Friday, June 23, 2017

''KEEP CALM'' උණ



දෙවන ලෝක යුධ සමයෙහි ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සදහා වගකිවයුතු ආයතනයක් ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් තොරතුරු අමාත්‍යාංශයක් පත්කලා. වර්ෂ 1939 අගබාගයේදී බ්‍රිතාන්‍යයේ තිබෙන  දූපත්වල ප්‍රදර්ශනය කිරීම සදහා බ්‍රිතාන්‍ය තොරතුරු අමාත්‍යාංශය මගින් පෝස්ටර් නිර්මාණය කලා. මෙසේ නිර්මාණය කරනලද පළමු පෝස්ටරය තද වර්ණ සහිත පසුබිමක ඉහල කොටසේ 4 වන ජෝර්ජ්  (George VI) රජුගේ ඔට්ටුන්නේ සලකුණක් සහිතව සරල නමුත් බලපෑම් සහිත අක්ෂර සමුහයකින් යුතුව  නිර්මාණය කර තිබුනා.

මොහුන් විසින් නිර්මාණය කරන ලද  පළමු පෝස්ටරයේ සදහන් වුයේ ''Your Courage,Your Cheerfulness, Your Resolution will Bring Us Victory'' (ඔබගේ දෛර්යය,ඔබගේ සතුට,ඔබගේ යෝජනාවන් අපට ජයග්‍රණය ගෙනදේ) යනුවෙනි. ඔහුන් විසින් නිර්මාණය කරන ලද දෙවැනි පෝස්ටරයේ සදහන් වුයේ ''Freedom is in Peril'' (නිදහස පවතින්නේ අනතුරේ) යනුවෙනි. මෙම ප්‍රචාරණ පෝස්ටර බ්‍රිතාන්‍ය පුරාවටම ඇති  පොදු ප්‍රවාහන සේවාවන් වල,වෙළදපොලවල් වල හා දැන්වීම් පුවරු වලත් ප්‍රදර්ශනය සදහා තබා තිබුනා.

මෙම පෝස්ටර වල තුන්වන හා අවසාන පෝස්ටරයේ සදහන්ව තිබුනේ ''Keep Calm and Carry On'' (සන්සුන් වන්න,කරගෙන යන්න) යනුවෙනි. ජර්මනිය විසින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීම පිලිබදව මෙම පෝස්ටරය පළකල අතර එවැනි දෙයක් සිදු නොවුණු නිසා ජනතාවට මෙම පෝස්ටරය දැක ගැනීමට හැකිවුණේ නැහැ. 1945 යුධයෙන් පසුව සගවාගෙන තිබු ''Keep Calm'' පෝස්ටර සොයාගනු ලැබුවා.යුධ සමයේ සීවටන වෙන්දේසි කරනවිට මෙම ''Keep Calm'' පෝස්ටරද විශාල වශයෙන් වෙන්දේසි වුණා.

සරල හා අතිශය වැදගත්කමක් සහිතව නිර්මනයවෙන මෙම ''Keep Calm'' පණිවිඩ සහිත පෝස්ටර වර්තමානය වනවිට උන්මාදයක් බවට පත්වෙලා...

Thursday, June 22, 2017

ලොව ධනවත්ම කාන්තාව..


Liliane  Bettencourt ගේ මව මියයන විට ඇගේ වයස අවුරුදු 5 කි. වයස අවුරුදු 15 පමණ වනවිට ඇය තම පියාට අයත් රූපලාවන්ය ආලේපන නිෂ්පාදන ආයතනයේ සේවයට යන්නේ එම ආලේපන වල ලේබල් ඇල වීමට හා එම ආලේපන වල සාන්ද්‍රණය කලවම් කිරීමටය.

වර්ෂ 1950 පමණ වනවිට ඇය ප්‍රංශ කැබිනට් දේශපාලන කරුවෙකුවන ''Andre Bettencourt'' සමග විවාහ වන අතර, වර්ෂ අවරුදු 1987 පමණ වනවිට ඇගේ ස්වාමි පුරුෂයා හා දරුවා සමග එක්ව ''Bettencourt Schuller Foundation'' නමින් පදනමක් ආරම්බ කරන අතර එම පදනම මගින් ලොවපුරා තිබෙන වෛද්‍ය, සෞකය, මානවීය ව්‍යාපෘතීන් සදහා මුදල් ආදර දෙනු ලැබේ. ලොව බලවත්ම කාන්තාවන් අතරින් ඇය මේවන විට 39 වන ස්ථානයේ පසූවූවද, ලොව සිටින ධනවත්ම කාන්තාව ඇයයි.

මේවන විට ඇමරිකානු ඩොලර් බිලියන 44.9 ක ආදායම්ක් ඇය සතුව ඇත. ප්‍රංශයේ තිබෙන ''Loreal'' නම් සුප්‍රකට රුපලවනය ආලේපන නිෂ්පාදන ආයතනයේ හිමිකාරිය වන්නේද ඇයයි. ලොව දෙවැනි දනවත්ම කාන්තාව ''Alice Walton'' නම් වන අතර ඇය සතු වත්කම ඇමරිකන් ඩොලර්ස් බිලියන 38.8 කි, ලොව තුන්වැනි දනවත්ම කාන්තාව සතුව ඇති වත්කම ඇමරිකන් ඩොලර්  බිලියන 27ක් වන අතර ඇය  නමින් ''Jacqucline mars'' ය.

                                  

සුන්දරත්වය ඇත්තේ සිනාව තුලය.


ලොව මෙතේක් බිහිවූ සුන්දරම කාන්තාවන් 5 දෙනා පිලිබදවයි මේ..


                                        




මහා රානි ගයත්‍රී දෙවි (Maharani Gayatri Devi)
ඉන්දියානුවන් අදටත් ඇයව හදුන්වන්නේ ඉන්දියානු ඩයනා කුමරිය ලෙසයි.

                                                    


      
                                                                      ඇන්ජලීනා ජොලී (Angelina Jolie)
                   හොලිහුඩය තුල සිටින සාර්ථක හා දක්ෂ නිළියකි. වයස 37 පමණ වන                                                                   ඇය හොද හදවතක් සහිත කාන්තාවකි.

                                                         




ඓශ්වර්යා රායි (Aishwarya Rai)
සුන්දර දෙනෙතකට හුරුමකම් කියන ඇය,තමාගේ ඇස් ඉන්දියානු අක්ෂි දාන සංගමයට පරිත්‍යාග කර ඇත. ඇය ලෝක රූරැජින සම්මානයෙන් පවා පිදුම් ලැබු ඇය කීප වතාවකදීම ලොව එදා මෙදා තුර සුන්දරම කාන්තාව බවට පත්වුවාය.
                                                   






                                                           
                                                                      ජුලියා රෝබෙර්ට්ස් (Julia Roberts) 
          ලොව ලස්සනම කාන්තාවට හිමි තැන11 වතාවක් දිනාගත් ඇය දක්ෂ නිළියකි.
                                                                  
                                                     






කටේ වින්ස්ටෙර් (Kate Winslet)
මනා පෞර්ෂත්වයක් හා සුන්දර මුහුණක් ඇති ඇය ඔස්කාර් සම්මාන ලාබිනියකි.

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...