Friday, June 16, 2017

බය වෙන්න එපා..



ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්න එපා. සිංහල භාෂාව මව් භාෂාව විදිහට බාවිත කරන අපි අනෙක් කිසිදු භාෂාවක් කතා කිරීමට නොහැකි වීම ගැන බිය විය යුතු නැත. මන්ද භාෂාවක් අවශ්‍ය වන්නේ සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථකව සිදුකර ගැනීම සදහාය. නමුත් සිංහල භාෂාවට අමතරව තවත් එක් භාෂාවක් හෝ අපට කතා කිරීමට නොහැකි නම් අපි ඒ පිලිබදව නැවත වරක් සිතා බැලිය යුතුය.

රැකියා වෙළදපොල තුළ හා ජාතියන්තරය තුළ ඉංග්‍රීසි භාෂාව නොමැතිව සාර්ථක විය නොහැක. එනිසාවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත යුතු බව නිතර දේවේලේ සිහි තබාගත යුතුය. දෙමළ හෝඩියෙහි අක්ෂර 247 ක් ද, සිංහල හෝඩියෙහි අක්ෂර 60 ක් ද ඇත. නමුත් ඉංග්‍රීසි හෝඩියෙහි ඇත්තේ අක්ෂර 26 කි. එම නිසා ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ඉංග්‍රීසි  භාෂාව ඉගෙනගත හැකි බව මතක තබාගත යුතුය. ඉංග්‍රීසි  භාෂාවෙහි ස්වර     අක්ෂර 5ක් ඇත. ඒවා  A,E,I,O,U ලෙස පිලිවෙලින් නම්කළ හැකිය. මෙම අක්ෂර 5 හැරෙන්ටන ඉතිරිව ඇති අනෙක් අක්ෂර 21 ව්‍යංජන ලෙස හැදින්වේ.

ඔබට ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන්ම ඉංග්‍රීසි වර්ණමාලාව පිලිබදව හොද අවබෝදයක් ලබාගත යුතුය. ඉන්පසුව නිතර දේවේලේ නෙත ගැටෙන ඉංග්‍රීසි වචන ගළපා කියවා ගැනිමට හා තේරුම්ගැනීමට උත්සහා කලයුතුය. පසුව ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනු පොතපත,පත්තර නිතර පරිහරණය කලයුතුය. එහිදී තමන්ට තේරුම්ගැනීමට අපහසු, නොතේරන වචන ඇත්නම් එම වචන ශබ්ධ කෝෂයක් ආදරයෙන් (Dictionary) තේරුම් ගැනීමට උත්සහා කලයුතුය.

අද වෙනවිට හැම කෙනකු අතේම ස්මාර්ට් දුරකතනයක් ඇත. එම දුරකථන වලින් ගූගල් ''play store'' වෙතට ගොස් ''English Learning Apps'' යනුවෙන් Search කලවිට ඉතාමත් පහසුවෙන් නිර්මාණශීලිව සාදන ලද ''English Learning Apps'' දහස් ගණනින් සොයාගත හැක.ඒ අතරින් තමාට වඩාත් පහසු ''English Learning Apps'' එකක් හෝ කිහිපයක් තෝරාගෙන එමගින් පහසුවෙන් ඉංග්‍රීසි උගත හැකිය.

දිනපතා තම නිවසේදී සහෝදර සහෝදරයන් සමග හා දෙමුපියන්, අසල්වැසියන් සමග ද, මිතුරන් සමග දුරකථන සංවාදයේදී (phone calls) හා කෙටිපණිවිඩ (SMS) හුවමාරු කරගැනීමේදී තමාට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය කුඩා කුඩා ඉංග්‍රීසි වචන ගළපා කථා කිරීමට උත්සහා කිරීම මගින්ද ඉංග්‍රීසි උගත හැක.

තමා පාරේ ගමන්කරනවිට හා යන එන මග තොටදී  නිතර නෙත ගැටෙන්නට ඇති වෙළද දැන්වීම් කියවීම මගින්ද, සිංහලෙන් පරිවර්දනය නොකරන ලද ඉංග්‍රීසි චිත්‍රපට නැරබීමට පුරුදුවීමෙන් හා ඉංග්‍රීසි ගීත වලට සවන්දීම මගින්ද, රුපවාහිනියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්  විකාෂනයවන පුවත් විකාශනයන්ට සවන්දීම හා නැරබීම පුරුදක් ලෙස සිදුකිරීම මගින් ද ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව උගත හැක.

No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...