සතුටින් ගත කරන්න. ඒ සදහා මිතුරන් සමග හෝ තම පවුලේ උදවිය සමග විනෝද චාරිකාවක් යාම මගින් හෝ හොද අර්ථවත් චිත්‍රපටයක් නැරබීම මගින් සිත සැහැල්ලු කරගත හැකිය.

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...