Friday, September 8, 2017

රාණී නම් ඇය..



2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය නිෂ්පාදනයෙන් නිර්මාණය වූවකී. මෙම කතාවෙහි ඇතුලත් වන්නේ පංජාබ් කාන්තාවකගේ කථා පුවතයි. ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 12.5 ක් වියදම් කර සාදන ලද මෙම චිත්‍රපටයෙහි වර්ථාගත ආදායම 108 කි. 

62 වන ඉන්දියානු ජාතික සිනමා සම්මාන උලෙළේදී හොදම හින්දි චිත්‍රපටයට හා හොදම නිළියට හිමි සම්මානය දිනාගත්තේ මෙම චිතුපටයයි. නව දිල්ලි නගරයෙහි වාසය කරන ඇය ර‍ාණි මේරාය. මව පියාට කීකරුව කටයුතු කරන ඇය පංජාබ් ජාතික තරුණියකි. ඇගේ විවාහයට සියලු කටයුතු සූදානම්ව තිබියදි ඇගේ පෙම්වතා විජේ ඇයට පවසා සිටින්නේ තමා තවමත් විවාහයට සූදානම් නැති බවයි. මේ හේතුව නිසා දැඩි ලෙස කම්පනයට පත්වන ඇය දවසක් පුරාවටම කාම‍රේ දොරත් වසාගෙන හඩමින් සිටිනවා. මෙම කාම්පනික තත්ත්වය පාලනය කර ගැනීම සදහා ඇය ගනු ලබන තීරණය වන්නේ තනිවම පැරිස් නගරයයට පිටත්ව යෑමයි. එසේ යෑම සදහා ඇය තම දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලා සිිටිනවා. එම ගමන සදහා ඇයට අවසර  ලැ‍ෙබන අතර මෙම ගමන මගින් ඇය තමාගේ දුක අමතක කරගත හැකි බව සිතනවා.

පැරිස් නගරයේදී ඇයට ඉන්දියානු හා ප්‍රංශ හුරුවක් සහිත නිදහස් මතදාරී අවිවාහක එක් දරු මවක්වන  විජෙය ලක්ෂ්මි නම් තැනැත්තිය සමග මිතුරු වීමට අවස්ථාව ලැබෙනවා. පැරීසිය තුල වාසය කිරීමේදී ඇයට පොලිස්සියෙන් හා මංකොල්ල කරුවන්ගෙන් විවිධ ප්‍රශ්න මතුවූ විට එම ප්‍රශ්න වලින් බේරී සිටීම සදහා  විජේලක්ෂ්මි උපකාර කරයි.
සාම්ප්‍රදායික පංජාබ් කාන්තාවක් ලෙස ඇ ය ප්‍රංශය තුල ඉතාමත් සතුටින් හා නිදහස්ව කටයුතු කරන බව පෙනෙනවා. විජෙය ලක්ෂ්මි සමග එකට එක්ව ඇය මුලු පැරීසිය පුරාම සංචාරයෙහි යෙදෙන අතර ඇය තම ජීවිතයට අත්දැකීම් එක්කර ගැනීම සදහා උත්සහා කරන බව චිත්‍රපටය පුරාවටම දක්නට පුලුවන්.මෙහිදී ඇයට ජපන්, ප්‍රංශ හා රුසියානු මිත්‍රයන්ගේ ඇසුරද ලැබෙන අතර ඇය ඔහුන් සමගද එක්ව විවිධ අත්දැකීම් ලබා ගැනීමට උත්සහ කරයි.

චිත්‍ර පටය අවසන් වනවාත් සමගම විජේ විසින් රාණිට ලබාදුන් මුද්ද විජේ විසින් නැවත රාණිට ලබාදීම මගින් ඇය විජේට ස්තූතිවන්ත වන අතර එමගින් ඇය සමාජය පිළිබදව ඇය‍ට අවබෝධ කර ගැනීම සදහා ගත් උත්සහය සාර්ථක කරගත්බව හගවයි.

චිත්‍රපටයේ පළමු භාගයේදී රාණි නම් චරිතය අධ්‍යක්ෂක වරයා විසින් අපට හදුන්වා දෙන අතර, චිත්‍රපටයේ දෙවන භාගයේදී අධ්‍යක්ෂක වරයා  රාණි විසින් රාණිවම සොයා ගැනීම සදහා ඇයව යොමු කරන ආකාරය දැකගත හැකිය. චිත්‍රපටය ආරම්භයේදී රාණිගේ අතෙහි ඇද ඇති මෙහෙන්දි වල පාට ක්‍රමයෙන් මැකියෑමට ඉඩ සැලැස්වීම හා චිත්‍රපටය පුරාවටම  ඇති දෙබස්  රංගන ශිල්පීන්ට අවශ්‍ය කරන ආකාරයෙන් ගොඩනගා ගැනීමට අවශ්‍ය පූර්ණ නිදහස අධ්‍යක්සක වරයා විසින් ලබාදී ඇත.

India Today පුවත්පත ‍ මෙම චිත්‍රපටය පිළිබදව පහත පරිදි අදහස් දක්වා ඇත.
 '' Film is Amazing and a brilliant package''

Lesson Feminism නම් අන්තර්ජාල වෙබ් අඩෙවියෙහි Queen චිත්‍රපටය කාන්තාවාදී චිත්‍රපටයක් වීම පිළීබදව කරුණු 101 ක් දක්වා ඇත. එහින් කිහිපයක් පහත පරිදිය.
  1. රාණිගේ දෙමව්පියන් ඇයගේ වෙනස පිලිබදව සතුටු වීම
  2. ප්‍රංශය තුල රාණි ගේ හැසිරීම  හා අදහස් සාමාන්‍ය කරණය කිරීම
  3. Drinking, Travailing,  Gambling, Dancing Public යන ක්‍රියා සාමාන්‍යකරණය කිරීම
  4. '' It  show an unapologetic single women who is not a quintessential'' ප්‍රංශටයේ විජය ලක්ෂ්මි නම් තැනැත්තිය නිසා තමාව හා තම දරුවාව තනිවම බලා ගැනීමට තරම් ශක්තියක් තිබීම
  5. වෙනත් රටක තමා තමා ලෙස ඉන්දියානු ජාතික කාන්තාවක් වන ඇය ඇය ලෙස ස්වයංව පෙනී සිටීම අගය කොට පෙන්වීම.
  6. කාන්තාව හා පුරුෂයින් මිත්‍රයන් ලෙස එක්ව සිටීම අනුමත කිරීම
  7. හැම පිරිමියෙක්ම එක හා සමාන නොවන බව පෙන්වීම
  8. විවිධ රැකියාවල යෙදෙන කාන්තාවන් ගේ අයිතිවාසිකම් හා ඇය කොන් නොකළ යුතු බව පෙන්වාදීම
  9. ''Stereotypes of ''macho'' Men man can be Vulnerable too'' කාන්තාවක් සතු අයිතිවාසිකම් හා යුතුකම් පුරුෂයාටත් එකහා සමාන ලෙස බලපාන බව පෙන්වාදීම
  10. සාම්ප්‍රදායික අත්තම්මා නම් තැනැත්තිය උසස් කර පෙන්වීම.
  11. සාම්ප්‍රධායික කාන්තාව නිවසින් නික්ම ගිය පසු ඇයට මුහූණ දීමට සිදුවන අපහසුතා ගැනද කථා කර ඇත.
  12. රාණි නම් කාන්තාව ඇතුලත ඇති තැනැත්තිය අනෙක් කාන්තාවන්ට සමාන කිරීම.
  13. ස්ත්‍රී හා පුරුෂ සමාජභාවය අනුව ඔහුන් චිසින් ඔහුන්ව හදුනා ගන්නා ලද ආකාරය පිළිබදව හා අනෙක් අයගෙන් ඔහුන් අවධානය දිනා ගන්නා ආකාරය පිළිබදවද ශරීර භාෂාව, කැමරා කාච සමග හිතවත් සම්බන්ධතාවයක් දක්වන ආකාරය පිළිබදවත් දක්වා ඇත.
  14.  භාහිර පෙනුම හා ඔහුන්ගේ සමාජ තත්ත්වය, අවට පරිසරය, ආභරණ  හා ඇදුම් භාවිතා කරන ආකාරය ගැනත් අවධානය යොමුකර ඇත.
  15. යුක්තීන් වෙනු වෙන් පෙනී සිටින ආකාරයත්, අවංක බවත්, මනා පාලනයක් සහිත බවත්, ශක්තිමත් භාවයත්, කායික ක්‍රීයාශීලි බවත්, දක්ෂ හා යුක්ති සහගත භාවයත් නිදහස්ව සිතා මතා ස්වේච්ඡාවෙන් කාන්තාවක් ලෙස කටයුතු කළ යුතු බවත් පෙන්වාදී ඇත.
අවසන් වශයෙන් මෙම චිත්‍රපටයේ කාන්තාවන් දෙස සාවධ්‍ය හා මනෝවිද්‍යාත්මකව අවධානය යොමු කර ඇතැයි කිව හැකිය.


Wednesday, September 6, 2017

ඇය නොමැති ලොවක්..


සමාජ භූමිකා නිරූපණය කරන ඇය නොමැතිව මෙලොව කෙසේ පවතීද යන්න සිතා බැලිය වත් නොහැකිය. රැකගත යුතු සියල්ල නොරැකෙන මෙවන් කාල වකවානුවක යුක්තීන් හා අයිතිවාසිකම් පිළිබදව කථා කරන්නන් අවපාතයටද, කථා නොකරන්නන් අවලාදයටද ලක්වන ආකාරය හදුනාගත හැකිය. එවන් පසුබිමක ජාතික වශයෙන් කාන්තා අයිතිවාසිකම් ඉටු නොවන විට, ජාත්‍යන්තර වශයෙන් විසදුම් සෙවීමේ මාර්ගයක් ලෙස එක්සත් ජාතීන්ගේ කාන්තා අයිතිවාසිකම් සෙවීමේ කොමිසම විසින් වසර 30 ක පමණ කාලයක් තුලදී ගෙනයන ලද වැඩ පිළිවෙලක් හේතුවෙන්  ජාත්‍යන්තරය පිළිගත් සීඩෝ ප්‍රඥප්තිය හදුන්වාදෙන ලදී.

යුනෙස්කෝ සංවිධානය විසින් වර්ෂ 1979- 12-18 වන දින කාන්තාවන්ට එරෙහිව සියලු ආකාරයේ වෙනස්කම් අහෝසි කිරීමේ පනතක් ලෙස මෙය හදුන්වාදුන් අතර මෙම  පනත ක්‍රියාවට නංවන ලද්දේ වර්ෂ 1980- 09- 03 වන දින සිටය. ශ්‍රී ලංකාව තුල මෙම පනත ක්‍රියාත්මක වූයේ වර්ෂ 1981 ඔක්තෝම්බර් මස 05 වන දිනය.

යුනෙස්කෝ කාන්තාවන්ගේ තත්ත්යවය පිළිබදව කොමිසම පිහිටුවන ලද්දේ වර්ෂ 1946 වර්ෂයේදීය. මෙම කොමිසම මගින්

  1. කාන්තාවන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම හා ඇගයීම
  2. කාන්තාවන්ගේ අයිතීන් උදෙසා කටයුතු කිරීම
මෙම කොමිසමේ වැඩ කටයුතු තුලින් කාන්තාවන්ගේ ජීවිතවල ඇති අසමානතා ගෙනහැර පාන ලදී. මෙම කොමිසමේ උත්සහය නිසා කාන්තා අයිතීන් පිළිබද ලොවට බිහිවුණු වැදගත්ම එමෙන්ම පරිපූර්ණවූ ලියවිල්ලක් ලෙස මෙම  ප්‍රඥප්තිය හදුන්වාදිය හැකිය.

සීඩෝ  ප්‍රඥප්තියේ වැදගත්වන කරුණු කිහිපයක්
  1. කාන්තාවන් උදෙසා ජාත්‍යන්තර අයිතීන් සමුදායක් කෙටුම්පත් කරයි.
  2. මානව හිමිකම් අතරට කාන්තා අයිතිවාසිකම් ගෙන එයි.
  3. මානව අයිතිවාසිකම් පිළිබද විශ්වාස සම්මත කරයි.
  4. ගරුත්වය හා මිනිසාගේ වටිනාකම් යන්නට බැදී සිටි.
  5. කාන්තාවන් හා පුරුෂයන් අතර සමානාත්මතාවය පිළිගනී.
  6. සමානාත්මතාව විග්‍රහ කරයි. සමානාත්මතාව ඇති කරගන්නා විධි පහදා දෙයි.
  7. රටවල කාන්තාවන්ට සමතැන දීමට ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරයි.
සීඩෝ ප්‍රඥප්තියේ පසුබිම
  1. සෑම මනුෂ්‍යයෙක්ම උපතින් සමානය.
  2. සෑම මනුෂ්‍යයෙක්ටම සමාන ගරුත්වය හා සමාන අයිතීන් ඇත.
  3. සෑම මනුෂ්‍යයෙකුටම අයිතීන් හා වරප්‍රසාද හිමිවෙයි.
එලෙස, ජාත්‍යන්තර ගිවිසුම් ගණනාවක් මෙසේ ප්‍රකාෂ කළද, කාන්තාවන් වෙනස්කම් රාශියකට මුහුණපාන බව හදුනාගත හැකිය. කාන්තාවට, පුරුෂයින්ට හා සමාන මානව අයිතිවාසිකම්  හා දේශපාලනික, ආර්ථික, අාධ්‍යාපනය බුක්තිවිදීම අයිතිය,රජය නියෝජනය කිරීමේ අයිතිය,රැකිියා අයිතිය,සෞඛ්‍ය සේවා සදහා ඇති අයිතිය, ග්‍රාමීය කාන්තාවන්ගේ අයිතිවාසිකම්, නීතිමය සමානාත්මතාවය,විවාහ ජීවිතයේ හා පවුල් ජීවිතය තුල සමානාත්මතාවය පිළිබදව තොරතුරු අඩංගුව ඇත. 

සීඩෝ ප්‍රඥප්තිය සදහා රටවල් 23 ක පිරිසක් අත්සන් කලයුතු අතර මෙම පිරිස රහස් ජන්දයක් පැවැත්වීම මගින් සිදුකරනු ලබයි. මේ සදහා විස්තර සියල්ලක්ම ප්‍රඥප්තියෙහි අන්තර්ගත වන අතර මෙම කමිටුවෙහි කාලසීමාව වසර 4 කී. සීඩෝ කමිටුවෙහි වැදගත්ම කාර්යභාරය වන්නේ ප්‍රඥප්තියේ වගකීම් ඉෂට කිරීමට විවිධ රජයන් දරන ප්‍රයන්ත හා ගන්නා ක්‍රියාමාර්ග සෝදිසි කිරීම හා ඒ පිළිබදව රටවලින් ඉදිරිපත් කෙරෛන වාර්ථා විමර්ෂණය කිරීමයි. මෙම පනතෙහි 05 වන කොටසෙහි දක්වා ඇති ආකාරයට ප්‍රඥප්තිය උදෙසා විශේෂ කමිටුවක් පිහිටුවීමේ බලතල ප්‍රඥප්තියට ඇත. මෙම කමිටුව කාන්තාවන්ට එරෙහිව සිදුවන වෙනස්කම් අහෝසි කිරීමේ කමිටුව වශයෙන් නම් දරයි. මෙය සීඩෝ කමිටුව යැයිද හදුන්වනු ලැබේ.
















Monday, September 4, 2017

Terrorism + Journalism


Media is an Integral part of democratic regimes යන්න සම්මතවී  ඇත. Media is The state, None state actors, සමාජ සන්විධාන හා ත්‍රස්ත්‍ර සන්විධාන ‍ (Terrorist and civil society) ලෙස සමාජය ප්‍රබේදයන් දැකගත හැකිය. ත්‍රස්ථවාදීන් හෝ ත්‍රස්ත්‍ර සන්විධාන විසින් මාධ්‍ය භාවිතා කරන ආකාරය පිළිබදව මෙම ලිපිය මගින් කරැණු පෙළගස්වා ඇත. ත්‍රස්ථවාදීන් මාධ්‍ය භාවිතා කරන්නේ ඇයි?
  1. අන් අයට තමන් පණිවිඩයක් ලබාදීමට
  2. ත්‍රස්ථවාදීන්  තම උවමනා හා අවශ්‍යතා අන්අයට දැනුම් දීමට
  3. ත්‍රස්ථවාදීන් තම උද්වේගයන් හා ශෝකප්ප්‍රකාශ පැතිරීමට
  4. ත්‍රස්ථවාදීන් තම බුද්ධිමත්භාවය බෙදා හැරීමට
  5. නවීන යුධ උපක්‍රම ගැන දැනුම්වත් වීමට 
  6. ත්‍රස්ථවාදීන් තම සන්විධානය සදහා නව පුද්ගලයින් බදවා ගැනීමට
  7. ත්‍රස්ථවාදීන් තම දේශපාලනික  ත්‍රස්ථ ක්‍රියා හෝ ප්‍රහාරයන් ගැන අන් අයට දැනුම් දීම සදහා ද කැමැත්තක් දක්වයි.
 ත්‍රස්ථවාදී ක්‍රියා වාර්ථා කිරීමේදී රජයේ වගකීම
  1. මාධ්‍ය ආයතනය සදහා ආරක්ෂාව සැපයීම හා නිදහස් පරිසරයක් මාධ්‍යවේදීන්ට සලසාදීම
  2. පිළිගත් හා නිවැරදි ආකාරයට හොද තොරතුරැ සූදානම් කර ගැනීම
  3. පවත්නා ජනමාධ්‍ය නීති පද්ධතියට අවනත වීම
  4. පොදු ජනතාවගෙන් ලැබෙන තොරතුරැ වලින් මාධ්‍යයකට පලායා නොහැකිය. එනිසාවෙන් ත්‍රස්ත්‍රවාදීන් විසින් උපකරනයක් ලෙස මාධ්‍ය යොදා ගැනීම වැලැක්නවීමේ වගකීම රාජ්‍ය සතුය.
මාධ්‍ය හැමවිටම නිදහස් යැයි පැවසුවත් එය එසේ නොවේ. ගෝලීය ත්‍රස්ථවාද තුල මාධ්‍ය භාවිතාකරණ ආකාරය විවිධවේ. රාජ්‍යක් සතුව ඇති බලතල සීමිතය. 'To provoke a state of terror psychological ware' ත්‍රස්ත්‍රවාදීන් විසින් චූදිතයින් පමණක් නොව සාමාන්‍ය ජනතාවද ඉලක්ක කරගනී. මාධ්‍ය මගින් ඉදිරිපත් කරනු ලබන තොරතුරැ  හා දත්තයන් කුඩා දේ විශාල කර පෙන්වීමට  උත්සහා කරයි. උදාහරණ  ලෙස 2005-07-07 වන දින ලන්ඩන් ප්‍රහාරය දැක්විය හැකිය.

ත්‍රස්තවාදී ක්‍රියා වාර්ති කිරීමේදී මාධ්‍ය එය රිණාත්මකව වාර්තාකරණ ආකාරය
  1. ත්‍රස්ථවාදී ප්‍රශ්ණ වාර්තා කිරීම
  2. මහජනතාවගේ සිත් තුල ත්‍රස්ත්‍රවාදී අදහස් ගොඩනැංවීම
  3. ත්‍රස්ත්‍ර ක්‍රියා අතිශයෝක්තියෙන් යුතුව වාර්ථා කිරීම
  4. ත්‍රස්ථ පනත් ගැන නැවත නැවත මතක් කිරීම
  5. විල්ප්ලවකාරී වීරයන් ලෙස ඔහුන්ව පෙන්වීම
නාසිවාදී නායක හැඩල්ප් හිට්ලර් වරක් පවසා ඇත්තේ
 'පොඩි පොඩි බොරැකාරයින්ට වඩා ලොකු බොරැ කියන අයව මිනිසුන් විශ්වාස කරනවා එම බොරැව නැවත නැවත පෙන්වීම මගින් ඉක්මනින් හෝ පසුව මිනිසුන් එම බොරැව විශ්වාස කරව බව.'

ගෘහ ආශීත ප්‍රචණ්ඩ ක්‍රියා
මරණය
ස්වාභාවික විපත් යනාදිය මගින් ත්‍රස්ත්‍රවාදය ව්‍යාප්තවන බවය.

  • ඇමරිකාවේ පැය 24 ක් දින  444ක් පුරාවටම ත්‍රස්ත්‍ර ක්‍රියා වාර්තාකර ඇත.
  • Twin tower attack ප්‍රහාරයෙහි වීඩියෝ පඪය පැයක් පුරාවටම රෑපවාහිනි නාලිකායවහි විකාශය කිරීම
  • Mumbai Attack සිදුවීම පැය 11 ක් පුරාවටම විකිශය කිරීම හා පැය 09 ක් වැඩිපුර විකාශය කිරීම
  • වර්ෂ 1967- 1987 දී පලස්තීන ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් ඊශ්රයාලයේ 222 දෙනෙක් මියගිය අතර, 1000 ක පමණ පිරිසක් ත්‍රස්ත්‍රවාදීන් විසින් මරණ ලදී.
  • ඇමරිකාවට එල්ල කරන ලද ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් 80 දෙනෙක්‍ මියගිය අතර 20,000 ක පමණ පිරිසක් ත්‍රස්ත්‍රවාදීන් විසින් මරණ ලදී.
  • ත්‍රස්ත්‍රවාදය නිසා වාර්ශිකව ලොව පුරා මිනිසුන් 10,000 කට අදික පිරිසක් මියයයි.
  • 36,000 ක පමණ පිරිසක් ත්‍රස්ත්‍රවාදීන් විසින් මරණයට පත්කරයි.
  • නමුත් මාධ්‍ය මගින් අනවශ්‍ය ලෙස ත්‍රස්ත්‍රවාදීන් ගේ පනත් හා නියමයන් සදහා ආවරණයක් ලබාදෙන බව පෙනේ.
  • ත්‍රස්ත්‍රවාදී නොවන තොරතුරැ සදහා මෙන්ම මාධ්‍ය මගින් සංවේදී තොරතුරැ සදහා මූලික අවධානය යොමුකරන බව පෙනේ.
  • Times of London 43%, 
මෙම ලිපිය අවසන් කල නොහැකිය...


Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...