Monday, August 28, 2017

''බජරාවෝ මස්ථානි'' චිත‍්‍රපටයේ නිරූපිත ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනය



එක් ලිංගයකට අයත් අයෙක් තවත් ලිංගයකට අයත් අයෙකුගෙන් වෙනස් වීම ප‍්‍රධාන වශයෙන් ස්ත‍්‍රී පුරුෂ ලිංගිකත්වය ලෙස හැ`දින්වේ. මිනිසා ස්තී‍්‍ර හා පුරුෂ ලෙස තවත් අයෙක්ව හ`දුනාගන්නේ ලිංගිකත්වය පදනම් කොටගෙනය. මේ අනුව ස්තී‍්‍රයක් හා පුරුෂයෙකු ශරීර අංගෝපාංග අනුව බෙදා දැක්විය හැකිය. කාන්තාවක් යන්න ඉතාමත් මට සිලිටු තැනැත්තියක් යන්න අතීතයේ පටන් පැවති අදහසකී. පුරුෂයන් යන්න ශක්කි සම්පන්න හා බල සම්පන්න අයෙක් බවත් පැරැන්නන් විශ්වාස කරන ලදී. මෙම හේතූන් නිසා අතීතයේ පටන්ම කාන්තාව හා පුරුෂයාට වෙන්වූ සමාජ භූමිකාවන් විවිධ විය.

ස්තී‍්‍ර පුරුෂභාවය හා ස්වයංව නැගී සිටින ආකාරය කාන්තා හැසිරීම මෙන්ම පුරුෂයාගේ හැසිරීමල සමාජය තුළ තනි තනිව කාන්තාව හා පුරුෂයා නිරූපණයවන ආකාරය ගැන අවධානය යොමු කිරීම ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය ලෙස හැ`දින්වේ. මෙහිදී ස්තී‍්‍ර හා පුරුෂ යනුවෙන් තනි තනිව ගත් කළ ඔහුන්ගේ භාෂා භාවිත හැකියාව, භූගෝලීය පසුබිම, ඉතිහාසය, දේශපාලනික සමාජ විද්‍යාත්මක පසුබිම, මානව විද්‍යාත්මක හැඩගැසීම් හා චර්යාවන්, නීතිය, වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රතිකාර ප‍්‍රවේශයන් හා මාධ්‍ය භාවිත කරන ආකාරය ගැන පු`ළුල් වශයෙන් අධ්‍යයනය කෙරේ.

මෙහි දී මව, පියා, දුදරුවන් යන්න ප‍්‍රමුඛකොට ඇති පවුල් සංස්ථාව තුළ මෙන්ම ඉන් පිටතදීත් ස්තී‍්‍ර හා පුරුෂ සමාජ හැසිරීම වෙනස්ය. ඒ පිළිබ`දව ලොව පුරා විවිධ පර්යේෂණයන් හා අධ්‍යයනයන් සිදුවී ඇති අතර දැනටද සිදුවෙමින් පවතී. මේ අනුව කාන්තාව හා පුරුෂයා සමාජ සත්ත්වයෙක් ලෙස ජීවත් වීමේදී අනෝන්‍ය වශයෙන් එකිනෙකා හදුනාගැනීමට හා සබ`දතා පැවැත්වීමට අවකාශය සැලසෙයි. එම සබ`දතාවන්හී ශක්තිමත්භාවය පදනම් කොටගෙන පාරම්පරික වශයෙන් වගකීම් හා වගවීම් ගලනයක් සිදුවේ.

එලෙසින් ගොඩනැගෙන සමාජය තුළ සිරිත් විරිත් හා දැනුම හුවමාරු වේ. නව දැනුම උත්පාදනය කිරීමට ඉඩ සැලසේ. පවත්නා මත වෙනස්වීම්වලට ලක්වේ. එතුලින් දැනුම්වත් සමාජයක් නිර්මාණය වේ. අතීතයේ පටන් පැවති සාම්ප‍්‍රධායික මතයන් කණ්ඩනයට ලක්වේ. ඒ අනුව ස්තී‍්‍රය හා පුරුෂයා යන මනුෂ්‍ය කොට්ඨාස දෙකටම පොදු විචල්‍යන් නිර්මාණය  වෙමින් නූතනය වනවිට  වෛද්‍ය විධ්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සම`ගම ස්තී‍්‍ර පුරුෂ ලිංගික අවයවයන් පවා වෙනස් කරගනිමින් ස්තී‍්‍ර පුරුෂ සමාජ භූමිකාව වෙනස් කරගැනීමට බටහිර රටවල පමණක් නොව  අප රටේ මිනිසුන් පවා යොමුවී ඇති ආකාරය පෙනේ. මෙම කරුණු පිළිබ`දව වැඩි දුර අධ්‍යයනයන්හී නිරතවීම ම`ගින් ජනමාධ්‍ය නිසා මිනිස් ලිංගික හා මනෝභාවයන් වෙනස්වන ආකාරයත්ල ස්වභාවධාමයෙන් ඔබ්බට ගොස් තම ලිංගික අනන්‍යතාවය වෙනස් කරගැනීමට යොමුවන්නේ ඇයි ද යන්න අධ්‍යයනය කළ හැකිය.

ස්ත‍්‍රී පුරුෂ සමාජ භූමිකාව හා සමානාත්මතාවය

නවීන ස්තී‍්‍රවාදය විසින් ජීව විද්‍යාත්මක වශයෙන් ස්තී‍්‍ර පුරුෂභාවය පිළිබ`දව ආකල්පය අභියෝගයට ලක් කරයි. මේ ස`දහා හොදම උදාහරණයක් ලෙස ඈන් ෆවුස්ටෝ ස්ටීරීන්ගේ ''ලිංගික මිත්‍යාව'' යන ග‍්‍රන්ථය ම`ගින් ජීව විද්‍යාත්මකව සාරභූතවාදී දෘෂ්ටියකට අනුබල දෙන විද්‍යාත්මක පර්යේෂණවල අඩංගු උපකල්පනයන් ගවේශණය කරයි. මෙහිදී අප විසින් මතක තබාගතයුතු තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කථා බහා කෙරෙන ප‍්‍රමාණයටම පුරුෂයාගේ අයිතිවාසිකම් පිළිබ`දව අවධානය යොමුවන්නේද යන්න සොයාබැලිය යුතුය.

ස්ත‍්‍රී පුරුෂ සමාජ භූමිකාව අතීතයේ පටන් අද දක්වා ක‍්‍රමයෙන් විකාශණයවී ඇත. වර්ෂ 1950 සිට පැවතීයේ කාන්තාවක් නම් ඇය ගෙදර දොර  වැඩ කටයුතු කරමින් ස්වාමියා හා දරුවන් රැුකබලා ගනිමින් සිටිය යුතු බවටත් පුරුෂයා රැුකියාවක නිරත විය යුතු බවටත් මතයක් පැවතුනී. එහි දී බ‍්‍රහම්මණ ආගමට අනුව කාන්තාවකට කිසිදු අයිතිවාසිකමක් භුක්තිවිදීමට අවසර නොතිබුනු අතර ඇය කුඩා කාලයේදී පියා යටතේදල තරුණ අවදියේ ස්වාමි පුරුෂයා යටතේදල මහ`ළු වියේදී තම දරුවන් යටතේද සිටීම අනිවාර්ය කරන ලදී

''බාලේ පිතූර් වරේ ශිෂ්්‍ය... ''

තවද කාන්කාවකගේ නුවණ හැදිමිටට සමාන බවත්ල කාන්තාවකගේ වචන සීතල සදුන් බවත් කාන්තාවක් හැසුරු කිරීම ම`ගින් ඇගේ සිතේ ඇති සිතුවිලි  හළාහල විෂට සමාන බවත් බමුණන්ගේ මතය විය.

''මුඛ පද්ම දාලාකාරං - වාචා චන්දන සීතලං
 මධු ශිෂ්ටති ඡුිව්හාග්රේ - හර්ධයේතු හළාහලං''

නමුත් මෙම තත්ත්වය අදවන විට වෙස්ම මුහුණුවරක් ගෙන ඇති ආකාරය අපට හදුනාගත හැකිය. කාන්තාවන් හා පුරුෂයින් එකිනෙකාට නොදෙවෙනි ලෙස වෘර්තීය ජීවිතය පමණක් නොව අධ්‍යාපනික ක්ෂේත‍්‍රය තුලත් සාර්ථකවී ඇති ආකාරය හදුනාගත හැකිය. සංවර්ධනය වී ඇති රටල්වල කාන්තාවන් බහුතරයම උපාධිධාරීන්ය. එම රටවල ඔහුන් සදහාම වෙන්වූ රැකියා අවස්ථාවන්, සමාජ සේවාවන් ඇත. පරිපාලබ ක්ෂේත‍්‍රයෙහි 6% ම සිටින්නේ කාන්තාවන්ය. එම රටවල අනාගත වෙළ`දපොළ ඉලක්කයන් මු`ළුමනින්ම කාන්තාව ප‍්‍රධාන කොටගෙන ඇතිබව ඔහුන් විශ්වාස කරයි. එම නිසාවෙන්ම ඔහුන් අවිවාහක භාවයෙන් සිටීමට බොහෝවිට උත්සහා කරයි. අද වන විට විවාහක යුවල් තම ගෙදර දොර කටයුතු හා දරුවන් බලාගැනීමේ කටයුතු දෙපාර්ෂවය විසින්ම සිදු කරයි. නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන අවස්ථාවන් පෞද්ගලීකරණය වීම ම`ගින් අධ්‍යාපන හා රැකියා වෙළ`දපොල තුළ දෙපාර්ශවයටම සමාන භූමිකාවක් අදවනවිට ගොඩනැගෙමින් තිබේ. 

ජාතික කාන්තා කම්කරු වෘර්තීය සමිතිය විසින්  2005 මාර්තු මස 08 වන දින බංගලාදේශයේ ඩකා න`ගරයේදී පැවැති කාන්තා දිනය සැමරීමේ උත්සවයේදී͵ 

  • ස්තී‍්‍රවාදය
  • කාන්තාව හා ගැහැණු
  • ආගමික සංකල්පය තුළ නිරූපිත කාන්තාව
  • ස්තී‍්‍රය සතු බලය
  • කාන්තාවකගේ අයිතිවාසිකම් තහවුරු කිරීම
  • කාන්තාවල පෞද්ගලික දේපළ හා රාජ්‍ය
  • කාන්තාව හා ලිංගික දේශපාලනය
  • ලිංගික අපචාර
  • ස්තී‍්‍ර පුරුෂ ගැට`ළු
  • ක`ළු ස්තී‍්‍රවාදී අදහස්ස්තී‍්‍
  • රවාදය හා ස්වභාවධර්මය පිළිබ`දව විශාරදත්වය 
යන කරුණු පිළිබ`දව ස්තී‍්‍ර දර්ශණය පිළිබ`දව ප‍්‍රධාන න්‍යායාචාරීන් වන බාර්කි බොවෝයර්ල බට්ලර් කොලින්ස්, ඩාලි ඬේවිස්, වොල්සන් කැට් මාර්ටින් යන තැනැත්තන් විසින් පුළුල්ව සාකච්ඡ කර ඇත.
මේ අනුව බලන විට ස්තී‍්‍රය හා පුරුෂයා ලිංගික වශයෙන් වෙස් වුවත් මානවීය අවශ්‍යතා අතින් ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ඇති බව හ`දුනාගත හැකි අතර උවමනාවන් හා අවශ්‍යතාවයන් පදනම් කරගෙන පුද්ගල ආකල්ප හා ගැට`ළු නිර්මාණයවන බවත් හ`දුනාගත හැකිය. අතීතයේ කාන්තාවක් හා පිරිමියෙක් කළ යුත්ත හා නොකළ යුත්ත ලෙස තහංච් සංකල්පයක් සමාජය තුළ කි‍්‍රයාත්මක විය. නමුත් අද වන විට මෙම තත්ත්වයට පටහැනි දේවල් සිදුවන බවත්, සමහර පිරිස විසින් මෙම වෙනස්වීම සමාජ පරිනාමයේ තවත් එක් පියවරක් ලෙසත් හ`දුන්වනු ලැබේ.

ස්ත‍්‍රී පුරුෂ දර්ශනවාදීන්

ස්තී‍්‍රවාදය යනු කාන්තාවන්ට දේශපාලනික, ආර්ථික, පෞද්ගලික හා සමාජීය අයිතිවාසිකම් නිර්වචනය කිරීම ස්ථාපනය කිරීම සහ සමාජීය අයිතිවාසිකම් ලබාගැනීද ස`දහා පො`දු අරමුණක් ඇති දේශපාලන ව්‍යාපාර, දෘෂ්ටිවාදීන් හා සමාජ ව්‍යාපාරයන් ම`ගින් කාන්තාවන් ස`දහා අධයාපනික හා වෘර්තීය අවස්ථාවන් ඇති කිරීම ස`දහා උත්සාහ කිරීමයි. මෙම දර්ශනවාදී හා ඔහුන් කටයුතු කරන සංවිධාන ම`ගින් ස්තී‍්‍ර අයිතිවාසිකම්ල ඡුන්ද අයිතියල කාන්තා අයිතිවාසිකම් උල්ලන්ඝනය කිරීම්, ස්තී‍්‍ර දුෂණ, ලිංගික හිංසන, ස්තී‍්‍ර හා පුරුෂ යන දෙපාර්ෂවයේම කායික ස්වාධීනත්වය හා අඛණ්ඩතාව ප‍්‍රවර්ධනය කිරීමටද කටයුතු කරයි.

තවද ගබ්සා කිරීම්, ස්තී‍්‍ර පුරුෂ සමාජ අසමානතාවයේ ස්වභාවයන් අවබෝධ කරගැනීම ස`දහා ස්තී‍්‍රවාදී ව්‍යාපාරවලින් ඉස්මතුවන අදහස් ස්තී‍්‍ර පුරුෂවාදී දර්ශනවාදය ම`ගින් නිරූපණයවේ. වසර ගණනාවක් පුරාවට ලොව පුරා විවිධ ස්තී‍්‍රවාදී ව්‍යාපාරයන් හා විවිධ මතවාදයන් වර්ධනය වී ඇති අතර ඒවා විවිධ අරමුණු හා දෘෂ්ටි කෝණයන් නියෝජනය කරයි. සමහර ස්තී‍්‍රවාදීන් මධ්‍යම පාන්තික අපේක්ෂාවන් විවේචනයට ලක්කරයි. මෙම විවේචනයන් ම`ගින් අයහපත් මත දරණ ස්තී‍්‍රවාදය ඇතු`ළුව, ජනවාර්ගීක විශේෂිත බහු සංස්කෘතික ස්වරූපයන් නිර්මාණය වෙයි.

වර්ෂ 1992 දී පිරිමි ළමුන්ගේ ලිංගික ඒකාකෘතීන් හා කුඩා ළමුන් පිළිබ`දව පරීක්ෂා කරන ලදී. එහදී මව්වරුන්ගේ යහපත් ප‍්‍රතික‍්‍රියා හා සමලිංගික හෝ විරුද්ධ ලිංගික සෙල්ලම් බඩු වලට දරුවන් ප‍්‍රතිචාර දැන්වූ ආකාරයත් හ`දුනාගත හැකිය.  වර්ෂ 1920 දී වර්ජීනියානු ජාතික වුල්ෆ් ස`දහන්කර ඇත්තේ ස්තී‍්‍රන්ගේ සාරධර්ම ලිංගිකත්ව අ`ගයන් අනුව වෙනස්වන බවය. තවද ස්තී‍්‍ර පුරුෂ සමාජභාවයෙහි ඒකාත්මක ස්වරූපයක් ඇති බවත් මේ ස`දහා මොළයේ ඇති සීමිත සංවේදක හා මතක පද්ධතීන් බලපානබව සොයාගෙන ඇත. තවද දරුවන්ගේ ගණිතමය හැකියාව අනුවද ස්තී‍්‍ර පුරුෂ ස්වරූපයන්ගේ බලපෑම හ`දුනාගත හැකිය. ලිංගික ඒකාකෘතිය පිළිබ`ද තවත් අධ්‍යයනයකදී දෙමව්පියන්ගේ ඒකාකෘතිකභාවය දරුවන්ගේ ලිංගිකත්වය ස`දහාද බලපාන බව සොයාගෙන ඇත. ස්තී‍්‍ර පුරුෂභාවය පිළිබ`දව විශ්ලේෂණය යනු සමාජ ආර්ථික විශ්ලේෂණයකී. වර්ෂ 1970 දී පමණ ස්තී‍්‍රවාදය පිළිබ`දව ප‍්‍රවේශය කරලියට පැමිණෙන ලදී. 

ස්තී‍්‍ර පුරුෂ සමාජ රාමුව ලෙස හ`දුන්වන ලද්දේ හාවඞ් ජාත්‍යන්තර සංවර්ධන ආයතනය විසිනි. වර්ෂ 1980 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලසුම් ඒකකයෙහි සේවය කරන කැරොලින් මොසර් විසින් ස්තී‍්‍ර පුරුෂ සන්වර්ධන ප‍්‍රවේශය හ`දුන්වා දෙන ලදී. මෙමගින් ස්තී‍්‍ර පුරුෂ අනන්‍යතාවය, ලිංගික අවශ්‍යතා තක්සේරු කිරීම, සම්පත් පාලනය හා බෙදාහැරීම, ගෘහ නිර්මාණ ශිල්පය පාලනය කිරීමල සමබර කිරීම ස`දහා සැලසුම් කිරීමල යන කරුණු ඇතුලත්වේ. සාරා හ්ලූපෙකිලි විසින් නිර්මාණය කරන ලද ස්තී‍්‍රන් බලගැන්වීම හා සමානාත්මතාවය ප‍්‍රායෝගිකව අර්ථකථනය කිරීම යන සංකල්පයද කාන්තා ඉලක්ක සංවර්ධන ව්‍යාපෘතිවලදී භාවිතා කරන ලදී.

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය යනු සමාජ ව්‍යුහයන් හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත කේන්ද්‍රගතවූ මනෝවිද්‍යාවකී. එය ස්තී‍්‍ර පුරුෂවාදී ගැට`ළුවලට බලපෑම් කරයි. ස්තී‍්‍ර අයිතිවාසිකම් කෙරෙහි ස්තී‍්‍ර මනෝවිද්‍යාව අවධාරණය කරයි.
බජරාඔි මස්ථානි චිත‍්‍රපඨය පිළිබ`ද හ`දුන්වාදීම

සිනමා කර්මාන්තය හා කාන්තාව

වර්ථමාන ච්ත‍්‍රපඨ කර්මාන්තය 70% ක් කාන්තාව පදනම් කරගෙන ඇතැයි කිව හැකිය. ස්තී‍්‍රවාදී ච්ත‍්‍රපඨ මූලික වශයෙන්ම පෙනී සිටින්නේ ස්තී‍්‍රවාදී දෘශ්ටිය පෙරදැරි කරගෙනය. 60 හා 70 දශකය පමණවනවිට ස්තී‍්‍රවාදී ච්ත‍්‍රපඨ න්‍යායාත්මකව වර්ධනය විය. දේශපාලන විවාද හා ලිංගික විමුක්තිය මෙන්ම 60 දශකයේදී රැුඩිකල්කරණය වූ කාන්තාවල රැුඩිකල්වාදයේ අසමත්කම ජනවාර්ගිකව නැගී එන කණ්ඩායම් සෑදීමටත්ල විවිධ දෘශ්ටිකෝණයන්ගෙන් කාන්තාවන්ගේ ප‍්‍රධාන සිනමා නිර්මාණයන් ම`ගින් කාන්තාවන් විශ්ලේෂණය කිරීමටත් සමත්විය. අත්ලාන්තික් සාගරය දෙපසින්ම ස්තී‍්‍රවාදය ව්‍යාප්තවන්නට විය. වර්ෂ 1972 දී ඇමරිකාවෙහි හා එන්ගලන්තයේදී පළමු ස්තීවාදී සිනමා උළෙල හා පළමු ස්තී‍්‍රවාදී ස`ගරාව වන කාන්තාව හා සිනමාව යන කෘතිය එලිදක්වන ලදී.

එඩින්බරෝ සිනමා උළෙලේදී ස්ත‍්‍රීවාදී ච්ත‍්‍රපඨයට ප‍්‍රබල බලපෑමක් ඇති වෙනත් අය විසින් දර්ශනවාදයේ හා මනෝවිශ්ලේෂණ ප‍්‍රවේශයන් ම`ගින් ස්ත‍්‍රීවාදී ච්ත‍්‍රපඨ විවේචනය හා බෙදාහැරීම ප‍්‍රබල විය. වර්ෂ 1930 හා 1950 ගණන් වලදී හොලිවුඩි ච්තා‍්‍රගාරවල සුපෝගබෝගී කර්මාන්ත තුළ කාන්තාවන්ගේ තත්ත්වය අඥාන විය. 

බජරාඔි මස්ථානි සිනමා කෘතියට පසුබිම්වූු කථා වස්ථුව

මෙම චිත‍්‍රපඨය ඉන්දියානු වීර ඉතිහාස කථා ගණයට අයත් පේ‍්‍රමණීය කථා පුවතකී. සංජේ ලීලා බන්සාලි  අධ්‍යක්ෂනයෙන් හා කිෂෝර් ලූලා නිෂ්පාදනයෙන් හා ආර් ප‍්‍රකාෂ් තිර රචනයෙනල් විනාඩි 158 ක් දිවෙන මෙම බජරා ඕ මස්ථානි ච්ත‍්‍රපඨය  2015 - දෙසැම්බර් - 18 වන දින නිකුත්කරන ලදී. මෙම ච්ත‍්‍රපඨයේ ප‍්‍රධාන ලෙස රංගනයෙන් දායක වන්නේ රන්වීර් සිංල දීපිකා පදුකෝන් හා ප‍්‍රියන්කා චොප්රාය. මෙම චිත‍්‍රපඨය ඉන්දියානු රුපියල් කෝටි 125 ක වියදමින් නිෂ්පාදනය කළ අතර මෙම චිත‍්‍රපඨයෙහි වාර්ථාගත ආධායම ඉන්දියානු රුපියල් කෝටි 358.2 කී.  ඉන්දියාව ඇතුළත චිත‍්‍රපඨ ශාලා 5000කට අදිකවත්ල අනෙකුත් රටවල් වල ච්ත‍්‍රපඨ ශාලා 850කට අදිකවත්ල මහජන චීන සමූහාණ්ඩුව තුළ චිත‍්‍රපඨ ශාලා 6000කට පමණ මෙම ච්ත‍්‍රපඨය ප‍්‍රදර්ශණය කරන ලදී.

රංවීර්සිං නැතහොත් බජරා ඕ රජුගේ පළමු බිරි`ද ලෙස ප‍්‍රියන්කා චොප්රාත්බ, ජරාඔි රජුගේ දෙවැනි බිරි`ද ලෙස  දීපිකා පදුකෝන් රංගනයෙහි යෙදේ. මෙම චිත‍්‍රපඨය විවේචකයින්ගේ හා විචාරකයින්ගේ නිබ`ද පැසසුමට ලක්විය. ඉන්දියාවේ විවිධ සම්මාන උළෙලවල්වලදී මෙම ච්ත‍්‍රපඨය සදහා සම්මාන රැසක්ම ලැබුණි. 63 වන ඉන්දියානු ජාතික  සිනමා සම්මාන උලළේදී මෙම ච්ත‍්‍රපඨය ස`දහා සම්මාන 7ක් ලැබුණි. 61 වන ෆිල්ම් ෆෙයා සම්මාන උලළේදී සම්මාන 14ක් ඇතු`ළුව හො`දම ච්ත‍්‍රපඨයට හිමි සම්මානයද හිමිකරගත්තේ මෙම චිත‍්‍රපඨයයි.

මෙම චිත‍්‍රපඨයෙහි කථා පුවත මෙසේ සාරාංශ කළ හැකිය. 18 වන සියවස පමණ වන විට මරථ දේශයේ රජුට තම උසාවියට අලූත් අ`ගමැති කෙනෙකු අවශ්‍ය වෙයි. මේ ස`දහා රාජ සභාවෙන් නම් දෙකක් යෝජනාවන අතර ඉන් එක් තැනැත්තෙකු වන්නේ බජරාඔි රජුය. මෙහිදී යෝජිත දෙපළගේ ශක්තිය හා බුද්ධි මට්ටම උර`ගාබැලීම ස`දහා විවිධ තර`ග පැවැත්වෙයි. මෙම තර`ග සියල්ලෙන්ම බජරාඔ රජ ජයග‍්‍රහණය කරයි. මෙහිදී බජරා ඕ රජුගේ බිරි`ද නිවසට වී සිටින අතර රජු නිවසට පැමිණෙන තෙක් ඇය තම එදිනෙදා කටයුතුවල නිරත වෙමින් සාමිප‍්‍රධායික ඉන්දියානු කුළ කාන්තාවකගේ චරිතය නිරූපණය කරයි. බජරාඔ රජු බ‍්‍රාහ්මණ ආගමිකයෙකී. මස්ථානි කුමරිය මුස්ලිම් ආගමික තැනැත්තියකී. බජරාවෝ රජු මුස්ලිම් ආගමික මස්ථානි කුමරිය සම`ග විවාහ වන්නේ රාජ්‍යයේ හා තම පළමු බිරි`ද ගේද විරුද්ධත්වය මධ්‍යයේය. මේ ඔස්සේ දිවෙන කථා පුවත ඇතුළත ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා පරතරය මෙන්ම මතගැටුම්ල මානසික පීඩනයන් හා ආගමිකල සංස්තෘතික වශයෙන් කාන්තාව හා පුරුෂයාට මුහුණ දීමට සිදුවන විවිධ ඇළ හැප්පීම් හා ඔහුන් කෝටී සංඛ්‍යාත පේක්ෂකයා වෙත ගෙන යාමේදී යොදාගෙන ඇති විවිධ උපක‍්‍රමයන් අතිවිශිෂ්ට වේ.

විශාල ප්‍රෙක්ෂක පිරිසක් වෙත යම්කිසි අදහසක් ගෙනයාමේදී විවිධ උපක‍්‍රමයන් යොදාගත හැකිය එහිදී ඉන්දියානු ප්‍රෙක්ෂකයාට මෙන්ම සමස්ථ ජාත්‍යන්තර පේ‍්‍රක්ෂාව ඇමතීමේදීි ඉන්දියානු ස්ත‍්‍රීවාදී අදහස් පමණක් නොව කාන්තාව සතු ශත්තියත් උද්ධීපණය කර ඇති ආකාරය අධ්‍යක්ෂක වරයාගේ හා අනෙකුත් අයගේ දක්ෂතාවය යැයි පැවසිය හැකිය. 

''බජරාවෝ මස්ථානි'' චිත‍්‍රපටයේ නිරූපිත ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනය

යම්කිසි නිර්මාණයක සාර්ථකත්වය ඇත්තේ කාන්තාවකගේ අඩ නිරුවත ප‍්‍රදර්ශණය කිරීමෙන් පමණක් යන්න කියමනක් ඇත. නමුත් මෙම චිත‍්‍ර පඨය එම මතයට විරුද්ධය යමින් කාන්තාවකගේ වීරත්වය හා ස්වාමීභක්තියත් පෙන්වන ආකාරයෙන් නිර්මාණයවී ඇත. එක් ලිංගයකට අයත් තැනැත්තෙකු තවත් ලිංගයකට අයත් තැනැත්තෙකු සම`ග කටයුතු කිරීමේදී හා කථාබහා කිරීමේදී ඔහුන් අතර විවිධ මානසික වශයෙන් මෙන්ම බාහිර වශයෙන්ද වෙනස්කම් හ`දුනාගත හැකිය. කැමරා කාච කාන්තාවකගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා ආවරණය කරන්නේ බොහෝවිට ලිංගික ආකාර්ශණය වෙළ`දපොළ තුළ මුදල කරගැනීම ස`දහාය. එම නිසා කාන්තාවක් කැමරාවේ ක්ෂණික අවධානය දිනාගැනීමට සමත් වෙනවා. එහි දී ඇගේ බාහිර පෙනුමල ඇ`දුම්ල ශරීර බර, තරබාරුකම,  හැසිරීම, ක‍්‍රියාකාරකම්, සමාජ තත්ත්වය, නිරූපණය යනාදිය විකිණෙන අතර මෙම චිත‍්‍රපඨය පුරාවටත් එම සාදක  දැකගන්න පු`ළුවන්.
බජරා ඕ රජුගේ පළමු බිරි`දගේ ඇසිරීම  හා කථා විලාශය බොහෝ දුරට 
  • ලාළනය
  • අඩවන් දෙනෙතින් යුතු
  • බිම දිගාවී සිටීම
  • පුටුවක හෝ ඇෙ`ද් වාඩිවී සිටින
  • ප‍්‍රසන්න සිනාවකින් මුව පුරවාගත්අ
  • වුල් සහගත
  • ස්වභාවික පරිසරයට හා සතා සිව්පාවනට ආදරය කරන
  • පිරිමියෙකුගෙන් යැපෙන
  • ලිංගිකත්වය හා ලිංගිකභාවය නිරූපණය කරන
  • නොසැලකිලිමත්ල්ල
  • සෙල්ලක්කාර
  • නිදහසින් තොර
  • පුරුෂයාට අවනත
  • ආගම දාමට නැඹුරු
  • ස්වයංව තීරණයක් ගත නොහැකි
  • සාම්ප‍්‍රධායික ඇ`දුමින් හා ආභරණයන්ගෙන් හැඩවුණ
  • මුරණ්ඩු පැවතුම් ඇති
  • පුරුෂාධිපත්‍යයට අවනත
  • සියුම් ගතිගුණ ඇති තැනැත්තියක් ලෙසත් නිරූපණය කර ඇත.
බජරා ඕ රජු දෙවනුවට විවාහ වන්නේ දෙමව්පියන්ගේ අකමැත්තෙන්ය, ඔහුගේ දෙවැනි බිරි`ද මුස්ලිම් ජාතික කාන්තාවකී. ඇගේ ගතිගුණත් බජරා ඕ රජුගේ පළමු බිරි`දගේ ගතිගුණත් බොහෝදුරට සමාන නමුත් ආගමික හා සමාජීය වශයෙන් ඔහුන් විවිධ වන නිසා ඔහුන් තුළත් විවිධත්වයක් දැතගත හැකිය. ඇගේ හැසිරීම් රටාව 

  • අරමුණට ල`ගාවීමට සමත්වි
  • යවුල්අ
  • දිෂ්ඨානශීලී
  • විටෙක පුරුෂයා ඉක්මවා යන
  • පුරුෂයාගේ හරි වැරැුද්ද පෙන්වාදෙන
  • විවෘත දෑස් ඇති
  • සාම්ප‍්‍රධායික ඇ`දුම් මෙන්ම තමාගේ ශරීර හැඩය පවත්නා ඇ`දුම් හා ආභරණ පළදින.
  • ශරීර පාලනය සහිත
  • අවදානමය මුහූණදීමට සූදානම්නො
  • සැලකිලිමත් නොවූ
  • ලිංගිකත්වය හා ලිංගිකබාවය නිරූපණය කරන
  • තනිවම ජීවත්විය හැකි
  • දක්ෂ
  • සටන්කාමී 
  • සරාගී
  • කලාකාමී තැනැත්තියක් ලෙසත් ඇයව නිරූපණය කර ඇත.
මෙම චිත‍්‍රපඨයේ නිරූපිත ප‍්‍රධාන පුරුෂ චරිතය වන්නේ බජරාවෝ රජුය. එකම චිත‍්‍රපඨය තුළ කාන්තාවන් දෙදෙනෙක් ආකාර දෙකකට නිරූපණය කර ඇතත් විචාරශීලී පේ‍්‍රක්ෂකයෙකුට මොහුන් අතර පවත්නා සියුම් වෙනස්කම් හො`දින් හ`දුනාගත හැකිය නමුත්  විශේෂයෙන් බජරාඔි රජු ඇතු`ළුව මෙම චිත‍්‍රපඨයේ සිටින අනෙකුත් පුරුෂ පාර්ෂවය නිරුපණය කර ඇත්තේ මෙසේය. 

  • අවධානමට බය නැති
  • එක් අඹුවකට වඩා අඹුවන් හැසුරු කළ හැකි
  • ස්ථාවර හා අවංක
  • අවට පරිසරය ගැන විපරමින් හා අවධානයෙන් සිටින
  • විවෘර්ත ඇස් ඇතිල වට පිට බලන
  • පරිපූර්ණ පුරුෂ සිරුරක් ඇති
  • ශරීර පාලනයක් සහිත
  • මුහූණෙන් අභිනය පෙන්වන
  • තම අතින් දේවල් ශක්තිමත්ව අල්ලා සිටින හෝ දරාගෙන  සිටින
  • නිර්භීත
  • කායිකව හි මානසිකව ක‍්‍රියාශීලී
  • දක්ෂ
  • සටන්කාමී
  • පරිසරයට ලැදි
  • බලපෑම්කාරීල ශක්ති සම්පන්න
  • පුරුෂ ලක්ෂණ සහිත
  • ස්වයංව සිතාමතා තීරණ ගත හැකි
  • යම් කිසි වැඩක් තනියම කළ හැකි නිදහසින් යුතු
යනුවෙන් නිරූපණය කර ඇත. වර්තමාන ලෝකය තුළත්  බෙහෝ කාන්තාවන් පුරුෂාධිපත්‍යයට ගරු කරයි. එවන් කාන්තාවන් ඉලක්ක කරගෙන බජරා ඕ රජුගේ පළමු බිරි`දත්ල නිර්භීත කම හා ආත්ම විශ්වාසයෙන් යුත් කාන්තා පිරිස ඉලක්ක කරගෙන බජරාඔි රජුගේ දෙවන බිරි`දත් නිරූපණය කර ඇති බව පෙනේ. බජරා ඕ රජුගේ මාර්ගයෙන් සමස්ථ පුරුෂ පාර්ෂවය නිරූපණය කර ඇති ආකාරයත් පුරුෂයෙකු සතු ශක්තිය මෙමගින් සමාජගත කිරීමට උත්සහා දරා ඇතිබවත් පෙනේ. ඒ බව මෙම චිත‍්‍රපඨය  මු`ළුමනින්ම නැරඔීම ම`ගින් හො`දින් වටහාගත හැකි අතර එම`ගින් නිරූපිත ස්ත‍්‍රී පුරුෂ භාවය පිළිබ`දව සමාජ පරස්පර විරෝධී අදහස්ද අවබෝධ කරගත හැකිය.

මෙම චිත‍්‍රපඨය පුරාවටම බජරාඔි රජුගේ පළමු බිරි`ද බජරා ඕ රජු කෙරෙහි දැඩි ස්වාමි භක්තියෙන් යුතුව නිරූපණය කර ඇත. බජරා ඕ රජු ඔහුගේ දෙවැනි විවාහයත් සම`ගම දෙවැනි බිරි`ද ළ`ග හැමවිටකම සිටීම නිසා ඔහුගේ දෙවැනි බිරි`ද සපත්්නිරෝෂය නම් මානසික පීඩනයෙන් තෙරපෙන ආකාරය මේත් සම`ග ඉතාමත් අපූරුවට අධ්‍යක්ෂණය කර ඇත. නමුත් කථාව අවසානයේදී ඇය ඇගේ ස්වාමියා කෙරෙහි ඇති භක්තිය නිසාවෙන් ඔහුගේ දෙවැනි බිරි`ද කෙරෙහි පවා කරුණාව දක්වන අතර ඇය එහිදී සාම්ප‍්‍රධායික ඉන්දියානු කාන්තාවකගේ චරිතය නිරූපණය කරයි.

තවද මෙම චිත‍්‍රපඨයෙහි අවස්ථාවන් දෙකකදී බජරාඔි රජු පළමු භාර්යාව සම`ග මෙන්ම දෙවැනි භාර්යාව සම`ගද අතිනත අල්ලමින්ල පෙම්බස් දොඩමින් සිටින ආකාරය හ`දුනාගත හැකිය. නමුත් පිරිමියාට පමණක් එසේ කාන්තාවන් දෙදෙනෙකු සම`ග විවාහවීම අතීතයේ පටන් පැවතුනක් බවත් කාන්තාවකට වර්තමානය තුළ වුවද එම අයිතිවාසිකම හෝ එසේ කිරීම ම`ගින් ඇය සමාජයෙහි අසරණභාවයට ඇ`ද දමන සාධකයක් ලෙසත් හ`දුනාගත හැකිය.

මස්ථානි කුමරිය පිරිමි දරුවකු ප‍්‍රසූත කරයි. එම අවස්ථාවේදී එතැන සිටින්නේ මස්ථානි කුමරිය හා බජරාඔි රජු පමණී. බජරාඔි රජු එම දරුවාට බ‍්‍රාහ්මණ ආගමික නමක් යෝජනා කරන අතර අලූත උපන් දරුවා අතට ගනිමින් ඔහු මස්ථානි කුමරියට පවසන්නේ මෙම දරුවා අනාගතයේදී රණ ශූරයෙකු විය යුතුය යන්නයි. ඒ අනුව  වර්තමානයේදී ඉපදීමේ පටන් නොව දරුවකු කුසේ දරාගෙන සිටි අවදියේම එම දරුවා ගැහැණු දරුවෙක් ද? පිරිමි දරුවෙක්ද? යන්න සොයා බලා එම දරුවාට අවශ්‍ය ඇ`දුම් පැළ`දුම් හා ආභරණ ගැහැණු දරුවෙකු නම් රෝස පාටින්දල පිරිමි දරුවෙකු නම් නිල් පාටින්ද මිළදී ගැනීමට දෙමව්පිය යුවළ පෙළ බෙයි. 

මෙම කථා පුවතේ හැටියට මස්ථානි කුමරියට ලැබුණේ පිරිමි දරුවෙකී. වැරදිලාවත් මෙම කථාව අනුව ඇයට දාව ගැහැණු දරුවකු ඉප`දුනා නම් ඇයව මරාදමන්නටද ඉඩ තිබුණි. අද ද ඉන්දියානු සමාජය තුළ ග‍්‍රමීය වශයෙන් ගැහැණු දරුවන් ඉපදුණානම් ඔහුන්ව මරා දමන ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මකවේ.සමාජය තුළ දෙවැනුවට විවාහ කර ගත් මස්ථානි නම් කුමරිය හැමවිටෙකම සමාජයේ අනෙකුත් කාන්තාවන්ගේ ගැරහුමට ලක්වන ආකාරයත් හ`දුනාගත හැකිය. නමුත් මෙම කාරණාවේදී බජරාවෝ රජුත් මස්ථානි කුමරියත් දෙදෙනාම දඩුවමට මෙන්ම අවළාදයට ලක්විය යුතුය නමුත් මෙහිදී අසරණ වන්නේ මස්ථානී කුමරිය පමණී. එහිදී බජරා ඕ රජුගේ පළමු බිරි`ද සෑම දෙනාගේම අනුකම්පාවට ලක්වන ආකාරත් නිරූපණය කර ඇත. මෙම ච්ත‍්‍රපඨය තවත් ච්ත‍්‍රපඨ සෑදීමේදී යොදාගනු ලබන මූලාශයක් ලෙසද තවත් අධ්‍යක්ෂකවරුන් විසින් භාවිතා කරයි. එසේ භාවිතා කිරීම ම`ගින් අනාගතයේදී නිෂපාදනය කිරීමට නියමිත චිත‍්‍රපඨ වලත් මෙම නිර්මාණයෙහි ඇති යම් යම් කරුණ ඇතුළත් විය හැකියි. එම නිසා අතීතයේ ස්ත‍්‍රීය හා පුරුෂයා වෙන් වෙන් වශයෙන් නිරූපණය කරන ලද ආකාරයත් වර්ථමානයේ නිරූපණය කරන ආකාරයත් බොහෝදුරට එකහා සමාන ලක්ෂණ වලින් සමන්විත වන ආකාරයත් හදුනාගත හැකිය. මේ අනුව විශේෂයෙන් ආසියානු සමාජය තුළ කාන්තාව නිරූපණය කළ ඇති ආකාරය චිත‍්‍රපඨ වල ආධායම් ලැබීමේ ප‍්‍රධානතම මාර්ගයක් ලෙසත් පැවසිය හැකිය. 

මෙම චිත‍්‍රපඨයේ  රංගනයෙහි යෙදෙන න`ළු නිළියන් ගැනද කථා කළ යුතුමය. පි‍්‍රයංකා චොප්රා හා දීපිකා පදුකෝන් යන දෙපළ හොළිහුඞ් සිනමාව තුළ ඉහළම ස්ථානයෙහි සිටින දෙදෙනෙකී. ඔහුන් දෙදෙනාගේ රංගනය ඉතාමත් ප‍්‍රබලය. ඔන්ගේ රූපය හා අ`ග පස`ග හොලිහුඩය තුළ සන්නාමයක් වී අවසන්ය. රංවීර් සිං ද ඊට නොදෙවෙනි පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත හොලිවුඩය තුළ කැපීපෙනෙන පුරුෂ සන්නාමයකී. ඔහුන්ගේ ආකර්ශනීය රංගනයෙන් හා අභිනයෙන් මෙන්ම ආර් ප‍්‍රකාෂ් නම් අතිදක්ශ තිරකථා රචකයාගේ මනෝවිද්‍යාත්මක තිරකථා රචනයෙන් සමන්විත මෙම චිත‍්‍රපඨයේ අලෙවි ප‍්‍රවර්ධන කාර්යය ම`ගින් ස්තී‍්‍ර පුරුෂත්වය මුදල් බවට පෙරලා වාර්ථාගත චිත‍්‍රපඨයක් බවට පත්කරන ලදී. බජරා ඕ රජු නිරූපණ කිරීමේදී ඔහු සියල්ල දත් ශිල්ප ශාස්ත‍්‍ර අතින් අ`ගතැන්පත් අයෙකු ලෙස මෙහිදී නිරූපණය කර ඇත. බලසම්පන්න පුරුෂ ශක්තියෙන් යුක්ත නිර්භීත තැනැත්තෙක් ලෙස  අර්ථ නිරූපණය කර ඇත.

 ඔහු අදින පළදින ඇ`දුම් මෙන්ම ආභරණත් ඉතාමත් පෞරාණික හා පෙෘඩත්වය ඉස්මතු කරන ආකාරයෙන් නිර්මාණයවී ඇත. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනය කළවිට අන්තර් ක්ෂේස්ත‍්‍ර අධ්‍යයනයක් ලෙස ස්තී‍්‍ර භායව හා පුරුෂභාවය ස්වයන්ව නැගී සිටින  ආකාරයල කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ හැසිරීමල සමාජය තුළ තනි තනිව කාන්තාව හා පුරුෂයා නිරූපණය වන ආකාරය ගැනත් මෙම ච්ත‍්‍රපඨය පුරාවටම අවධාරණය කර ඇත. අවසාන වශයෙන් ස්ත‍්‍රී පුැරෂ භාවය හා ඉන්දියානු ඉතිහාසය පමණක් නොව කාන්තා පාර්ශවයේ හා පුරුෂ පාර්ෂවයේ ඉතිහාසගත කථා පුවත්ල භාෂා භාවිතයල භූගෝලීය පසුබිම තුළ ඔහුන් හැසිරෙන ආකාරයල දේශපාලනික තීරණකෙරෙහි ඔහුන් දක්වන ලැදියාව හා අකමැත්තල සමාජ වටපිටාවල ස්තී‍්‍ර පුරුෂ මානව විද්‍යාව හා මනෝවිද්‍යාවල චර්යාව හා හැසිරීමල ලිංගික වශයෙන් අසරණ වන ආකාරයත් මෙම ච්ත‍්‍රපඨය පුරාවටම මනාව නිරූපණය කර ඇත්තේ පු`ළුල් ලෙස  ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනයකින් අනතුරුව යැයි කිව හැකිය.

නිගමන 

  • මෙම නිර්මාණය පුරාවටම කාන්තාව සාම්ප‍්‍රධායික ස්ත‍්‍රීයක් ලෙස  නිරූපණය කර ඇති බවත්ය
  • ගේ ඇ`දුම් පැළ`දුම් ආදියත් ඊට සරිලන ලෙස නිර්මාණය කර ඇති බවත්පු
  • රුෂයා නිරූපණය කිරීමේදී ඔහුගේ පුරුෂාර්ථ හා ශක්තිය ඉස්මතුවන ආකාරයටත්පු
  • රුෂයාගේ ස්වාමීත්වයට හා බල පරාක‍්‍රමයට අනුව කාන්තාව අවනත වන ආකාරයටත්ගෙ
  • දර දොර කටයුතු කාන්තාව විසින් කළයුතු බවත්පු
  • රුෂයා වීරත්වයේ සංකේතයක් ලෙසත්කා
  • කාන්තාව අසරණ හා පුරුෂයා මත්තෙහි යැපෙන්නියක් ලෙසත්
  • කාන්තාව ස්වයංව සිතාමතා තීරණයක් ගත නොහැකි තැනැත්තියක් ලෙසත්පු
  • පුරුෂයා ස්වයංව තීරණ ගතහැකි තැනැත්තෙකු ලෙසත්පු
  • පුරුෂයෙක් ලෙස ඉපදීම වීරත්වයේ සංකේතයක් බවත්කා
  • කාන්තාවක් එසේ නොවන බවත්එ
  • එක් පුරුෂයෙකුට එක් කාන්තාවකට වඩා වැඩි කාන්තාවන් හැසුරු කළ හැකි බවත්කා
  • කාන්තාවක් තම ස්වාමියාට පමණක් අවනත විය යුතු බවත්කු
  • කාන්තාවන් එක් පුරුෂයෙක් ගෙන් පමණක් සෑහීමට පත්විය යුතුබවත්ස්වා
  • පුරුෂයාගෙන් අභ්‍යන්තර වශයෙන් හා භාහිර වශයෙන් එල්ලවන සියලූ බලපෑම් කාන්තාව එක සිතින් විද දරාගත යුතු බවත්
  • ඇය විවාහයෙන් පසුව ස්වාමියාට අවනතව පති භක්තියෙන් යුතුව කටයුතු කළ යුතු බවත් මෙම චිත‍්‍රපඨය නැරඹීම ම`ගින් අවබෝධ කරගත හැකිය.
  • තවද වර්ථමාන ලෝකය තුළත් කාන්තා අයිතිවාසිකම් හා යුතුකම් පිළිබ`දව කථාබහා කිරීම ජාත්‍යන්තර කාන්තා දිනය සමරණ සතියට පමණක් සීමාවී ඇතැයි දල යුරෝපීය රටවල කාන්තාව හි ආසියානු රටවල කාන්තාව අතර පරස්පර විරෝධී ලෙස සමාජ භාවය තීරණය වන බවත්, ස්තී‍්‍ර දුෂණ හා අනෙකුත් අධිකරණ ආශි‍්‍රථ ගැටලූ වලදී ස්තී‍්‍රය ආරක්ෂා කිරීම ස`දහා විවිධ නීති අණපණත් පැවතියත් ඒවා කෙතෙක් දුරට ක‍්‍රියාත්මකවේද යන්නත්ල පිරිමි ළමුන්ගේද පුරුෂභාවය ආරක්ෂා කිරීම ස`දහා පවතින අන පණත් නිසි ලෙස ක‍්‍රියාත්මකවේද යන්න ගැට`ළු සහ`ගත බවත් නිගමනය කළ හැකිය.
  • වර්තමාණය වන විට පුරුෂයෙක් කාන්තාවක් ලෙසත්ල කාන්තාවක් පුරුෂයෙක් ලෙසත් තම අනන්‍යතාවය තමාට අවශ්‍ය පරිදි ඇ`දුමින් පමණක් නොව සැත්කමක් කිරීම ම`ගින් තම ලිංගේන්ද්‍රය පවා වෙනස් කර ගනිමින් සම ලිංගික හා ද්වී ලිංගික විවාහ කරගත හැකි වර්ථමාන සමාජයක අප ජීවත්වන බවත් එවැනි ස්ත‍්‍රී පුරුෂ භාවයන් කෙතෙක් දුරට තම සංස්කෘතිය සභ්‍යත්වයට ගැලපේද යන බවත් තමා විසින් ස්වයං තීරණයකට ලක් කළ යුතුබවත් අවසාන වශයෙන් නිගමනය කළ හැකිය 
ආශි‍්‍රථ ග‍්‍රන්ථ

EMadsen, S. R. (2010 ). The Experiences of UAE Women Leaders in Developing Leadership Early in Life. project muse , https://muse.jhu.edu/article/408751/summary.

MN(Hons), D. J. (19 July 2004). Giving voice to the burden of blame: A feminist study of mothers’ experiences of mother blaming. International journal of nursing practice, http://onlinelibrary.wiley.com/doi/10.1111/j.1440-172X.2004.00474.x/full.

O'Connor, J. S. (Sep., 1993),Gender,Class and Citizenship in the Comparative Analysis of Welfare State Regimes: Theoretical and Methodological Issues. jstor (The British Journal of Sociology) , http://www.jstor.org/stable/591814?seq=1#page_scan_tab_contents.

McCahill, M. (2015.Des.23).Bajirao Mastani review – lusty yet progressive historical love triangle.Theguardian,https://www.theguardian.com/film/2015/dec/23/bajirao-mastani-review-historical-love-triangle-deepika-padukone-ranveer-singh-priyanka-chopra.

Murmu, N. K. (2016). What are the main difference between man and woman psychology? Quora , https://www.quora.com/What-are-the-main-difference-between-man-and-woman-psychology.

Parlee, M. B. (1979). Psychology and Women. The university of chicago press journal, http://www.journals.uchicago.edu/doi/abs/10.1086/493688?journalCode=signs.

Ph.D., G. B. (2014. sep.21). Ten Differences Between (Most) Men and Women. psychology today. , https://www.psychologytoday.com.

Singh, S. (December 18, 2015 ). Bajirao Mastani movie review: Ranveer Singh and Priyanka Chopra are the stars in Bhansali's latest ill-fated romance. India today, http://indiatoday.intoday.in/story/bajirao-mastani-movie-review-ranveer-singh-and-priyanka-chopra-are-the-stars-in-bhansalis-latest-ill-fated-romance/1/550305.html.


Warren, H. (02 Jul 2007). Using gender-analysis frameworks: theoretical and practical reflections. Oxfam ,http://policy-practice.oxfam.org.uk/publications/using-gender-analysis-frameworks-theoretical-and-practical-reflections-131639.

weerasooriya, n. (2015-07-23). Are women adequately represented in Sri Lanka’s political space? daily mirro,http://www.dailymirror.lk/80729/are-women-adequately-represented-in-sri-lanka-s-political-space.

(n.d.). http://www.wercsl.org.

(n.d.). http://cenwor.lk.

(n.d.). http://womenstudies.co/2016/.

Angelay.Davis. (February 15, 2017). Gender studies . UCLA Social science diviction, http://www.genderstudies.ucla.edu.

Bhansali, S. L. (2015). Bajirao Mastani. yidio , https://www.yidio.com/movie/bajirao-mastani/56730?utm_source=Google&utm_medium=Search&t_source=70&gclid=CjwKCAjwtdbLBRALEiwAm8pA5UFQmkGWtVW9WQ37vur78m7xPDw7E7srKNFG3cPu4QOnS5C2oPGtiRoCoJUQAvD_BwE.

L.jantz, G. (2014.feb.24). Brain Differences Between Genders. psychology today , https://www.psychologytoday.com/blog/hope-relationships/201402/brain-differences-between-genders.

McCahill, M. (2015.Des.23). Bajirao Mastani review – lusty yet progressive historical love triangle. Theguardian , https://www.theguardian.com/film/2015/dec/23/bajirao-mastani-review-historical-love-triangle-deepika-padukone-ranveer-singh-priyanka-chopra.

Murmu, N. K. (2016). What are the main difference between man and woman psychology? Quora , https://www.quora.com/What-are-the-main-difference-between-man-and-woman-psychology.

Parlee, M. B. (1979). Psychology and Women. The university of chicago press journal , http://www.journals.uchicago.edu/doi/abs/10.1086/493688?journalCode=signs.

Ph.D., G. B. (2014. sep.21). Ten Differences Between (Most) Men and Women. psychology today. , https://www.psychologytoday.com.

singh, S. (December 18, 2015 ). Bajirao Mastani movie review: Ranveer Singh and Priyanka Chopra are the stars in Bhansali's latest ill-fated romance. India today , http://indiatoday.intoday.in/story/bajirao-mastani-movie-review-ranveer-singh-and-priyanka-chopra-are-the-stars-in-bhansalis-latest-ill-fated-romance/1/550305.html.

Strimpel, Z. (Monday 19 November 2012). Why do so few men take gender studies courses? Women the womens blog , https://www.theguardian.com/lifeandstyle/the-women's-blog-with-jane-martin son/2012/nov/19/so-few-men-gender-studies.

Warren, H. (02 Jul 2007). Using gender-analysis frameworks: theoretical and practical reflections. Oxfam , http://policy-practice.oxfam.org.uk/publications/using-gender-analysis-frameworks-theoretical-and-practical-reflections-131639.

weerasooriya, n. (2015-07-23). Are women adequately represented in Sri Lanka’s political space? daily mirro,http://www.dailymirror.lk/80729/are-women-adequately-represented-in-sri-lanka-s-political-space.


No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...