Friday, June 23, 2017

''KEEP CALM'' උණ



දෙවන ලෝක යුධ සමයෙහි ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සදහා වගකිවයුතු ආයතනයක් ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් තොරතුරු අමාත්‍යාංශයක් පත්කලා. වර්ෂ 1939 අගබාගයේදී බ්‍රිතාන්‍යයේ තිබෙන  දූපත්වල ප්‍රදර්ශනය කිරීම සදහා බ්‍රිතාන්‍ය තොරතුරු අමාත්‍යාංශය මගින් පෝස්ටර් නිර්මාණය කලා. මෙසේ නිර්මාණය කරනලද පළමු පෝස්ටරය තද වර්ණ සහිත පසුබිමක ඉහල කොටසේ 4 වන ජෝර්ජ්  (George VI) රජුගේ ඔට්ටුන්නේ සලකුණක් සහිතව සරල නමුත් බලපෑම් සහිත අක්ෂර සමුහයකින් යුතුව  නිර්මාණය කර තිබුනා.

මොහුන් විසින් නිර්මාණය කරන ලද  පළමු පෝස්ටරයේ සදහන් වුයේ ''Your Courage,Your Cheerfulness, Your Resolution will Bring Us Victory'' (ඔබගේ දෛර්යය,ඔබගේ සතුට,ඔබගේ යෝජනාවන් අපට ජයග්‍රණය ගෙනදේ) යනුවෙනි. ඔහුන් විසින් නිර්මාණය කරන ලද දෙවැනි පෝස්ටරයේ සදහන් වුයේ ''Freedom is in Peril'' (නිදහස පවතින්නේ අනතුරේ) යනුවෙනි. මෙම ප්‍රචාරණ පෝස්ටර බ්‍රිතාන්‍ය පුරාවටම ඇති  පොදු ප්‍රවාහන සේවාවන් වල,වෙළදපොලවල් වල හා දැන්වීම් පුවරු වලත් ප්‍රදර්ශනය සදහා තබා තිබුනා.

මෙම පෝස්ටර වල තුන්වන හා අවසාන පෝස්ටරයේ සදහන්ව තිබුනේ ''Keep Calm and Carry On'' (සන්සුන් වන්න,කරගෙන යන්න) යනුවෙනි. ජර්මනිය විසින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීම පිලිබදව මෙම පෝස්ටරය පළකල අතර එවැනි දෙයක් සිදු නොවුණු නිසා ජනතාවට මෙම පෝස්ටරය දැක ගැනීමට හැකිවුණේ නැහැ. 1945 යුධයෙන් පසුව සගවාගෙන තිබු ''Keep Calm'' පෝස්ටර සොයාගනු ලැබුවා.යුධ සමයේ සීවටන වෙන්දේසි කරනවිට මෙම ''Keep Calm'' පෝස්ටරද විශාල වශයෙන් වෙන්දේසි වුණා.

සරල හා අතිශය වැදගත්කමක් සහිතව නිර්මනයවෙන මෙම ''Keep Calm'' පණිවිඩ සහිත පෝස්ටර වර්තමානය වනවිට උන්මාදයක් බවට පත්වෙලා...

No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...