Tuesday, May 30, 2017

''දෙපැත්තේ ඉදන් බේද බින්න වෙවී''

සමාජ විරෝදාකල්පය තුළින් මතුවන 
නිර්මාණාත්මක ගීතය..
(රෝහණ බැද්දේ ගමයන් සහ බන්දුල විජේවීරයන් විසින්ල ගායනා කරන ලද ''දෙපැත්තේ ඉදන් බේද බින්න වෙවී'' ගීතය හැසුරෙනි.)


''දෙපැත්තේ ඉදන් බේද බින්න වෙවී''

දෙපැත්තේ ඉදන් බේද බින්න වෙවී
කිසිදාක විසදන්න හැකිවේද ප‍්‍රශ්නේ
කොතෙක් ඉන්නමුත් සැවෙම එක්සත් නොවී
කිසිදාක විසදන්න හැකිවේද ප‍්‍රශ්නේ

නියපොත්තෙන් කඩන්න තියෙන පැළේ
මහ රූස්ස ගසක් වෙනකම් හිටියොත්
හො`ද මුවහත් පොරව පහර දහස් ගණනක් නොහෙලා
පෙරලන්නම බැරිවෙනවා
දෙපැත්තේ ඉදන්...//

අපි කොයි කවුරුත් ඉපදී මැරෙනා
පොළවේ උරුමේ මතු පරපුරටයි
කාට කාට හො`දයි සම`ගි වෙලා වැඩ කෙරුවොතින්
මේ අපි දෙන්නාවාගේ 
දෙපැත්තේ ඉදන්...//

සමාජයෙහි වසන සාමාජිකයින් ලෙස අප එදෙස බැලිය යුත්තේ විවෘර්ත මනසකින්ය. සමාජයක වෙසෙන පුද්ගලයින්ගේ ප‍්‍රතිරූපයන් පුද්ගල බද්ධ කිරීමේ කි‍්‍රයාවලියක් ගීතය ම`ගින් සිදුවන බව ඔබ අප සියළු දෙනා හොදින් දන්නා කරුණකී. ඉන්දියානු භාෂාවෙන් ''සිංදු'' යන්නෙහි තේරුම අසීමිත යන්නයි. ලොව එතෙක් මෙතෙක් විවිධ භාෂාවලින් ලියැවුණුල ලියැවෙමින් පවතින ගීතයන් මෙතකැයි ප‍්‍රමාණාත්මකව දැක්විය නොහැකිය. සංඛ්‍යාත්මකව ගණනය කළ නොහැකිය.

නිබන්ධයක් සම්පූර්ණ කිරීම සදහා ගීතයක් විචාරයට ලක්කිරීම යනු ඉතාමත් අපහසු කි‍්‍රයාවලියකී. ගීත රචකයා විසින් එම ගීතය ලියන්නේ තම අත්දැකීම් පසුතලයද පාදක කරගනිමිනි . නමුත් එම ගීතය විචාරයට ලක්කිරීමේදී විචාරකයා සතු අත්දැකීම ප‍්‍රමාණය, වයස් පරතරය එම ගීතයෙහි සමස්ථ ගුණ දොස් විදසීම සදහා ප‍්‍රමාණවත් නොවීදටද පුළුවන. නමුත් හො`ද ගීත රචනයක පවත්නාවූ සදාකාලික බව විචාරයක් ම`ගින් හෙලිදරව් වන්නේ නම් එය සතුටට කරුණකී.

නිර්මාණාත්මක සන්නිවේදනය යන විෂය ඒකකය යටතේ සපයන ලද ගීත විචාරය පිළිබදව නිබන්ධය සදහා මා විසින් තෝරාගන්නා ලද්දේ ''රෝහන බැද්දේ ගමයන්'' සම`ග ''බන්දුල විජේවීරයන්'' එක්ව ගායනා කරන ලද ''දෙපැත්තේ ඉදන් බේද බින්න වෙවී'' යන ගීතයයි. ශී‍්‍ර ලාංකීය ගීත සාහිත්‍යයන් තුළ විවිධාකාරී ගීත සම්ප‍්‍රධායන් දැකගත හැකිය. ඒ අතරින්
  • ජන ගීත
  • නූර්ති ගීත
  • සම්ප‍්‍රධායික ගීත
  • අත්දැකීම් පරිකල්පන ගීත
  • පුරාණෝක්ති සිංහල ගීත
  • සංස්කෘතික සාහිත්‍ය ගීත
  • සම්භාව්‍ය සිංහල ගීත
  • පේ‍්‍රම ගීත
  • ගේය පද ගීත
  • කාව්‍යාත්මක ගීත
  • නාට්‍ය ගීත
  • විරෝධාකල්පී ගීත ලෙස ප‍්‍රබේධයන් දැකගත හැකිය. (එෂාන් ඉමල්ක.2009.ගී නැණ සරණීය)                        
ගීත සාහිත්‍යය තුළ විරෝධාකල්පී ගීත සදහා හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකී. එම ගීත බෙහෝ විට රචනාවී ඇත්තේ සමාජය තුළ පවත්නා යම් පොදු ආකල්පයක් හෝ අත්දැකීමක් පදනම් කොටගෙනය. පවත්නා සමාජ ක‍්‍රමයට,දේශපාලන වාතාවරණයට එරෙහිව සමාජවාදී දෘෂ්ටි කෝණයෙන් රචනාවී ඇති මෙම ගීත කිසියම් සිදුවීමක් හෝ බලපෑමක් විස්තර කිරීම සදහා රචකයාගේ අත්දැකීම් සම`ග මුසුවී ඇතැයි  පැවසිය හැකිය.
  • සමාජ පීඩනයන්
  • ඉහළ මධ්‍යම පාන්තික බල තුළනයන්දි
ළි`දු බව හා තාඩන පීඩනයන් පිට කිරීමේ මාර්ගයක් ලෙස ද විරෝධාකල්පී ගීත සාහිත්‍යය හදුන්වාදිය හැකිය.       
මීට වසර 30 කට පෙර පැවතී දරුණු යුධ වාතාවරණයට සමගාමීව ලියැවී ඇති මෙම ගීතය සිංහල හා දමිළ වාර්ගීකත්වයල එකමුතුබව ආරක්ෂා කිරීම උදෙසා ගායනා කරන ලද ගීතයකී. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා සම`ගිය සාමය පැවතිය යුතුය යන සංකල්පය තහවුරු කරමින් රචනාවී ඇති මෙම ගීතය සිංහල හා දමිළ සමාජයේ එකමුතු බව තහවුරු කිරීමට ගන්නා උත්සහයක් ලෙස දැක්විය හැකිය.  සිංහල දෙමළ පුද්ගලයින් අතර ඇතිවූ ඉඩකඩ බෙදා ගැනීම පිළිබ`ද වූ ප‍්‍රශ්ණයක් නිසා දහස් ගණනක් ජීවිත බිළිදෙමින් අවුරුදු 30 කට අදික කාලයක් පැවති යුද්ධය ඇතිවූයේ මීට අවුරුදු 30 කට පෙර නොව අවුරුදු සිය දහස් ගණනකට පෙරය. සිංහල උදවිය දකුණු ප‍්‍රදේශයේ සිට ද දෙමළ ජනතාව උතුරේ සිට ද ගහ ගැනීම්ල  වෙඞ් තියා ගැනීම් ම`ගින් කිසිදු විටෙක යුද්ධය අවසන් නොවන බව කථීකයා දක්වා ඇත. විටෙක දෙමළ ජනතාව හා සිංහල ජනතාව අතර ඇත්තේ අසීමිත නෑකමකි. ලංකාවේ ඇති අනෙක් ආගම් හා සසදා බලන විට මෙම පරතරය ඉතා විශාලව දැක්ක හැකිය.

විටෙක තම ආහාරපාන, ඇදුම් පැළදුම් පමණක් නොව ආවාහ විවාහ ම`ගින්ද එකිනෙකට කිට්ටු බැදීම් ඇති කරනු ලබන දෙමළ හා සිංහල ජනතාව වාසය කරන ලංකාව වැනි රටක දෙමළ පුද්ගලයෙකු ලගින් ගියවිට සිංහල ජනතාවද, සිංහල පුද්ගලයෙකු ල`ගින් ගියවිට දෙමළ ජනතාවද ලේ කුපිත කරවන ආකාරයේ ගහ ගැනීම්, කපා කොටා ගැනීම් සිදුවූ අතීතයක් ලංකාව තුළ තිබුණී. එවැනි බෙදීම් ඇති කිරීම සදහා හේතුවන කාරණාවලින් වැලකී සිටිය යුතුබවත් සාමය, සම`ගිය ඇතිකර ගැනීම සදහා දෙපාර්ෂවයටම ආරාධනා කරනු ලබයි. එම ආරාධනය විටෙක විලාපයක ස්වරූපයකට සමානය.

''දෙපැත්තේ ඉදන් බේද බින්න වෙවී
කිසිදාක විසදන්න හැකිවේද ප‍්‍රශ්නේ
කොතෙක් ඉන්නමුත් සැවෙම එක්සත් නොවී
කිසිදාක විසදන්න හැකිවේද ප‍්‍රශ්නේ''

වර්ෂ 1815 දී කෝල්බෘක් කැමරන් පළමු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලංකාවට හදුන්වාදීමේ දී එහි පාලන කටයුතු ජනතාව අතර බෙදී යන ලද්දේ වාර්ගික නියෝජන පදනම යටතේදීය. එවිට විදායක බලතල හා ව්‍යවස්ථාදායක බලය සුළු ජාතීන් හා මහ ජාතීන් අතර බෙදාදෙන ලදී. එහිදී එවකට ජන ග‍්‍රහනය පදනම් කරගනිමින් වැඩි කොටසක් සිටියේ සිංහල ජාතිකයින්ය. ඔහුන් මහ ජාතීන් ලෙස හැදින්වූ අතර, සුළුතරයක් වූ දෙමළ හා මුස්ලිම් ජනතාව හැදින්වූයේ සුළු ජන පිරිස් යනුවෙන්ය. එම සිදුවීම ජාතිවාදී අර`ගලයේ පළමු පියවර ලෙස හදුන්වාදිය හැකිය.

ඒ බව රචකයා දක්වා ඇත්තේ මෙසේයල

''නියපොත්තෙන් කඩන්න තියෙන පැළේ
මහ රූස්ස ගසක් වෙනකම් හිටියොත්''  යනුවනී.

පොඩියට ආරම්භවූ ප‍්‍රශ්නය විසදා ගැනීම සදහා ආරම්භයේ කෙතෙක් උපක‍්‍රම තිබුණී.  නමුත් එම ප‍්‍රශ්නය අතු ඉතිලා ලිහලන විට එය විසදා ගැනීම සදහා උත්සහා කිරීම ග`ගට ඉනි කැපීම හා සමාන කි‍්‍රයාවලියකී. ඔහු එහිදී පොඩියට බීජ අවස්ථාවෙහි තිබෙන පැළය එනම් ජාතිවාදී අර`ගලය යන ප‍්‍රශ්ණය ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තරය දක්වා වීහිදී ඇති ආකාරයද, සංවර්ධන ක‍්‍රියාවලිය අඩාලවීම සදහා එම ප‍්‍රශ්ණය හේතුවන ආකාරය හා වර්ධනය වී ඇති ආකාරය රූස්ස ගසකට සමාන කරමින් එහි ඇති බැරැරුම්කම අපට සංකේතවත් කරයි.

හො`ද මුවහත් පොරව පහර දහස් ගණනක් හෙළුවත් එම රූස්ස ගස පෙරලීමට අපහසු බව ඔහු එහිදී සදහන් කරයි. යුධ සමයට පෙරලයුධ සමයේ හා යුද්ධයෙන් පසු මිනිසුන්ගේ චර්යාවන් හා ක‍්‍රියා කලාපයන් වෙනස්වී ඇත.

දෙවන ලෝක යුධ සමයේදී ජපානයේ හිරෝෂීමා හා නාගසාකී වැනි ප‍්‍රදේශවල හෙළන ලද න්‍යෂ්ටික ප‍්‍රහාරය නිසා 2016 වර්ෂයට පසුවත් එම රටෙහි ඉපදෙන දරුවන් අන්දභාවයෙන් හා අන්ගවිකල භාවයෙන් යුක්තව උපත ලබයි. ශී‍්‍ර ලංකාවේ තත්වයද ඊට දෙවැනි නොවේ. යුද්ධය නිසා පීඩනයට පත් ජනතාව තුළ තිබෙන්නා වූ මානසික අසහනය අදටත් ඔහුන්ගේ ජීවිත වලින් තුරන්වී නොමැත. එවන් පසුබිමකට අයත් නොවන පුද්ගලයින් වුවද තවත් එවැනිම වූ සිංහල පුද්ගලයෙකු හෝ දෙමළ පුද්ගලයෙකු දෙස බලන්නේ ජාතිවාදී දෘෂ්ටි කෝණයෙන්ය. මේ පිළිබ`දව රචකයා දක්වා ඇත්තේ නිය පොත්තෙන් කඩා ඉවත්කරගත හැකි පැළයක් කැත්තක් හෝ පෙරවක් භාවිතයෙන් ඉවත් කළ නොහැකිබවය.  මිනිසුන් විශාල ලෙස ඝාතනය කරමින් ල  අත් පා සි`ද බිද දමමින් එම අර`ගලය කවමදාකවත් විසදිය නොහැකි බවය. යුද්ධය අවසන් වුවද එහි අනිසි ප‍්‍රථීපල වල තිබෙන්නා වූ කටුක බවල  වියරු බව හා ශෝකාකූල බව තවමත් අඩුවී නොමැති බවය.

මා ඉහත සදහන් කළ ආකාරයට යුද්ධයේ කුරිරු බව දැනෙන්නේ යුද්ධයේ යෙදී සිටින පාර්ෂව දෙකට පමණක් නොවල  යුද්ධයේ අකාරූණික බව අතීතයට පමණක් අයත් නොවන අතර එහි ප‍්‍රතිථල අනාගත පරපුරටද බලපානු ලබන්නේ සෘජුව හා වක‍්‍රා කාරයෙන්ය. භූමියේ බලය නිශ්ෂිත නැත. නිශ්චිත නොවන දේවල් උදෙසා අර`ගල කිරීම නිෂ්ප‍්‍රයෝජන දෙයකී. අප ජවත්වන පරිසරය තුළ තිබෙන්නා වූ නිදහස අපට පමණක් තනිව භුක්තිවිදිය නොහැකිය.  මේ පොළවෙහි අයිතිය අපට පමණක් අයිිති නොවන බවත් එය අනාගත පරපුර උදෙසාද සුරක්ෂිත කර තබාගැනීමේ වගකීම අප සතු බවත් අප හැමවිටෙකම මතක තබාගත යුතුය. සංවර්ධන ක‍්‍රියාවලියේ දී වුවද ආධ්‍යාත්මික හා භෙෘතිිිික සංවර්ධනයට වඩා අගය කොට සලකනු ලබන්නේ තිරසාර සංවර්ධන ක‍්‍රියාවලියයි.

''අපි කොයි කවුරුත් ඉපදී මැරෙනා
පොළවේ උරුමේ මතු පරපුරටයි
කාට කාට හො`දයි සම`ගි වෙලා වැඩ කෙරුවොතින්
මේ අපි දෙන්නාවාගේ''

යනුවෙන් ගීත රචකයා සදහන් කරනුයේ අනාගත පරපුර උදෙසා තම පරිසරය ආරක්ෂා කර තබාගත යුතුය යන්නයි. සම`ගියෙන් ජීවත්වීමේ අ`ගය  කාහටත් පැවරෙන බව ද ඔහු මෙහිදී අවධාරනය කරයි. ජාතිකත්වය හා ජාත්‍යාලය එක් ජාතියකට පමණක් අයත් නොවන අතර එහි ව`ගකීම සමස්ථ ශී‍්‍ර ලාංකිකයින්ටම අයත්වන බවත් ඔහු මෙහි දී දක්වා ඇත. එය බෙදී සිටින ජනතාවට ජාතිය ගොඩනැගීම සදහා කරන්නා වූ ආරාධනයක් බදුය.

ඒ අනුව අපට ගීතයක් ම`ගින් සමාජයක් තුළ විවිධාකාරී වූ විරෝධාකල්පයන් ගොඩ නැගිය හැකිය. එම`ගින් වෙන්ව පවත්නා සමාජයක් එක් කළ හැකිවා මෙන්ම එක්ව සිටින සමාජයක් වෙන් කළ හැකිය.  තවද පුද්ගල ආකල්පයන් ගොඩනැගීමක්ද මෙම`ගින් සිදුවෙයි. 
''දෙපැත්තක ඉදන් බේද බින්න වෙවී'' යන ගීතය රවනා කිරීම ම`ගින් රචකයා උත්සහා දරා ඇත්තේ ශ‍්‍රාවකයා  තුළ  සිංහල හා දෙමළ ජනතාව එකට එක්ව වාසය කිරීමේ අ`ගය පැහැදිලි කරීිමක් බව අපට මෙහිදී හදුනාගත හැකිය.

ජාතිවාදී අර`ගලයේ අක්මුල් තවමත් මැකී ගොස් නොමැත. සංවර්දනයෙහි හා සන්නිවේදනයෙහි දියුණුවත් සම`ග නව මාධ්‍යයන්හී පැමිණීමත් නිසා මෙම ජාතිවාදී අර`ගලය අදවන විට වෙනස් ස්වරූපයක් ගෙන ඇත. එහිදී කපා කොටා ගැනීම් වලට එහා ගොස් මානසික වශයෙන් පීඩනයට පත් කිරීමේ ක‍්‍රියාවලියක් සිදුවන බව හදුනාගත හැකිය. වචනය භාවිතා කිරීම ම`ගින් සිදුනව හෙලා දැකීම් මේවන විට සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත. නවීන ගීත තුළ ද මෙම වචන අඩු වැඩි වශයෙන් දැකිය හැකිය.

උදාහරණ ලෙස 
  • මරක්කලයා
  • දෙමළා
  • හම්භයා
  • කොටියා                               
  • ජාතිවාදියා
  • දේශද්‍රෝහියා 
වැනි වචන භාවිතා කිරීම ම`ගින් සමාජය තුළ අදවන විටත් විශාල බල තුලනයක් ජාතීන් අතර සිදුවන්නේ සීතල යුද්ධයක් ලෙසය. පවතින දෙයක් තුළින් අලූත් දෙයක් ප‍්‍රතිණිර්මාණය කිරීම නිර්මාණශීලීත්වය ලෙස හදුන්වාදිය හැකිය.එම නිර්මාණය සාර්ථක වීමට නම් එම නිර්මාණයෙහි මුලල මැදල අ`ග නිවැරදි ලෙස ගැලපිය යුතුය. එම නිර්මාණය 
  • පුද්ගලානු බද්ධ
  • සමාජනු  බද්ධ
  • විෂයානු බද්ධ විය යුතුය.
තවත් කෙනෙකුට දැනෙන විදින තේමාවකින් ගොඩ නැගී ඇති  මෙම ගීතයෙහි මුඛ්‍ය තේමාව වන්නේ සමාජයෙහි පවත්නා වූ සිද්ධියක් හේතු කොට ඇතිවූ සමාජ විශමතාවය හා අසාධාරණයයි.  කලාත්මක නිර්මාණයක් තුළ මූලික වශයෙන් ගැටුමක් තිබිය යුතුය. එම ගැටුම සමාජය ම`ගින් පිළිබිබුවන්නක් විය යුතුය. ගැටුම විසදා ගැනීමට පෙළබවීමක් ඇතිකළ යුතුය. එමගින් සමාජ ප‍්‍රතිපොෂණයක් සිදු විය යුතුය.

''දෙපැත්තේ ඉදන් බේද බින්න වෙවී''  යන ගීතයෙහි  රචකයා විසින් වචන භාවිතා කොට ඇත්තේ ද ඉතාමත් සංයමයකින් යුක්තවය. රටක් රාජ්‍යක් තුළ ඇති විශාල ප‍්‍රශ්ණයක් ඉතාමත් කෙටි එමෙන්ම සරළ වචන භාවිතා කර පොදු ජනයාට දැනෙන හැගෙන ආකාරයෙන් මෙම ගීතය රචනා කොට ඇතැයි අවසාන වශයෙන් පැවසිය හැකිය.



ආශි‍්‍රථ ග‍්‍රන්ථ

ඉමල්ක එෂාන්ගී,නැණ සරණීය,2009.

ආරියරත්න සුනිල්ල තුටු පඩුර ැ.1994.

ජයරත්න, T.  M, සොදුරු අතීතයල ෆාස්ටි ප‍්‍රින්ටඞ් (ප‍්‍රයිවට් ලිමිටඞ්) කොළඔ - 10.2013.

කුමාර රන්ජිත්,A. Dඅනුභූතිය හා නිර්මාණයල සරසවි ප‍්‍රකාශකයෝ. නුගේගොඩ. 

දනන්සූරිය  ජිනදාස S.කලාත්මක පරිකල්පනයල ගොඩගේ සහ සහෝදරයෝ. 2005.

අමරසේකර ගුණදාස, සිංහල කාව්‍ය සම්ප‍්‍රධායල විසිදුනු ප‍්‍රකාෂකයෝ කොළඔ-10.




No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...