Friday, September 8, 2017

රාණී නම් ඇය..



2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය නිෂ්පාදනයෙන් නිර්මාණය වූවකී. මෙම කතාවෙහි ඇතුලත් වන්නේ පංජාබ් කාන්තාවකගේ කථා පුවතයි. ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 12.5 ක් වියදම් කර සාදන ලද මෙම චිත්‍රපටයෙහි වර්ථාගත ආදායම 108 කි. 

62 වන ඉන්දියානු ජාතික සිනමා සම්මාන උලෙළේදී හොදම හින්දි චිත්‍රපටයට හා හොදම නිළියට හිමි සම්මානය දිනාගත්තේ මෙම චිතුපටයයි. නව දිල්ලි නගරයෙහි වාසය කරන ඇය ර‍ාණි මේරාය. මව පියාට කීකරුව කටයුතු කරන ඇය පංජාබ් ජාතික තරුණියකි. ඇගේ විවාහයට සියලු කටයුතු සූදානම්ව තිබියදි ඇගේ පෙම්වතා විජේ ඇයට පවසා සිටින්නේ තමා තවමත් විවාහයට සූදානම් නැති බවයි. මේ හේතුව නිසා දැඩි ලෙස කම්පනයට පත්වන ඇය දවසක් පුරාවටම කාම‍රේ දොරත් වසාගෙන හඩමින් සිටිනවා. මෙම කාම්පනික තත්ත්වය පාලනය කර ගැනීම සදහා ඇය ගනු ලබන තීරණය වන්නේ තනිවම පැරිස් නගරයයට පිටත්ව යෑමයි. එසේ යෑම සදහා ඇය තම දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලා සිිටිනවා. එම ගමන සදහා ඇයට අවසර  ලැ‍ෙබන අතර මෙම ගමන මගින් ඇය තමාගේ දුක අමතක කරගත හැකි බව සිතනවා.

පැරිස් නගරයේදී ඇයට ඉන්දියානු හා ප්‍රංශ හුරුවක් සහිත නිදහස් මතදාරී අවිවාහක එක් දරු මවක්වන  විජෙය ලක්ෂ්මි නම් තැනැත්තිය සමග මිතුරු වීමට අවස්ථාව ලැබෙනවා. පැරීසිය තුල වාසය කිරීමේදී ඇයට පොලිස්සියෙන් හා මංකොල්ල කරුවන්ගෙන් විවිධ ප්‍රශ්න මතුවූ විට එම ප්‍රශ්න වලින් බේරී සිටීම සදහා  විජේලක්ෂ්මි උපකාර කරයි.
සාම්ප්‍රදායික පංජාබ් කාන්තාවක් ලෙස ඇ ය ප්‍රංශය තුල ඉතාමත් සතුටින් හා නිදහස්ව කටයුතු කරන බව පෙනෙනවා. විජෙය ලක්ෂ්මි සමග එකට එක්ව ඇය මුලු පැරීසිය පුරාම සංචාරයෙහි යෙදෙන අතර ඇය තම ජීවිතයට අත්දැකීම් එක්කර ගැනීම සදහා උත්සහා කරන බව චිත්‍රපටය පුරාවටම දක්නට පුලුවන්.මෙහිදී ඇයට ජපන්, ප්‍රංශ හා රුසියානු මිත්‍රයන්ගේ ඇසුරද ලැබෙන අතර ඇය ඔහුන් සමගද එක්ව විවිධ අත්දැකීම් ලබා ගැනීමට උත්සහ කරයි.

චිත්‍ර පටය අවසන් වනවාත් සමගම විජේ විසින් රාණිට ලබාදුන් මුද්ද විජේ විසින් නැවත රාණිට ලබාදීම මගින් ඇය විජේට ස්තූතිවන්ත වන අතර එමගින් ඇය සමාජය පිළිබදව ඇය‍ට අවබෝධ කර ගැනීම සදහා ගත් උත්සහය සාර්ථක කරගත්බව හගවයි.

චිත්‍රපටයේ පළමු භාගයේදී රාණි නම් චරිතය අධ්‍යක්ෂක වරයා විසින් අපට හදුන්වා දෙන අතර, චිත්‍රපටයේ දෙවන භාගයේදී අධ්‍යක්ෂක වරයා  රාණි විසින් රාණිවම සොයා ගැනීම සදහා ඇයව යොමු කරන ආකාරය දැකගත හැකිය. චිත්‍රපටය ආරම්භයේදී රාණිගේ අතෙහි ඇද ඇති මෙහෙන්දි වල පාට ක්‍රමයෙන් මැකියෑමට ඉඩ සැලැස්වීම හා චිත්‍රපටය පුරාවටම  ඇති දෙබස්  රංගන ශිල්පීන්ට අවශ්‍ය කරන ආකාරයෙන් ගොඩනගා ගැනීමට අවශ්‍ය පූර්ණ නිදහස අධ්‍යක්සක වරයා විසින් ලබාදී ඇත.

India Today පුවත්පත ‍ මෙම චිත්‍රපටය පිළිබදව පහත පරිදි අදහස් දක්වා ඇත.
 '' Film is Amazing and a brilliant package''

Lesson Feminism නම් අන්තර්ජාල වෙබ් අඩෙවියෙහි Queen චිත්‍රපටය කාන්තාවාදී චිත්‍රපටයක් වීම පිළීබදව කරුණු 101 ක් දක්වා ඇත. එහින් කිහිපයක් පහත පරිදිය.
  1. රාණිගේ දෙමව්පියන් ඇයගේ වෙනස පිලිබදව සතුටු වීම
  2. ප්‍රංශය තුල රාණි ගේ හැසිරීම  හා අදහස් සාමාන්‍ය කරණය කිරීම
  3. Drinking, Travailing,  Gambling, Dancing Public යන ක්‍රියා සාමාන්‍යකරණය කිරීම
  4. '' It  show an unapologetic single women who is not a quintessential'' ප්‍රංශටයේ විජය ලක්ෂ්මි නම් තැනැත්තිය නිසා තමාව හා තම දරුවාව තනිවම බලා ගැනීමට තරම් ශක්තියක් තිබීම
  5. වෙනත් රටක තමා තමා ලෙස ඉන්දියානු ජාතික කාන්තාවක් වන ඇය ඇය ලෙස ස්වයංව පෙනී සිටීම අගය කොට පෙන්වීම.
  6. කාන්තාව හා පුරුෂයින් මිත්‍රයන් ලෙස එක්ව සිටීම අනුමත කිරීම
  7. හැම පිරිමියෙක්ම එක හා සමාන නොවන බව පෙන්වීම
  8. විවිධ රැකියාවල යෙදෙන කාන්තාවන් ගේ අයිතිවාසිකම් හා ඇය කොන් නොකළ යුතු බව පෙන්වාදීම
  9. ''Stereotypes of ''macho'' Men man can be Vulnerable too'' කාන්තාවක් සතු අයිතිවාසිකම් හා යුතුකම් පුරුෂයාටත් එකහා සමාන ලෙස බලපාන බව පෙන්වාදීම
  10. සාම්ප්‍රදායික අත්තම්මා නම් තැනැත්තිය උසස් කර පෙන්වීම.
  11. සාම්ප්‍රධායික කාන්තාව නිවසින් නික්ම ගිය පසු ඇයට මුහූණ දීමට සිදුවන අපහසුතා ගැනද කථා කර ඇත.
  12. රාණි නම් කාන්තාව ඇතුලත ඇති තැනැත්තිය අනෙක් කාන්තාවන්ට සමාන කිරීම.
  13. ස්ත්‍රී හා පුරුෂ සමාජභාවය අනුව ඔහුන් චිසින් ඔහුන්ව හදුනා ගන්නා ලද ආකාරය පිළිබදව හා අනෙක් අයගෙන් ඔහුන් අවධානය දිනා ගන්නා ආකාරය පිළිබදවද ශරීර භාෂාව, කැමරා කාච සමග හිතවත් සම්බන්ධතාවයක් දක්වන ආකාරය පිළිබදවත් දක්වා ඇත.
  14.  භාහිර පෙනුම හා ඔහුන්ගේ සමාජ තත්ත්වය, අවට පරිසරය, ආභරණ  හා ඇදුම් භාවිතා කරන ආකාරය ගැනත් අවධානය යොමුකර ඇත.
  15. යුක්තීන් වෙනු වෙන් පෙනී සිටින ආකාරයත්, අවංක බවත්, මනා පාලනයක් සහිත බවත්, ශක්තිමත් භාවයත්, කායික ක්‍රීයාශීලි බවත්, දක්ෂ හා යුක්ති සහගත භාවයත් නිදහස්ව සිතා මතා ස්වේච්ඡාවෙන් කාන්තාවක් ලෙස කටයුතු කළ යුතු බවත් පෙන්වාදී ඇත.
අවසන් වශයෙන් මෙම චිත්‍රපටයේ කාන්තාවන් දෙස සාවධ්‍ය හා මනෝවිද්‍යාත්මකව අවධානය යොමු කර ඇතැයි කිව හැකිය.


No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...