Tuesday, May 23, 2017

New words in urban Sinhalese language.



භාෂා විවිධතා සහා භාෂාවට එක්වූ අලුත් වචන පිළිබද අධ්‍යයනය


බස්නාහිර පළාතෙහි පිහිටී කොළඹ දිස්ත්‍රික්කය නාගරික න`ගරයකී. වෙළදාම , ආර්ථීකය, අධ්‍යාපනය ආදී හැම අතින්ම නාගරීකරණයට භාජනයවූ මෙම න`ගරය ජනපි්‍රය සංස්කෘතිකාංග වලින් පෝෂණය වී ඇත. කොළඹ දිස්ත්‍රික්කය තුල
  • සිංහල
  • දෙමළ
  • මුස්ලිම්
  • රස්තියානී
යන ප්‍රධාන ජාතීන්ට අමතරව 
  • හින්දි
  • මැලේ
  • කේරලා
  • චීන 
  • ජපන්
  • රුසියානු
  • කොරියන් ජාතිකයින්
  • ඉන්දියානුවන්බි්‍
  • රතාන්‍ය ජාතිකයින්යු
  • රෝපියන් ජතිකයින්ද ඇතුළුව 
විවිධ ජාතිකයින් ස්ථීරව හා තාවකාලිකව පදිංච්වී ඇත. ඒ අතරිනුත්  ඔහුන්ගේ
කාලගුණික, දේශගුණික, ආගමික, ආර්ථීක, අධ්‍යාපනික, මට්ටම් විවිධාකාර වන අතර ඔහුන්ගේ සමාජානුයෝජන  ක්‍රියාවලිය සිදුවන්නේ ද ඊට සමගාමීවය.

මෙසේ විවිධ ආගමිකයින්, ජාතිකයින් හා විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණයවූ පළාතක් ලෙස බස්නාහිර පළාත හදුන්වා`දිය හැකිය. බස්නාහිර පළාතෙහි පිහිටි කොළඹ දිස්ත්‍රික්කයට හිමිවනුයේ සුවිශේෂ ස්ථානයකී. කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගනණ 20 කී. ඒ අතරින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හිමිවනුයේ ප්‍රමුඛ ස්ථානයකී. 

තිඹිරිගස්යාය  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමසේවා වසම් ගනණ 13කී.
ඉහත ග්‍රාමසේවා වසම් 13 අතරින් භාෂාවේ ව්ව්ධතා පිළිබද පර්යේෂණය  සදහා අධ්‍යයන සීමාව ලෙස ග්‍රාමසේවා වසම් දෙක  පමණක් දැක්විය හැක.ඉහත සදහන් ග්‍රාමසේවා වසම් 2ට පමණක් විශේෂිතව, එම වසම තුළ මින්සුන් එදිනෙදා කථාබහා කරනු ලබන භාෂාවෙහි විවිධතා සහා ඔහුන්ගේ භාෂාවට එක්වූ අලුත් වචන  පිළිබද අධ්‍යයනය මෙම පර්යේෂණාත්මක නිබන්ධයෙහි අරමුණයි

එම ග්‍රාමසේවා වසම්  2 තුල ජීවත්වන මිනිසුන් එදිනෙදා කථාබහා කරනු ලබන භාෂාවෙහි විවිධතා සහා ඔහුන්ගේ භාෂාවට එක්වූ අලුත් වචන  පිළිබද අධ්‍යයනය  කිරීම සදහා, මා විසින් තෝරාගන්නා ලද පර්යේෂණ ක්‍රමවේදය වනුයේ ක්ෂේත්‍ර අධ්‍යයනය සහා ක්ෂේත්‍රය තුලට ගොස් එහි වාසය කරන විවිධ වයස් මටිටම් වල පුද්ගලයින් සම්මුඛ සාකඡ්චා වට භාජනයකොට, එදිනෙදා සමාජ අවස්ථාවලදී ඔහුන් භාවිතා කරනු ලබන භාෂාවේ විවිධතා පිළිබද තොරතුරු ලබා ගැනීමය.එහි දී මා විසින් එම වසම් 2 ට ව්ශේෂිතව ඔහුන්ගේ

උපත හා සම්බන්ධ
මංගල අවස්ථා  සම්බන්ධ
මරණය සම්බන්ධ
ආගම  සම්බන්ධ
වෙළ`දාම සහා රැකියාව සම්බන්ධ
ආහාර සම්බන්ධ
අධ්‍යාපනය සම්බන්ධ
තරුණ පිිරිස අතර බහුලව භාවිතාවන
අවධානාර්ථය සහා ශාපකිරීම සම`ග සම්බන්ධිත
පාතාල ලෝකය යැයි හදුන්වන පිරිස අතර බහුලව බාවිතාවන

භාෂා විවිධතාවයන් සහා ඔහුන්ගේ භාෂාවට එක්වූ අලුත් වචන  පිළිබදව අධ්‍යයනය කෙරුවෙමි. එහිදී යන වසම් 2ට අදාලව භාෂා විවිධතාවයන් සහා ඔහුන්ගේ භාෂාවට එක්වූ අලුත් වචන  පිළිබ`දව ලබාගන්නා ලද තොරතුරු සහා දත්තයන් පහත විස්තරාත්මකව දැක්වෙි.
ග්‍රාමසේවා වසමට ව්ශේෂිතව භාෂා විවිධතාවයන් සහා ඔහුන්ගේ භාෂාවට එක්වූ අලුත් වචන  පිළිබදව ලබාගන්නා ලද තොරතුරු සහා දත්තයන් වර්ගීකරන පිළිවෙල

 උපත හා සම්බන්ධ වචන

 මංගල අවස්ථා හා සම්බන්ධ වචන

 මරණය හා සම්බන්ධ  වචන

 ආගම හා සම්බන්ධ වචන

 වෙළදාම සහා රැකියාව  සම්බන්ධ වචන

 ආහාර හා සම්බන්ධ වචන

 අධ්‍යාපනය හා සම්බන්ධ වචන

 තරුණ පිිරිස අතර බහුලව භාවිතාවන වචන

 අවධානාර්ත හා ශාප කිරීම සම`ග සම්බන්ධිත

 පාතාළ ලෝකය යැයි හදුන්වන පිරිස අතර බහුලව භාවිතාවන වචන

ග්‍රාමසේවා වසමට ව්ශේෂිතව භාෂා විවිධතාවයන් සහා ඔහුන්ගේ භාෂාවට එක්වූ අලුත් වචන  පිළිබදව ලබාගන්නා ලද තොරතුරු සහා දත්තයන්

උපත හා සම්බන්ධ වචන

 දරුවා ඉපදුනා / දරුවා බිහිවුනා / දරුවා හම්බඋනා/ දරුවා ලැබුණා - අලූතින් දරුවකු උපන් විට මෙම වචනය භාවිතා කරයි

ආරේ - පරම්පරාව හැදින්වීම සදහා දරුවෙකු බිහිවූ පසු ආරේ යැයි කිියයි.
දරුවෙකු ඉතාමත් දරුණු ලෙස ද`ග කරයි නම් —ආරේ හැටිනේ˜ යැයි දරුවාට බැන වැදීම සදහා මෙම යෙදුම භාවිතා කරයි

 පුරුක / ආරේ - පරම්පරාව රැකීම සදහා දරුවෙකු බිහිවූ පසු එම දරුවා හැදින්වීම සදහා -  —අපේ ඊළ`ග පුරුක˜ යැයි බොහෝවට අමතන අතර, පිරිමි දරුවකුගේ ඉපදිමෙන් පසු බහුල ලෙස මෙම වචනය භාවීතා කරයි

බඩින් / බඩදරු අම්මා කෙනෙක් / බඛෙක් හම්බවෙන්න ඉන්නවා / ගැබිබර වෙලා - 
දරුවෙකු ප්‍රසූත කිරීමට ආසන්නව සිටින කාන්තාවන් ඇමතීම සදහා යොදන යෙදුමකී

දොළදුක -  දරුවකු ලැබීමට සිටින කාන්තාවකට විවිධ ආශාවන් හටගන,ී එම ආශාවන් හැදින්වීම සදහා  දොළදුක යන වචනය භවතා කරයි

 ච්ත්තේ / රෝස පාට - ගැහැණු දරු උපතකදී කාන්තාවක් බව සංකේතවත් කිරීම සදහා මෙම යෙදුම භාව්තා කරයි

කොට කලිසම / නිල් පාට - පිරිමි දරු උපතකදී පුරුෂ  බව සංකේතවත් කිරීම සදහා මෙම යෙදුම භාව්තා කරයි

නෝමල් -  සාමාන්‍යයෙන්, ශල්‍යකර්මයක් නොකොට, ස්වභාවක ලෙස දරු උපතක් සිදුවූයේ නම් —දරුවා නෝමල්˜ යැයි කියයි

 සිසේරියන් කළා - ශල්‍ය කර්මයට භාජනය කොට දරුවා ලබාගන්නා වට —සිසේරියන් ඛෙබි කෙනෙක්˜ යැයි කියනු ලැෙබි

මංගල අවස්ථා හා සම්බන්ධ වචන

 හෙ`ද් යනවා - විවාහ උත්සවයෙන් පසු දෙවැනි ගමන යන යුවලට උපහාස කිරීම/විහිළු කිරීම සදහා මෙම යෙ`දුම භාවිතා කරයි

 වෙඩින් කේක්  - විවාහ වූ පසු නව යුවලට සහා ඔහුන්ගේ නෑ හිත මිතුරන්ට විවාහයේ සතුට සැමරීම සදහා අතීතයේ පැණි රස ලබාදෙන ලදී. කල් ගත වීමත් සමග පැණි රස ලබාදීමේ ක්‍රමය විකාශණය වී යුරෝපානු ක්‍රමයට  අනුව වියළි මිදි සහා වයින් යොදාගෙන සාදාගන්නා ලද කේක් වර්ග විශේෂයක් නෑ හිත මිතුරන්ට ලබාදෙයි. එම පැණි රස විශේෂය හැදින්වීම සදහා —වෙඩින් කේක් ඛෙදනවා˜ යන්න ව්‍යවහාර වේ

 අශ්ටක කියනවා / ජයමංගල ගාථා කියනවා  - අලූත විවාහ වූ යුවලට ආශිර්වාද පතා ගයන පැදි විශේෂයකකී. (බෞද්ධ පිරිස අතර බහුලව භාවිතා වේ

 ස්ත්‍රෝත්ර  කියනවා - අලූත විවාහ වූ යුවලට ආශිර්වාද පතා  සහා ඔහුන්ගේ බැදීම ශක්තිමත් කිරීම සදහා ගයන පැදි විශේෂයකකී. (කතෝලික ආගමික දේවස්ථාන වල පවත්වනු ලබන විවාහ උත්සව වලදී බහුලව භාවිතා කරයි

සින්නක්කර ගන්නවා / කැන්දගෙන එනවා -  විවාහයෙන් පසු මනාලයා විසිනන් මනාලිය තම නිවසට කැන්දාගෙන ඒම

 ම`ගුල් ගෙදර /වෙඩිම/ පාටි ගෙදර -  විවාහ උත්සවයක් පවත්වන නිවසක් හැදින්වීමට සහා කිනම් හෝ ආකාරයෙන් සුභ කටයුත්තක්  සිදුකෙරෙන නිවෙසක් හැදින්වීම සදහා මෙම වදන යොදාගනී

 ම`ගුල් මුද්ද - විවාහ උත්සවයේ දී  මනාලයා විසින් මනාලියට ද මනාලිය විසින් මනාලයාට ද පළදනු ලබන ආභරණය හැදින්වීම සදහා මෙම නම යෙදේ

කර මාලේ - මනාලයා විසින් මනාලියට පළදනු ලබන මාලය හැදින්වීම සදහා මෙම නම යෙදේ

කට්ටිය සෙට්වෙනවා /ජෝගියක් දානවා /ජොලියක් ගන්නවා /ෆන් එකක් ගන්නවා/ - විවාහ උත්සවයේ දී  සතුට සැමරීම සදහා පිරිස එකට එකතුවීම,එකට එකතුවී මත් පැන් පානය කිරීම හෝ නර්තනයෙහි යෙදීම හැදින්වීම සදහා මෙම යෙදුම් යෙදේ

මරණය හා සම්බන්ධ වචන

 හිලව් ගෙදර / මළ ගෙදර/ මිනී ගෙදර-  මියගිය පුද්ගලයෙකු ගේ දේහය තැන්පත්කර ඇති නිවස හැ`දින්වීම සදහා යොදන යෙදුමකී

 දාන ගෙදර /3 මාසේ දානේ / මාස 7 දානේ /අවුරුද්දේ දානේ  -  පුද්ගලයෙකු මිය යෑමෙන් පසුව එම පුද්ගලයාගේ හිතවතුන් විසින් පන්සලකට ගොස් ආහාර පිළියෙල කිරීමහෝ, නිවසේ ආහාර පිළියෙල කොට මිය ගිය තැනැත්තා සිහිපත් කොට දන්දීමේ ක්‍රියාවලිය හැදින්වීම සදහා මෙම යෙදුම් බෞද්ද ආගමික පිරිස අතර බහුලව භාවිතා කරයි

මළ බත - මිය ගිය තැනැත්තා භුමිදානය කිරීමෙන් පසුව, මිනිය වළදා නිවසට පැමිනෙණ නෑ පිරිසගේ ආහාරය සදහා මිය`ගිය තැනැත්තා සිහිපත් කොට පිසින ලද බත

කනත්ත / සුසාන භුමිය - මිය ගිය තැනැත්තන් දමන ස්ථානය, ශරීරයෙන් හුස්ම පිටවීමෙන් පසු මිනිස් කද පොළව යට තැන්පත් කරන, හෝ පුළුස්සා දමන ස්ථානය

මළ ක`ද/ මිනිය - ශරීරයෙන් හුස්ම ඉවත්වූ පුද්ගලයින්ගේ සිරුර හැදින්වීමට මෙන්ම, කිසිවක් කථා නොකර නිකරුනේ කාලය ගතකරන පුද්ගලයින්ට බැන වැදීම සදහා —මළ ක`ද˜ යන නම යෙදේ

සුදු කොඩි පේන කාලේ -  පුද්ගලයෙකු දැඩි ලෙස රෝගාතුර වූ විට, වයසට ගියවිට හෝ මරණාසන්න වූ විට මෙම යෙදුම භාවිතා කරයි

පාංසකූලේ දෙනවා -  මියගිය පුද්ගලයින් සිහිපත් කර පැන් වැඩීම හා මතක වස්ත්‍රයක් දීම

බණ කියනවා / පිරිත් කියනවා - මියගිය පුද්ගලයින්ට පින් අනුමෝදන් කිරීම

පින් අනුමෝදන් කිරීම - මියගිය පුද්ගලයින්  නැවත යහපත් ආත්මයක උපත ලැබීමට ප්‍රාර්ථනා කරමින් ගාථා සඡ්ඡායනා කිරීම

මිනිය වල දානවා/භූමිදානය කරනවා/  මිනිය උස්සනවා/ අවසන් කටයුතු කරනවා/ අවසාන ගමන යනවා/ නෙඑන ගමන යනවා/ සෙත්ත පෝච්ච්  - පුද්ගලයෙකගේ= මිය යෑම සංකේථවත් කිරීම සහා මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර තමා එතෙක් ජීවත් වූ නිවසින් පිටතට ගෙන යෑම හෝ සුසාන භූමියට ගෙන යෑම හැදින්වීට  යොදන යෙදුමකී

 වැන්දබුව -  විවාහ වු කාන්තාවකගේ ස්වාමි පුරුෂයා මිය යැමෙන් අනතුරුව ඇයට වැන්දබුව යැයි අමතයි. (ස්වාමියා මියගිය කාන්තාවන් හැදින්වීම සදහා යොදන යෙදුමකී

ආගම හා සම්බන්ධ වචන

 පූසාරියා -  හින්දු ආගමට අයත් පූජකවරයින් ඇමතීම සදහා මෙම යෙදුම භාවිතා කරයි

හාමුදුරුවෝ / භික්ෂුව - බෞද්ධ ආගමික ස්වාමීන් වහන්සේලා හැ`දින්වීම සදහා මෙම යෙදුම භාවිතා කරයි

හාමා / ලොක්කා -   බෞද්ධ ආගමික පන්සල්වල ප්‍රධාන ස්වාමීන් වහන්සේලා උපහාසාත්මක ලෙස හැදින්වීම දායකයින් විසින්  මෙම යෙදුම යෙදේ

 සාමණේර හිමි - උපසම්පදා නොවූ /වයස අවුරුදු 20 ට අඩු භික්ෂුන් හැදින්වීම සදහා මෙම නම යෙදේ

හීල් දානය -  ස්වාමීන් වහන්සේලා උදෙසා පිළියෙල කරන ලද උදේ ආහාරය හැදින්වීම සදහා මෙම නම යෙදේ

දවල් දානය -  ස්වාමීන් වහන්සේලා උදෙසා පිළියෙල කරන ලද දවල් ආහාරය හැදින්වීම සදහා මෙම නම යෙදේ

 කඨිනය - බෞද්ධ ආගමික පන්සල්වල  වස් කාලය නිමිති  කරගෙන සිදුකරන ලද චීවර පූජාවන් ආශ්‍රිත වත් පිළිවෙත් විශේෂය

දවල් පෙරහැර - බුරුම  පන්සල්වල කඨින පූජා පෙරහැර පවත්වනු ලබන්නේ දහවලටය, බුරුම  පන්සල්වල කඨින පූජා පෙරහැර හැදින්වීම සදහා දහවල් පෙරහැර යැයි හදුන්වනු ලැබේ

 හම්බයා / එළු රැවුලා/ රැවුල් කාරයා  - මුස්ලිම් ජාතික පිරිමි පුද්ගලයින් හැදින්වීම සදහා මෙම නම යෙදේ

මංතරේ - තමාට හෝ තවත් අයෙකුට යහපතක් හෝ අයහපතක් සිදුකිරීම සදහා කටින් කියනු ලබන යහපත් හෝ අයහපත් වචන./ යම්කිසි පිරිමි තැනැත්තෙක් කාන්තාවකගේ කීම දැඩි ලෙස විශ්වාස කරමින් ඒ අනුව කටයුතු කරයි නම් එම කාන්තාවට (—මංතරේ දැම්මා මංතරකාරී˜) යන යෙදුමින් උපහාසාත්මක ලෙස අමතනු ලබයි

වෙළ`දාම හා රැකියාව  සම්බන්ධ වචන

 ලාභෙට ගෝවා  - වෙළදපොළ තුළ යම්කිසි දෙයක් අඩු මිළට විකිණීමේ දී මෙම යෙදුම භාවිතා කරයි

 අපේ අක්කා වට්ටක්කා - වට්ටක්කා නම් එළවළු වර්ගය විකිණීම සදහා මෙම යෙදුම යොදා ගනිමින් වෙළෙදුන් විසින් —අපේ අක්කා වට්ටක්කා˜ යැයි කෑගසමින් වට්ටක්කා විකුනණු ලබයි

පෝර බෑග් එක / එළවළු කූඩේ  - එළවළු වර්ග හසුරවනු ලබන බෑගය හෝ හසුරනය හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

බාර් එක/ තබෑරුම/ තිප්පොළ - මත් පැන්/ මත් වතුර පානය කරන පුද්ගලයින් ගැවසෙන ස්ථානය , මත් වතුර විකුනණ ස්ථාන හැදින්වීම සදහා මෙම යෙදුම යොදයි

වෙ`ද නළාව  - වෛද්‍යවරුන් රෝගීන්ගේ හර්ධ ස්පන්ධනය හදුනා ගැනීමට  භාවිතා කරන ලද උපකරණ.ය

නළාව  - වාහන තදබදයක දී වාහන තදබදය අඩු කර වාහන ඉදිරියට යෑම සදහා නාද කරනු ලබන උපකරණය

ජරාව / පගාව  - යම් කිසි පුද්ගලයෙක් තම රැකියාවට ලැඛෙන වැටුපට අමතරව තවත් අයෙකුට කරන ලද උපකාරයක් උදෙසා යම් කිසිදෙයක්/ මුදලක්/ ස්ත්‍රීයක් , අපේක්ෂා කිරීම හෝ ලබා ගැනීම

කළු කෝට් කාරයා / වවුලා / කපුටා - උසාවියේ සේවය කරන ලද විනිසුරුවරයා හෝ නීතිපති තුමා හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

අයිස් ගහනවා - තමාට පවරන ලද රාජකාරීය ඉටු නොකර නිකරුනේ කාලය ගතකරන පුද්ගලයින් හැ`දින්වීම සදහා මෙම යෙදුම යෙදේ

බෝලේ පාස්කරනවා - තමාට පවරන ලද රාජකාරීය ඉටු නොකර, එය තවත් අයෙකුට පැවරීම

ආහාර හා  සම්බන්ධ වචන

 කරිය / ආනම් /  හොද්ද - එළවළු කිහිපයක් යෙදාගෙන සාදන ලද හො`දි ව්ශේෂය හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ. ( පුද්ගලයෙකු  තමා බලාපොරෙත්තු නොවූ කරදරයකට වැටුනු වි මෙම යෙදුම යෙදේ —මාර හොද්දක්නේ වැටුනේ

 සලාෙ`ද්  -  සලාද නම් කොළ විශේෂයක් සහා විවිධ එළවළු, පළතුරු ආදිය යොදා ගනිමින් සාදන ලද අතුරුපස විශේසයකී /යම් කිසි පුද්ගලයෙක් එකිනෙකට විවිධ කාර්යන් කිරීමට ගොස් එක් වැඩක් හෝ හරි හැටි සිදු නොකාරීම නිසා —වැඩේ සලාද උනා˜ යෙදුම භාවිතා කරයි

පරිප්පුව - යම් කිසි කාර්යක් කිරීමට ගොස් එම කාර්ය එම පුද්ගලයාට එපාවීම හෝ එම පුද්ගලයා එම කාර්ය කරදරයක් ලෙස සිතීම. (''මාර පරිප්පුවක් නේ වැටුනේ/මාර පරිප්පුවක් කෑවේ

බැට් කරනවා / ගේම දුන්නා / දීලා ඇද්දා / කොර වෙන්න දුන්නා /බඩ පැලෙන්න දුන්නා/ සවල ගැහුවා / රජ කෑමක් කෑවා / ටොමිය ෆුල් - යම් කිසි පුද්ගලයෙක් ම`ගුල් ගෙවල් වලට ගොස් හෝ තමා ඉතාමත් ගිඡු ලෙස ආහාර ගැනීම හෝ එදිනෙදා ගන්නා ආහාර ප්‍රමාණයට වඩා ඉතා අදිකව ආහාර ගැනීම හෝ තවත් පුද්ගලයෙකුට තමා අදිකව ආහාර ගත් බව කියාපෑම සදහා මෙම යෙදුම යොදයි

චීස් කොත්තු / කොත්තු /ඩොල් පින් / පීසා / බර්ගර් /පරාටා / මජුබුෂ් - පිටි වර්ග යොදා ගනිමින් සාදනු ලබන ආහාර විශේෂයකී. තරුණ පිරිස බහුලව ආහාරයට ගනී. තරුණ පිරිස විසින් තම  සමාජ මට්ටම උසස් ලෙස පෙන්වීම සදහා මෙම ආහාර වර්ග වළ නම් ඉංග්‍රිසි වචන සම`ග මුසුකොට බහුලව භාවිතා කරයි

පොංගල් / මුරුතැන් බත - හිරු දෙවියන් උදෙසා රතු සහල් , මුං ඇට, හකුරු, පොල් කිරි, කඡු, වියලි මිදි යෙදා සාදන ලද  කාරිබත් විශේෂයකී

අධ්‍යාපනය හා සම්බන්ධ වචන

 පාසල /ඉස්කෝලේ  - අධ්‍යාපනය ලබාදෙන ස්ථානය

පිනා - උපහාසාත්මක ලෙස විදුහල්පති තුමාව හැදින්වීම සදහා  සිසුන් විසින් මෙම නම යෙදේ

පීරියඩ් එක -පාසලක විෂයක් ඉගැන්වීම සදහා ගතවන කාලය/ විෂය කාල පරිච්ඡේදය හැදින්වීමට මෙම යෙදුම යොදනු ලබයි

සා . පේ -  අධ්‍යයන පොදු සහතික ප්‍රත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හැදින්වීමේ පහසුව තකා මෙම නම යෙදේ

උ . පේ - අධ්‍යයන පොදු සහතික ප්‍රත්‍ර උසස් පෙළ විභාගය හැදින්වීමේ පහසුව තකා මෙම නම යෙදේ

 ටියුට් එක / හෑන්ඩ් අවුට් එක / ටොයියා ටියුට් එක - අධ්‍යයන පහසුව තකා අමතර පන්තිවල ගුරුවරුන් විසින් ලබාදෙන සටහන් , පොත් හෝ කොළය හැදින්වීම සදහා මෙම නම යෙදේ

 සර් කාරයා /සක්කරයා /ඇදුරු තුමා /සක්විත්තා - පාසලක උගන්වනු ලබන ගුරුතුමා හෝ අමතර පන්තිවල උගන්වනු ලබන ගුරුවරුන් හැ`දින්වීම සදහා මෙම නම යෙදේ

රිවිශන් - අමතර පන්තිවලට අමතරව, පවත්වනු ලබන විභාගය ඉලක්ක කරගෙන ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම සදහා පවත්වනු ලබන පන්තිය හැදින්විම සදහා යොදන වචනයකී

මස්සිනා / මචං / බොක්ක / ෆෙඩා/ පොර/ සගෝ - පාසලේ දී හා පන්තියේ මිතුරන් එකිනෙකා ඇමතීම සදහා තරුණ පිරිස අතර බහුලව භාවිතා කරයි

මුක්කු ගහනවා - මිතුරන් කිහිපදෙනෙකු එකට එකතුවී සිටින/ මිතුරන් කිහිපදෙනෙකු එකට එකතුවී යම් කිසි දෙයක් පිළිබදව රහසිගතව යමක් ගැන සාකච්ඡා කිරීමේ අවස්ථාව

 කඩුව / කඩ්ඩ / භූතයා / හොල්මන/ යකා  - ඉංග්‍රීසි භාෂාව හැදින්වීම සදහා තරුණ පිරිස අතර බහුලව භාවිතා කරයි

තරුණ පිිරිස අතර බහුලව භාවිතාවන වචන

 දැපනේ දානවා / බැල්ම හෙලනවා / බැල්ම දානවා /ලයින් දානවා /ට්‍රයි කරනවා /හෑක් ගහනවා / වචනෙ දාන්න / වචනෙ දුන්නා - ගැහැණු ළමයෙක් විසින් පිරිමි ළමයෙකුටගේ ද පිරිමි ළමයෙක් විසින් ගැහැණු ළමයෙකුගේ ද ආකර්ශණය ලබා ගැනීම සදහා මෙම යෙදුම් උපහාසාත්මක ලෙස යෙදේ

කෑල්ල / ටෙයියා / කිරි කිරි ටෙයියා / අමන කැටේ / බෝනික්කී - තරුණ  ගැහැණු ළමයෙකු හෝ කාන්තාවක්  උහාසාත්මක ලෙස හෝ දුරතලින් ඇමතීම සදහා තරුණ පිරිස අතර බහුලව භාවිතා කරයි

පට්ට / පට්ට පට පට /සිරා /බොක්කෙන් / පාර / කොර/ ජාති / එල / ආතල් / සුපර් / සුපිරි  -  යම් කිසි දෙයක තිඛෙන උත්කෘෂ්ට බව, උසස් බව, වටිනාකම හැදින්වීම සදහා මෙම යෙදුම් තරුණ පිරිස අතර බහුලව භාවිතා කරයි

 ලණුව දෙනවා / ලණුව දුන්නා / බූට් එක තිබ්බා / සපත්තුවක් දුන්නා - දෙදෙනෙකු අතර පවතිව ආදර සම්බන්ධයක් බි`ද වැටුණු විට හෝ කාන්තාව විසින් පුරුෂයාට හෝ පුරුෂයා විසින් කාන්තාවට දීර්ඝකාලීන හැසුරකින් පසු අකමැත්ත පළ කිරීම හැදින්වීම සදහා මෙම යෙදුම් තරුණ පිරිස අතර බහුලව භාවිතා කරයි

බොක්කෙන් / සබ් එක - මුළු හදවතින්ම සහයෝගය දෙන බව පැවසීම සදහා මෙම යෙදුම යෙදේ

ඇනගත්තා / චොර වුනා / චාටර් උනා / මාර හොද්දක් වැටුනේ - යම් කිසි කාර්යක් කිරීමට ගොස් එම කාර්ය අසාර්ථක වූ විට හෝ එම කාර්ය නිවැරදිව කිරීමට අපහසුවූ විට මෙම යෙදුම් යෙදේ

ගල් ගිල්ලා වගේ - යම් කිසි වැරැද්දක් සිදු කොට අන් අයගෙන් එම වැරැද්ද වසං කිරීමට උස්සහා කිරීම

අවධානාර්ත හා ශාප කිරීම සදහා යොදන වචන

 හේදිලා යනවා / හැදි ගෑවිලා යනවා / කෙළ වෙනවා / කෙළ වනවා / මක බෑවිලා යනවා -  යම් කිසි පුද්ගලයෙකුට බැන වැදීම සදහා / යම් කිසි පුද්ගලයෙකුගේ පරම්පරාව වැනසී යෑම උදෙසා මෙම යෙදුම් යෙදේ

නරි භාෂාව / වැදි භාෂාව / —ෂ˜ යනු භාෂාව - පවතින වචන  සහා භාෂා වලට අමතරව ඇති වචන හා භාෂාව හැදින්වීම සදහා මෙන්ම එම භාෂාවන් පහත්කොට දැක්වීම සදහා මෙම යෙදුම් යෙදේ

 නපුංසකයා / ගෑනීවගේ -  යම් කිසි පිරිමි පුද්ගලයෙක් කාන්තාවක් මෙන් හැසිරෙන විට එම පුද්ගලයා හැදින්වීම සදහා නපුංසකයා හෝ ගෑනීවගේ යන යෙදුම් යෙදේ

බඩුව / ගොනා / කෑල්ල / අයිටම් එක - එක් පිරිමි යෙකුට වඩා , පිරිමීන් කිහිප දෙනෙකු  ආශ්‍රය කරන කාන්තාවන් සහා ගණිකා වෘර්තියෙහි යෙදෙන කාන්තාවන් හැදින්වීම සදහා මෙම යෙදුම් යෙදේ

කන්දොස් කිරියාව - යම් කිසි කාරණයක්  උදෙසා,  යම් කිසි පුද්ගලයෙක්, තවත් පුද්ගලයෙකුට එක දිගට බැන වැදීම

වදක බාරේ / මළ කරදරේ -  යම් කිසි තැනැත්තෙකු යම් පුද්ගලයෙකුට කරදරයක් වේ නම්  —වදක බාරේයක්˜ / —මළ කරදරයක්˜ යන්න ව්‍යවහාර කෙරේ

ගෝතපැටියා / දළබුවා / උගුඩුවා / ගස්ගෙම්බි / ගස්ගෙම්බා / රිලවා / එහූරෙක්/   සෙනසුරෙක් / හිවලා / කොරයා/පොට්ටයා/ කාලකන්ණියා  -  යම් කිසි පුද්ගලයෙකුට උපහාසාත්මක ලෙස බැන වැදීම සදහා මෙම යෙදුම් යෙදේ

 බම්බුව / මළ ඉළව්ව / රෙද්ද / මළ ම`ගුල /අංජ බජල් / කාලකණ්නි -  යම් කිසි දෙයක ඇති නිස්සාර බව / අකමැතිබව /අර්ථ ශ+න්‍ය බව හැ`ගවීම සදහා මෙම යෙදුම යෙදේ

 ගම්බට්ටා  -  ගමක සිට න`ගරයට අලූතින් පැමිණී පුද්ගලයෙකු හෝ නාගරික ගතිපැවතුම් වලින් තොරවූ පුද්ගලයෙකු  උපහාසාත්මක ලෙස හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

 පකිස් පෙට්ට්ය - උපහාසාත්මක ලෙස  රූපවාහිනිය හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

මොන්ටසූරි කථා - වැඩිහිටි පුද්ලගයෙකු විසින් අතට හසුවන ලෙස බොරු කියන විට      —මොන්ටසූරි කථා කියන්න එපා ඕයි˜ යන්න ව්‍යවහාර කෙරේ

පාතාළ ලෝකය යැයි හදුන්වන පිරිස අතර බහුලව භාවිතාවන වචන

 පාතාලේ -  හොරවැඩ / මිනී මැරුම්/ මංකොල්ල කෑම් / පැහැර ගැනීම් ආදියට සම්බන්ධ පුද්ගලයින් වැඩිපුර සිට්න ස්ථානය හෝ ගැවසෙන ස්ථානය

කෑල්ල / ගොනා / අයිටම් එක / බඩුව / ටෙයියා / කිරි ටොයියා  -  ගණිකා වෘර්තියෙහි යෙදෙන කාන්තාවන් හැදින්වීම සදහා මෙම යෙදුම් යෙදේ

පදිරි වෙනවා -  හොරවැඩ / මිනී මැරුම්/ මංකොල්ල කෑම් / පැහැර ගැනීම් ආදියට  සප්පායම් වෙනවා /සූදානම් වෙනවා

සප්පායම් වෙනවා  -  ලෑස්ති වෙනවා / සූදානම් වෙනවා

 ට්‍රෑකා /ජාති / කොර / පට්ට / පොර / තද / මැක්ස  - උසස් බව හැදින්වීම සදහා මෙන්ම, කණ්ඩායමේ නායකයා ශක්තිවන්තයෙකු බව හැදින්වීම සදහා මෙම යෙදුම් යෙදේ

තෙලේ දානවා -  තමන්ගේ අදහස් තවත් පුද්ගලයෙකුට පවසා තම පැත්තට නම්මවා ගැනීම

ගේම / වලිය / ජොලිය /ආතල් එක - අඩ දබර අවස්ථාවක් හැදින්වීම සදහා මෙම යෙදුම යෙදා ගැනේ

චොර / ඇන්නා / වැරදුනා /පදිරි වුනා -  හොර වැඩක් / මිනී මැරුමක්/ මංකොල්ල කෑමක් හෝ පැහැර ගැනීමක් හරි හැටි කිරීමට අපහසු වූ විට/ යම් කි්‍රයාවක් වැරදි ලෙස කිරීම නිසා හෝ නිවැරදි ලෙස නිම කිරීමට නොහැකිවීම හැදින්වීම සදහා මෙම යෙදුම් යෙදේ

 පොට් එක - හොර වැඩක් / මිනී මැරුමක්/ මංකොල්ල කෑමක් හෝ පැහැර ගැනීමක් සිදු කිරීමට යොදා ඇති  ස්ථානය හෝ පුද්ගලයින් එකතුවන තැන හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

කට්ට - යම් කිසි දෙයක් කිරීමට අපහසු වූ විට හෝ එහි ඇති බැරැරුම් කමට තමා අකමැතිනම් එම ක්‍රියාව හැදින්වීම සදහා —කට්ට කෑවා˜ යන යෙදුම ව්‍යවහාර වේ

හළලා පළයන් -  වාහනයේ යන පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකු දමාගෙන යෑම හෝ නියමිත තැනින් බස්සවා යන්න යැයි කීම

දර්ශනේ දානවා -  උසස් කම පෙන්වීමට උස්සහා කිරීම

උස්සනවා  -  යම් කිසි පුද්ගලයෙකු පැහැරගෙන යෑම හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ.

සබ් එක  -  උදව්වක් කිරීම හෝ උදව්වක් අපේක්ෂා කිරීම

වළහා / වලත්තයා / ගෙම්බා/ වල් මිනිහා  -  යම් කිසි පුද්ගලයෙක් එක් කාන්තාවකට වඩා අදිකව තාන්තාවන් හැසුරු කරයිනම් හෝ කාන්තාවන්ට අනවශ්‍ය ලෙස උසුළු විසුළු කරයි නම් මෙම යෙදුම් යෙදේ

ග්‍රාමසේවා වසමට ව්ශේෂිතව භාෂා විවිධත්වයන් සහා ඔහුන්ගේ භාෂාවට එක්වූ අලුත් වචන  පිළිබදව ලබාගන්නා ලද තොරතුරු සහා දත්තයන්



උපත හා සම්බන්ධ වචන

 කිරි කට ගෑම -  අලූතින් ඉපදෙන දරුවාට කිරි මිශ්‍රිත භාජනයකට රත්රන් කැබැල්ලක් දමා එම කිර කට ගෑම

අකුරු කියවීම  -  දරුවාට වයස අවුරුදු 2 පමණ වන විට දරුවාව පන්සලකට ගෙන ගොස් ස්වාමීන් වහන්සේ කෙනෙකු ලවා —අ˜ යනු —ආ˜ යනු කියවීම

පෙර පාසල් යැවීම / මෙන්ට සූරී යැවීම - දරුවෙකුට වයස අවුරුදු 3 ක් පමණ වන විට මූලික අධ්‍යාපනය ලැබීම සදහා හෝ අකුරු වල හැඩය හදුනා ගැනීම සදහා ගුරුවරයෙකු ල`ගට යැවීම

කිරි කැටියා  -  කුඩා දරුවෙකු හැදින්වී සදහා මෙම නම යෙදේ

කිරි දත් - කුඩා දරුවෙකුගේ දත් හැදින්වීම සදහා මෙම නම යෙදේ

බඩ හිස් වෙලා / ළමයා අරන් දාලා -  දරුවෙකු ලැබීමට ආසන්නව සිටි කාන්තාවක් දරුවා නොවැ`දීම හෝ දරුවා මවගේ බඩ තුළ දීම මිය යෑම

 දොළදුක -  දරුවකු ලැබීමට සිටින කාන්තාවකට විවිධ ආශාවන් හටගන.ී එම ආශාවන් හැදින්වීම සදහා  දොළදුක යන වචනය භවතා කරයි

ච්ත්තේ/ රෝස පාට - ගැහැණු දරු උපතකදී කාන්තාවක් බව සංකේතවත් කිරීම සදහා මෙම යෙදුම භාව්තා කරයි

කොට කලිසම / නිල් පාට - පිරිමි දරු උපතකදී පුරුෂ  බව සංකේතවත් කිරීම සදහා මෙම යෙදුම භාව්තා කරයි

මංගල අවස්ථා හා සම්බන්ධ වචන

 කපල් එක / ජෝඩුව  - අලූත විවාහවූ හෝ විවාහ වීමට බලාපොරෙත්තුවන යුවලක් හැදින්වීම සදහා මෙම නම යෙදේ

වෙඩින් කේක්  - විවාහ වූ පසු නව යුවලට සහා ඔහුන්ගේ නෑ හිත මිතුරන්ට විවාහයේ සතුට සැමරීම සදහා අතීතයේ පැණිරස ලබාදෙන ලදී. කල් ගත වීමත් සමග පැණි රස ලබා දීමේ ක්‍රමය විකාශණය වී යුරෝපානු ක්‍රමයට  අනුව වියලි මිදි සහා වයින් යොදාගෙන සාදාගන්නා ලද කේක් වර්ග විශේෂයක් වර්තමානය වනවිට නෑ හිත මිතුරන්ට ලබාදෙහි.එම පැණි රස විශේෂය හැදින්වීම සදහා —වෙඩින් කේක් ඛෙදනවා˜ යන්න ව්‍යවහාර වේ

ම`ගුල් මුද්ද - විවාහ උත්සවයේ දී  මනාලයා විසින් මනාලියට ද මනාලිය විසින් මනාලයට ද පළදනු ලබන ආභරණය හැදින්වීම සදහා මෙම නම යෙදේ

කර මාලේ - මනාලයා විසින් මනාලියට පළදනු ලබන මාලය හැදින්වීම සදහා මෙම නම යෙදේ

කට්ටිය සෙට්වෙනවා / ජෝගියක් දානවා / ජොලියක් ගන්නවා / ෆන් එකක් ගන්නවා / ආතල් එකක් ගන්නවා - විවාහ උත්සවයේ දී  සතුට සැමරීම සදහා පිරිස එකට එකතුවීම, හෝ මත් පැන් භාවිතා කිරීම

ෂැම්පේන් හළනවා -  මත් පැන් භාවිතා කිරීම හෝ මත් පැන් අඩංගු බෝතලයක් හො`දින් සොලවා විවාහයේ සතුට ප්‍රකාශ කිරීම වෙනුවෙන් එකිනෙකාගේ ඇෙ`ග් හලා ගැනීම

ගෙට වෙලා / කොටාලූ වෙලා - ගැහැණු  දරුවෙකු වැඩි වියට පත්වූ විට ඒ බව අනෙක් අයට දැන්වීම සදහා එම දැරිවියගේ අසල්වාසීන් විසින් මෙම යෙදුම් යෙදේ

මරණය හා සම්බන්ධ වචන

 හිලව් ගෙදර / මළ ගෙදර / මිනී ගෙදර-  මියගිය පුද්ගලයෙකු සිටින නිවස හැ`දින්වීම සදහා යොදන යෙදුමකී

  දාන ගෙදර / 3 මාසේ දානේ  / මාස 7 දානේ / අවුරුද්දේ දානේ  -  පුද්ගලයෙකු මිය යෑමෙන් පසුව එම පුද්ගලයාගේ හිතවතුන් විසින් පන්සලකට ගොස් ආහාර පිළියෙල කිරීමහෝ, නිවසේ ආහාර පිළියෙල කොට මිය ගිය තැනැත්තා සිහිපත් කොට දන්දීමේ ක්‍රියාවලිය හැදින්වීම සදහා මෙම යෙදුම් බෞද්ද ආගමික පිරිස අතර බහුලව භාවිතා කරයි

මළ බත - මිය ගිය තැනැත්තා භුමිදානය කිරීමෙන් පසුව , මිනිය වළදා නිවසට පැමිනෙණ නෑ පිරිසගේ ආහාරය සදහා මිය`ගිය තැනැත්තා සිහිපත් කොට පිසින ලද බත

කනත්ත / සුසාන භුමිය - මිය ගිය තැනැත්තන් දමන ස්ථානය, ශරීරයෙන් හුස්ම පිටවීමෙන් පසු මිනිස් ක`ද පොළව යට තැන්පත් කරන, හෝ පුළුස්සා දමන ස්ථානය

මළ ක`ද / මිනිය - ශරීරයෙන් හුස්ම ඉවත්වූ පුද්ගලයින්ගේ සිරුර හැදින්වීමට මෙන්ම,කිසිවක් කථා නොකර නිකරුනේ කාලය ගතකරන පුද්ගලයින්ට බැන වැදීම සදහා මළ ක`ද යන නම යෙදේ

සුදු කොඩි පේන කාලේ -  පුද්ගලයෙකු දැඩි ලෙස රෝගාතුර වූ විට, වයසට ගියවිට හෝ මරණාසන්න වූ විට මෙම යෙදුම භාවිතා කරයි

පාංසකූලේ දෙනවා -  මියගිය පුද්ගලයින් සිහිපත් කර පැන් වැඩීම හා මතක වස්ත්‍රයක් දීම

බණ කියනවා / පිරිත් කියනවා - මියගිය පුද්ගලයින්ට පින් අනුමෝදන් කිරීම

 පින් අනුමෝදන් කිරීම - මියගිය පුද්ගලයින්  නැවත යහපත් ආත්මයක උපත ලැබීමට ප්‍රාර්ථනා කරමින් ගාථා සඡ්ඡායනා කිරීම

මිනිය වල දානවා / භූමිදානය කරනවා / මිනිය උස්සනවා / අවසන් කටයුතු කරනවා / අවසාන ගමන යනවා / නෙඑන ගමන යනවා / සෙත්ත පෝච්ච්  - පුද්ගලයෙකගේ= මිය යෑම සංකේථවත් කිරීම සහා මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර තමා එතෙක් ජීවත් වූ නිවසින් පිටතට ගෙන යෑම හෝ සුසාන භූමියට ගෙන යෑම

වැන්දබුව -  විවාහ වු කාන්තාවකගේ ස්වාමි පුරුෂයා මිය යැමෙන් අනතුරුව ඇයට වැන්දබුව යැයි අමතයි. (ස්වාමියා මියගිය කාන්තාවන් හැදින්වීම සදහා යොදන යෙදුමකී

ආගම  හා සම්බන්ධ වචන

 පූජාව -  ආහාර ද්‍රව්‍ය/ මල් /පැන් ආදිය යෙදා ගෙන පවත්වනු ලබන ඇදහිල්ලකී

යාගය / හෝම  -  සතුට / සෞභාග්‍ය / ත්‍රිප්තිමත් බව ලබා ගැනීම සදහා දෙවියන්  උදෙසා පවත්වනු ලබන ඇදහිලි හි විශ්වාශ පද්දතියකී. (හින්දු ආගමිකයින් සුභ දිනයන්හී දී  බහුලව සිදු කරයි

ගුරුකම් කරනවා / හූනියම් කරනවා -  කිසියම් පුද්ගලයෙකුගේ දියුණුව ආඩාලවන ලෙස පුද පූජා පැවැත්වීම හෝ යාග , හෝම සිදු කිරීම

ඇස්වහා පුච්චනවා  -  කිසියම් පුද්ගලයෙකුගේ දියුණුව දැක තවත් අයෙකු ඊර්ශ්‍යා කරයි නම්, දියුණුව ලද පුද්ගලයාට යම් යම් කරදර බාධක පැමිණ තම දියුණුව අඩාල වීමට පුළුවන, දියුණුව ලද පුද්ගලයාට යම් යම් කරදර බාධක පැමිණීම වැලැක්වීම උදෙසා වී ඇට කිහිපයක්, අබ ඇට කිහිපයක් , මිරිස් කරල් කිහිපයක්, පල්මාණික්කම් කාහිපයක් , බිත්තර 1 ක් , අමු  දෙහි ගෙඩියක් , පත්තර කොළයකට දමා ගුලි කොට තම මව විසින් හෝ වැඩිහිටි පුද්ගලයෙකු විසින් දියුණුව ලද පුද්ගලයාගේ හිස සිට දෙපතුල දක්වා 3 පාරක් කරකවා, ඔහුට එම කොළ ගුලියට 3 පාරක් කෙළ ගසන ලෙස පවසා, දුම් කබලට පොල්කටු 7ක් දමා එම පොල් කටු හොදින් රත්වූ පසු, 3 පාරක් කෙළ ගසන ලද කොළ ගුලිය, රත්වූ දුම් කබලට දැමීම. (එම`ගින් ඇසින් සිදු වූ ඇස්වහා දුරුවූබව විශ්වාස කරන ලදී

කටවහා -  කිසියම් පුද්ගලයෙකුගේ දියුණුව දැක තවත් අයෙකු ඊර්ශ්‍යා කරයි නම්, දියුණුව ලද පුද්ගලයා ට යම් යම් කරදර බාධක පැමිණ තම දියුණුව අඩාල වීමට පුළුවන, දියුණුව ලද පුද්ගලයාට යම් යම් කරදර බාධක පැමිණීම වැලැක්වීම උදෙසා වී ඇට කිහිපයක්, අබ ඇට කිහිපයක් , මිරිස් කරල් කිහිපයක්, පල්මාණික්කම් කාහිපයක් , බිත්තර 1 ක් , අමු  දෙහි ගෙඩියක් , පත්තර කොළයකට දමා ගුලි කොට තම මව විසින් හෝ වැඩිහිටි පුද්ගලයෙකු විසින් දියුණුව ලද පුද්ගලයාගේ හිස සිට දෙපතුල දක්වා 3 පාරක් කරකවා, ඔහුට එම කොළ ගුලියට 3 පාරක් කෙළ ගසන ලෙස පවසා, දුම් කබලට පොල්කටු 7ක් දමා එම පොල් කටු හොදින් රත්වූ පසු, 3 පාරක් කෙළ ගසන ලද කොළ ගුලිය රත්වූ දුම් කබලට දැමීම. (එම`ගින් කටින් සිදු වූ කටවහා දුරුවූබව විශ්වාස කරන ලදී

 ඔි වහා - කිසියම් පුද්ගලයෙකුගේ දියුණුව දැක තවත් අයෙකු ඊර්ශ්‍යා කරයි නම්, දියුණුව ලද පුද්ගලයා ට යම් යම් කරදර බාධක පැමිණ තම දියුණුව අඩාල වීමට පුළුවන, දියුණුව ලද පුද්ගලයාට යම් යම් කරදර බාධක පැමිණීම වැලැක්වීම උදෙසා වී ඇට කිහිපයක්, අබ ඇට කිහිපයක් , මිරිස් කරල් කිහිපයක්, පල්මාණික්කම් කාහිපයක් , බිත්තර 1 ක් , අමු  දෙහි ගෙඩියක් , පත්තර කොළයකට දමා ගුලි කොට තම මව විසින් හෝ වැඩිහිටි පුද්ගලයෙකු විසින් දියුණුව ලද පුද්ගලයාගේ හිස සිට දෙපතුල දක්වා 3 පාරක් කරකවා, ඔහුට එම කොළ ගුලියට 3 පාරක් කෙළ ගසන ලෙස පවසා, දුම් කබලට පොල්කටු 7ක් දමා එම පොල් කටු හොදින් රත්වූ පසු, 3 පාරක් කෙළ ගසන ලද කොළ ගුලිය රත්වූ දුම් කබලට දැමීම. (එම`ගින්්   සුසුම්ලෑම ම`ගින් සිදු වූ ඊර්ශ්‍යා කිරීම දුරුවූ බව විශ්වාස කරන ලදී

හාමුදුරුවෝ / භික්ෂුව - බෞද්ධ ආගමික ස්වාමීන් වහන්සේලා හැ`දින්වීම සදහා මෙම යෙදුම භාවිතා කරයි

හාමා / ලොක්කා -   බෞද්ධ ආගමික පන්සල්වල ප්‍රධාන ස්වාමීන් වහන්සේලා උපහාසාත්මක ලෙස හැදින්වීම දායකයින් විසින්  මෙම යෙදුම යෙදේ

 සාමණේර හිමි - උපසම්පදා නොවූ /වයස අවුරුදු 20 ට අඩු භික්ෂුන් හැදින්වීම සදහා මෙම නම යෙදේ

බණ / ධර්ම දේශනා කරනවා / පිරිත් කියනවා -  ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලබන බුද්ධ දේශනා හැදින්වීම සදහා මෙන්ම දෙමව්පියන් විසින් තම දරුවන්ට දැඩි ලෙස  බැන වැදීමේදී දරුවන් විසින් , දෙමවිපියන්ට බැන වැදීම සදහා —බණ කියනවා˜ යන්න ව්‍යවහාර වේ

හම්බයා / එළු රැවුලා / රැවුල් කාරයා  - මුස්ලිම් ජාතික පිරිමි පුද්ගලයින් හැදින්වීම සදහා මෙම නම යෙදේ

වෙළ`දාම සහා රැකියාව  සම්බන්ධ වචන

 කනත්තේ ඇමති  -  බොරැල්ල කනත්තේ මිනියක් වලදාන අවස්ථාවල දී මිය ගිය පුද්ගලයාගේ ගුණ කථනය, සදහා කථා පැවැත්වවීමට එන මන්ත්‍රී වරයා උපහාසාත්මක ලෙස හැදින්වීම උදෙසා මෙම  නම යෙදේ

 තිප්පොළ / තබෑරුම  -  මත් වතුර විකුණන ස්ථානය

කරත්තකාරයා  -   කරත්තවලින් බඩු පටවා ගෙනයනු ලබන පුද්ගලයා

සොල්දාදුවා -  හමුදාවේහි සේවය කරන පුද්ගලයා හෝ මුර සේවයෙහි යෙදෙන පුද්ගලයින් හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

සාත්තරේ දාන්න එපා -   වෙළ`ද පොළ තුළ යම් කිසි භාණ්ඩයක්  පවතින මිළට වඩා අදික මිළකින් විකුණා ගැනීමේදී —සාත්තරේ දැම්මා˜  යන්න ව්‍යවහාර කෙරේ

මේවා හොද ඒවා  -   වෙළ`ද පොළ තුළ යම් කිසි භාණ්ඩයක්  පවතින අලූත්බව/උසස්බව/ විශිශ්ට බව හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

පොරකනවා  -  යම් කිසි භාණ්ඩයක ඉල්ලූම අදිකවීම / එම භාණ්ඩය ලබා ගෑනීම උදෙසා මිනිසුන් එකිනෙකා අභිබවා උත්සහා කිරීම

මේ කරපිංචා  - —කරපිංච˜ විකිණීම උදෙසා මෙම යෙදුම යොදා ගැනේ

මහා උළු ගෙදර / බෝගම්බර / නැන්දම්මලා ගෙදර  -  වැරදි කරන ලද පුද්ගලයින් හා වැරැද්දට හසුවූ පුද්ගලයින් සිට්න ස්ථානය හදුන්වන ස්ථානය

සිරකරුවා / රැදෙවියා -   වැරදි කරන ලද පුද්ගලයින් හා වැරැද්දට හසුවූ පුද්ගලයින් හදුන්වන නාමය

කලී /හිර බත -  සිරකරුවන් උදෙසා සාදන ලද ආහාරය

එල්ලනවා / මරන දණ්ඩනය ලබාදෙනවා -  සිරකරුවාට දඩුවම නියම කිරීම/ හිස ගසා දැමීම හෝ මරණයට පත්කිරීම

පෝරකය / එල්ලූම් ගහා -  සිරකරුවන්ට දඩුවම් ලබාදෙන ස්ථානය / සිරකරුවන්ගේ ගෙල වළලන ස්ථානය

ආහාර හා සම්බන්ධ වචන

 රජ කෑමක් කෑවා -  ඉතාමත් රසවත් ආහාරයක් අනුභව කිරීම

මික්සර් - ධාන්‍ය වර්ග කිහිපයක් තෙලෙන් බැද  සාදා ගන්නා ලද ආහාර විශේෂයකී.

සියබලා බත -  සාමාන්‍ය ලෙස බතක් පිස , සියබලා වතුර යොදා තවදුරටත් ටික වේලාවක් තැම්බීමෙන් සියබලා බත සාදාගනු ලබයි

ක්ෂණික ආහාර  -   ඉතාමත් ඉක්මනින් පිසිය හැකි ආහාර හැදින්වීම සදහා මෙම නම යෙදේ

ඩයඩ්  - කාන්තාවන් තම  ශරීරයේ මටසිළුට බව සහා සුරූපී බව රැක ගැනීම සදහා මෙන්ම ශරීරය තරබාරු නොවී පවත්වා ගැනීම සදහා ආහාර නොගෙන සිටීම හෝ තමා එදිනෙදා ගන්නා ලද ආහාර ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීම

හිස් බඩින් -   ආහාර නොගෙන සිටීම/ අඩුවෙන් ආහාර ගැනීම

ලෙවකනවා -  ආහාර ගැනීමෙන් අනතුරුව , අතේ ඇ`ගිලිවල ඉතුරුවන ආහාර කැබලි දිව ගෑම

 බැට් කරනවා / ගේම දුන්නා / දීලා ඇද්දා / කොර වෙන්න දුන්නා /බඩ පැලෙන්න දුන්නා/සවල ගැහුවා / රජ කෑමක් කෑවා / ටොමිය ෆුල් - යම් කිසි පුද්ගලයෙක් ම`ගුල් ගෙවල් වලට ගොස් හෝ තමා ඉතාමත් ගිඡු ලෙස ආහාර ගැනීම හෝ එදිනෙදා ගන්නා ආහාර ප්‍රමාණයට වඩා ඉතා අදිකව ආහාර ගැනීම හෝ තවත් පුද්ගලයෙකුට තමා අදිකව ආහාර ගත් බව කියාපෑම සදහා මෙම යෙදුම යොදයි

අධ්‍යාපනය හා  සම්බන්ධ වචන

 පාසල / ඉස්කෝලේ  - අධ්‍යාපනය ලබාදෙන ස්ථානය

පිනා - උපහාසාත්මක ලෙස විදුහල්පති තුමාව හැදින්වීම සදහා  සිසුන් විසින් මෙම නම යෙදේ

පීරියඩ් එක - පාසලක විෂයක් ඉගැන්වීම සදහා ගතවන කාලය/ විෂය කාල පරිච්ඡේදය හැදින්වීමට මෙම යෙදුම යොදනු ලබයි

සා . පේ -  අධ්‍යයන පොදු සහතික ප්‍රත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හැදින්වීමේ පහසුව තකා මෙම නම යෙදේ

උ . පේ - අධ්‍යයන පොදු සහතික ප්‍රත්‍ර උසස් පෙළ විභාගය හැදින්වීමේ පහසුව තකා මෙම නම යෙදේ

පොට් එක  -  කම්කිසි වැඩක් / පාඩම් කිරීමට මිත්‍රයන් යොදා ඇති  ස්ථානය හෝ මිත්‍රයන් පිරිසක් එකතුවන තැන හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

රස්තියාදුකාරයා / කාළකන්නියා  -  හො`දින් අධ්‍යාපන කටයුතු නොකරන දරුවෙකු, පාසලට නොයන හෝ දෙමව්පියන්ගේ බස් නොඅසන දරුවෙකු හැදින්වීම ස`දහා මෙම නම යෙදේ

තරුණ පිිරිස අතර බහුලව භාවිතාවන වචන 

 ලොකු,ලයින් / ලොකු සීන්  -  පුද්ගලයෙකු තමා විසින් තමාව උසස් කොට සිතීම හෝ අන් අය ගැන තැකීමක් නොකිරීම

ථල - හො`දයි / යහපත් යැයි පැවසීම සදහා යෙදේ

 පච -  බොරුවක් බව පැවසීම සදහා මෙම යෙදුම යෙදේ.— පච කියන්න එපා˜/ —ටොම් පචයා˜

ෆිට් එක / බොක්ක  -  මිත්‍රත්වය හැ`ගවීම සදහා  මෙම යෙදුම යෙදේ

ලමිස්සි -  තරුණ ගැහැණු ළමයෙකුට උපහාසාත්මක ලෙස ඇමතීම සදහා මෙම නම යෙදේ

බැක් එක / පිටි පස්ස /යට කෑල්ල - කාන්තාවකගේ ඉ`ගටියෙන් පහළ කොටස උපහාසාත්මක ලෙස ඇමතීම සදහා  මෙම නම යෙදේ

ජිමා  -  නිතර ව්‍යායාම් කරන ශරීරය හැඩිදැඩි පිරිමි ළමුන් උපහාසාත්මක ලෙස ඇමතීම සදහා මෙම නම යෙදේ

කරා -  මිතුරන් පිරිසක් අතර  සිටින ධනවත්/ හැඩිදැඩි තැනැත්තා හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

 බනිස් -   කාන්තාවකගේ පපු පෙදෙස උපහාසාත්මක ලෙස ඇමතීම සදහා මෙම නම යෙදේ.
අවධානාර්තය හා ශාප කිරීම සම`ග සම්බන්ධ වචන

 කුණු හරප/ අසබ්‍ය වචන -  අයහපත් වචන/ සම්මත භාෂා ව්‍යවහාරයේ භාවිතා නොවන වචන (උප භාෂා විශෙAෂයකකී. සීමිත පිරිසක් අතර භාවිතාවන අතර තවත් අයෙකුට බැනවැදීම සදහා මෙම වචන යොදා ගනී

කුණු ලෝභයා -  යම් පුද්ගලයෙකු සතු වස්තු සම්භාර වලින් තමා ප්‍රතිලාභ නොලබමින් , අනුනටත් නොදෙමින් දැඩිමසුරු ලෙස ජීවත්්වන පුද්ගලයින් හැදින්වීම සදහා මෙම නම යෙදේ

කසිප්පුකාරයා  -   මත්පැන් අදික ලෙස පානය කරන පුද්ගලයින් හැදින්වීම සදහා මෙම නම යෙදේ

නාගත්තා / හලාගත්තා / ඇනගත්තා -  යම් කිසි කාර්යක් හරි හැටි සිදු කිරීමට නොහැකිවූ විට මෙම යෙදුම් යෙදේ

කොකා පෙන්නනවා / රෙද්ද වහලා ගහනවා - තමාට අත්‍යවශ්‍ය දෙයක් අන් අයට නොදන්වා කිරීම

බඩින් / නන්නත්තාරේ ගිහින් ඇවිත් -  විවාහ නොවී, දරුවෙකු ලැබීමට සිටින ගැබ්බර  කාන්තාවක් උපහාසාත්මක ලෙස හැදින්වීම සදහා මෙම නම යෙදේ

 අප්සට්  -  දුකින් සිටින බව හැගවීම සදහා මෙම වදන බහුලව යෙදේ

බක තපස් පාට් -  නරක ගති ගුණන තිඛෙන පුද්ගලයෙකු යහපත් අයෙකු ලෙස  ර`ගපාව විට මෙම යෙදුම —බක තපස් පාට් දාන්න එපා ඕයි˜ යැයා උපහාසාත්මක ලෙස යෙදේ

ටැප් එක අරින්න එපා  -  ගැහැණු ළමයෙකු හ`ඩන විට ඇගේ ඇස් වලින් කදුළු අදිකව පිටවේ, එවැනි අවස්ථාවකදී කරාමයක් ඇරීමෙන් පසු ජලය අදිකව පිටවන බවත් ,කරාමය ඇගේ ඇස්වලට සහා ඇසින් පිටවන ක`දුළු ජලයට උපමා කරමින්, ඇගේ ක`දුළු නැවැත්වීම සදහා උපහාසාත්මක ලෙස මෙම යෙදුම යෙදේ

පොල්කිච්චා -  සිහින් සිරුරක් ඇති පිරිමි දරුවෙකුට  උපහාසාත්මක ලෙස   බැන වැදීම සදහා මෙම යෙදුම යෙදේ

බම්බුගාගනින් / අංජබජල් -  යම්කිසි කාර්යක් කිරීමට තමාට ඇති අකමැත්ත / නිසරුබව ප්‍රකාශ කිරීම සදහා මෙම යෙදුම් යෙදේ

පාතාළ ලෝකය යැයි හදුන්වන පිරිස අතර බහුලව භාවිතාවන වචන

 බම්බුගාගනින් / අංජබජල් - හොරවැඩ / මිනී මැරුම්/ මංකොල්ල කෑම් / පැහැර ගැනීම් ආදී යම්කිසි කාර්යක්  නිවැරදිව කිරීමට තමාට නොහැකිවූ විට  ප්‍රකාශ කිරීම සදහා මෙම යෙදුම් යෙදේ

පාතාළේ -  හොරවැඩ / මිනී මැරුම්/ මංකොල්ල කෑම් / පැහැර ගැනීම් ආදියට සම්බන්ධ පුද්ගලයින් වැඩිපුර සිට්න ස්ථානය හෝ ගැවසෙන ස්ථානය

කෑල්ල / ගොනා / අයිටම් එක / බඩුව / ටෙයියා / කිරි ටොයියා  -  ගණිකා වෘර්තියෙහි යෙදෙන කාන්තාවන් හැදින්වීම සදහා මෙම යෙදුම් යෙදේ

පදිරි වෙනවා -  හොරවැඩ / මිනී මැරුම්/ මංකොල්ල කෑම් / පැහැර ගැනීම් ආදියට  සප්පායම් වෙනවා /සූදානම් වෙනවා

සප්පායම් වෙනවා  -  ලෑස්ති වෙනවා / සූදානම් වෙනවා

ට්‍රෑකා /ජාති / කොර / පට්ට / පොර / තද / මැක්ස  - උසස් බව හැදින්වීම සදහා මෙන්ම, කණ්ඩායමේ නායකයා ශක්තිවන්තයෙකු බව හැදින්වීම සදහා මෙම යෙදුම් යෙදේ

 තෙලේ දානවා -  තමන්ගේ අදහස් තවත් පුද්ගලයෙකුට පවසා තම පැත්තට නම්මවා ගැනීම

ගේම / වලිය / ජොලිය /ආතල් එක - අඩ දබර අවස්ථාවක් හැදින්වීම සදහා මෙම යෙදුම යෙදා ගැනේ

 චොර / ඇන්නා / වැරදුනා /පදිරි වුනා -  හොර වැඩක් / මිනී මැරුමක්/ මංකොල්ල කෑමක් හෝ පැහැර ගැනීමක් හරි හැටි කිරීමට අපහසු වූ විට/ යම් කි්‍රයාවක් වැරදි ලෙස කිරීම නිසා හෝ නිවැරදි ලෙස නිම කිරීමට නොහැකිවීම හැදින්වීම සදහා මෙම යෙදුම් යෙදේ

පොට් එක - හොර වැඩක් / මිනී මැරුමක්/ මංකොල්ල කෑමක් හෝ පැහැර ගැනීමක් සිදු කිරීමට යොදා ඇති  ස්ථානය හෝ පුද්ගලයින් එකතුවන තැන හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

කට්ට - යම් කිසි දෙයක් කිරීමට අපහසු වූ විට හෝ එහි ඇති බැරැරුම් කමට තමා අකමැතිනම් එම ක්‍රියාව හැදින්වීම සදහා —කට්ට කෑවා˜ යන යෙදුම ව්‍යවහාර වේ

හළලා පළයන් -  වාහනයේ යන පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකු දමාගෙන යෑම හෝ නියමිත තැනින් බස්සවා යන්න යැයි කීම

දර්ශනේ දානවා -  උසස් කම පෙන්වීමට උස්සහා කිරීම

උස්සනවා  -  යම් කිසි පුද්ගලයෙකු පැහැරගෙන යෑම හැදින්වීම සදහා මෙම යෙදුම යෙදේ

සබ් එක  -  උදව්වක් කිරීම හෝ උදව්වක් අපේක්ෂා කිරීම

ගේම දුන්නා -  හොර වැඩක් / මිනී මැරුමක්/ මංකොල්ල කෑමක් හෝ පැහැර ගැනීමක් සිදු කිරීම

 නඩේ ගුරා / පොර/ ලොක්කා / අයියා  - පාතාළ ලෝකය තුළ ප්‍රධානියා හැදින්වීම සදහා මෙම යෙදුම් යෙදේ

ග්‍රාමසේවා වසම් 2ට ව්ශේෂිතව භාෂා විවිධත්වයන් සහා ඔහුන්ගේ භාෂාවට එක්වූ අලුත් වචන අධ්‍යයනයෙන් ගොඩන`ගන ලද නිගමනයන්


• මෙම ග්‍රමසෙAවා වසම් 2 තුළ මිනිසුන් කථා බහා කරනු ලබන භාෂාවන් ඛෙහෝ දුරට සමාන ලක්ෂණ වලින් යුක්තය


එම ග්‍රමසෙAවා වසම් 2 තුළ මිනිසුන් කථා බහා කරනු ලබන භාෂාවන් ව්ව්ධ ජාතීන්ගේ සහා සංස්කෘතීන්ගේ අනන්‍යතාවය පිළිබ්බු කරයි


සමාජ අවස්ථාවන්ට අනුව ඔහුන් භාවිතා කරනු ලබන භාෂාවන් විවිධවේ


සමාජ අවස්ථාවන්ට අනුව ඔහුන් භාවිතා කරනු ලබන භාෂාවෙහි ඉංග්‍රීසි වචන බහුලව ඇති අතර, ජනශ්‍රෑතික වචන නැතුවාම නොවේ

මෙම ග්‍රමසෙAවා වසම් 2 තුළ මිනිසුන් කථා බහා කරනු ලබන අලූත්් වචන බොහෝමයක් ඉතා කෙටි වචනයන්ය, ඔහුන් කථා කරන ලද වචන බොහෝමයකට ගැලපෙන නිශ්ශිත අර්තයක් නොමැත, අර්තවලට ගැළපෙන නිශ්චිත වචනයන් ද නොමැත


සමහර උදවිය මෙම වචන භාවිතා කරන්නෙ,් තම උසස්කම පෙන්වීමට හෝ වංශවත් බව පෙන්වීමටය , නැතහොත් එදිනෙදා අදහස් තොරතුරු හුවමාරු කරගැනීම සදහාය


තවත් අය මෙම වචන භාවිතා කරන්නේ තවත් අයෙකුට බැන වැදීමට, අපහස උපහස කිරීමට හෝ විනෝදවීම සදහාය

මෙම ග්‍රාමසේවා වසම් 2 තුළ භාවිතාවන වචන ඛෙහෝමයක ස්වරය, තාරතාවය, වෙනස්වනුයේ මෙම ග්‍රමසෙAවා වසම් 2 තුළ  ජීවත්වන විවිධ ආගමිකයින්ගේ සංස්කෘතික ලක්ෂණයන්ට ආවේණිකව බව අවසාන වශයෙන් කිවහැකිය



No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...