Friday, September 8, 2017

රාණී නම් ඇය..



2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය නිෂ්පාදනයෙන් නිර්මාණය වූවකී. මෙම කතාවෙහි ඇතුලත් වන්නේ පංජාබ් කාන්තාවකගේ කථා පුවතයි. ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 12.5 ක් වියදම් කර සාදන ලද මෙම චිත්‍රපටයෙහි වර්ථාගත ආදායම 108 කි. 

62 වන ඉන්දියානු ජාතික සිනමා සම්මාන උලෙළේදී හොදම හින්දි චිත්‍රපටයට හා හොදම නිළියට හිමි සම්මානය දිනාගත්තේ මෙම චිතුපටයයි. නව දිල්ලි නගරයෙහි වාසය කරන ඇය ර‍ාණි මේරාය. මව පියාට කීකරුව කටයුතු කරන ඇය පංජාබ් ජාතික තරුණියකි. ඇගේ විවාහයට සියලු කටයුතු සූදානම්ව තිබියදි ඇගේ පෙම්වතා විජේ ඇයට පවසා සිටින්නේ තමා තවමත් විවාහයට සූදානම් නැති බවයි. මේ හේතුව නිසා දැඩි ලෙස කම්පනයට පත්වන ඇය දවසක් පුරාවටම කාම‍රේ දොරත් වසාගෙන හඩමින් සිටිනවා. මෙම කාම්පනික තත්ත්වය පාලනය කර ගැනීම සදහා ඇය ගනු ලබන තීරණය වන්නේ තනිවම පැරිස් නගරයයට පිටත්ව යෑමයි. එසේ යෑම සදහා ඇය තම දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලා සිිටිනවා. එම ගමන සදහා ඇයට අවසර  ලැ‍ෙබන අතර මෙම ගමන මගින් ඇය තමාගේ දුක අමතක කරගත හැකි බව සිතනවා.

පැරිස් නගරයේදී ඇයට ඉන්දියානු හා ප්‍රංශ හුරුවක් සහිත නිදහස් මතදාරී අවිවාහක එක් දරු මවක්වන  විජෙය ලක්ෂ්මි නම් තැනැත්තිය සමග මිතුරු වීමට අවස්ථාව ලැබෙනවා. පැරීසිය තුල වාසය කිරීමේදී ඇයට පොලිස්සියෙන් හා මංකොල්ල කරුවන්ගෙන් විවිධ ප්‍රශ්න මතුවූ විට එම ප්‍රශ්න වලින් බේරී සිටීම සදහා  විජේලක්ෂ්මි උපකාර කරයි.
සාම්ප්‍රදායික පංජාබ් කාන්තාවක් ලෙස ඇ ය ප්‍රංශය තුල ඉතාමත් සතුටින් හා නිදහස්ව කටයුතු කරන බව පෙනෙනවා. විජෙය ලක්ෂ්මි සමග එකට එක්ව ඇය මුලු පැරීසිය පුරාම සංචාරයෙහි යෙදෙන අතර ඇය තම ජීවිතයට අත්දැකීම් එක්කර ගැනීම සදහා උත්සහා කරන බව චිත්‍රපටය පුරාවටම දක්නට පුලුවන්.මෙහිදී ඇයට ජපන්, ප්‍රංශ හා රුසියානු මිත්‍රයන්ගේ ඇසුරද ලැබෙන අතර ඇය ඔහුන් සමගද එක්ව විවිධ අත්දැකීම් ලබා ගැනීමට උත්සහ කරයි.

චිත්‍ර පටය අවසන් වනවාත් සමගම විජේ විසින් රාණිට ලබාදුන් මුද්ද විජේ විසින් නැවත රාණිට ලබාදීම මගින් ඇය විජේට ස්තූතිවන්ත වන අතර එමගින් ඇය සමාජය පිළිබදව ඇය‍ට අවබෝධ කර ගැනීම සදහා ගත් උත්සහය සාර්ථක කරගත්බව හගවයි.

චිත්‍රපටයේ පළමු භාගයේදී රාණි නම් චරිතය අධ්‍යක්ෂක වරයා විසින් අපට හදුන්වා දෙන අතර, චිත්‍රපටයේ දෙවන භාගයේදී අධ්‍යක්ෂක වරයා  රාණි විසින් රාණිවම සොයා ගැනීම සදහා ඇයව යොමු කරන ආකාරය දැකගත හැකිය. චිත්‍රපටය ආරම්භයේදී රාණිගේ අතෙහි ඇද ඇති මෙහෙන්දි වල පාට ක්‍රමයෙන් මැකියෑමට ඉඩ සැලැස්වීම හා චිත්‍රපටය පුරාවටම  ඇති දෙබස්  රංගන ශිල්පීන්ට අවශ්‍ය කරන ආකාරයෙන් ගොඩනගා ගැනීමට අවශ්‍ය පූර්ණ නිදහස අධ්‍යක්සක වරයා විසින් ලබාදී ඇත.

India Today පුවත්පත ‍ මෙම චිත්‍රපටය පිළිබදව පහත පරිදි අදහස් දක්වා ඇත.
 '' Film is Amazing and a brilliant package''

Lesson Feminism නම් අන්තර්ජාල වෙබ් අඩෙවියෙහි Queen චිත්‍රපටය කාන්තාවාදී චිත්‍රපටයක් වීම පිළීබදව කරුණු 101 ක් දක්වා ඇත. එහින් කිහිපයක් පහත පරිදිය.
  1. රාණිගේ දෙමව්පියන් ඇයගේ වෙනස පිලිබදව සතුටු වීම
  2. ප්‍රංශය තුල රාණි ගේ හැසිරීම  හා අදහස් සාමාන්‍ය කරණය කිරීම
  3. Drinking, Travailing,  Gambling, Dancing Public යන ක්‍රියා සාමාන්‍යකරණය කිරීම
  4. '' It  show an unapologetic single women who is not a quintessential'' ප්‍රංශටයේ විජය ලක්ෂ්මි නම් තැනැත්තිය නිසා තමාව හා තම දරුවාව තනිවම බලා ගැනීමට තරම් ශක්තියක් තිබීම
  5. වෙනත් රටක තමා තමා ලෙස ඉන්දියානු ජාතික කාන්තාවක් වන ඇය ඇය ලෙස ස්වයංව පෙනී සිටීම අගය කොට පෙන්වීම.
  6. කාන්තාව හා පුරුෂයින් මිත්‍රයන් ලෙස එක්ව සිටීම අනුමත කිරීම
  7. හැම පිරිමියෙක්ම එක හා සමාන නොවන බව පෙන්වීම
  8. විවිධ රැකියාවල යෙදෙන කාන්තාවන් ගේ අයිතිවාසිකම් හා ඇය කොන් නොකළ යුතු බව පෙන්වාදීම
  9. ''Stereotypes of ''macho'' Men man can be Vulnerable too'' කාන්තාවක් සතු අයිතිවාසිකම් හා යුතුකම් පුරුෂයාටත් එකහා සමාන ලෙස බලපාන බව පෙන්වාදීම
  10. සාම්ප්‍රදායික අත්තම්මා නම් තැනැත්තිය උසස් කර පෙන්වීම.
  11. සාම්ප්‍රධායික කාන්තාව නිවසින් නික්ම ගිය පසු ඇයට මුහූණ දීමට සිදුවන අපහසුතා ගැනද කථා කර ඇත.
  12. රාණි නම් කාන්තාව ඇතුලත ඇති තැනැත්තිය අනෙක් කාන්තාවන්ට සමාන කිරීම.
  13. ස්ත්‍රී හා පුරුෂ සමාජභාවය අනුව ඔහුන් චිසින් ඔහුන්ව හදුනා ගන්නා ලද ආකාරය පිළිබදව හා අනෙක් අයගෙන් ඔහුන් අවධානය දිනා ගන්නා ආකාරය පිළිබදවද ශරීර භාෂාව, කැමරා කාච සමග හිතවත් සම්බන්ධතාවයක් දක්වන ආකාරය පිළිබදවත් දක්වා ඇත.
  14.  භාහිර පෙනුම හා ඔහුන්ගේ සමාජ තත්ත්වය, අවට පරිසරය, ආභරණ  හා ඇදුම් භාවිතා කරන ආකාරය ගැනත් අවධානය යොමුකර ඇත.
  15. යුක්තීන් වෙනු වෙන් පෙනී සිටින ආකාරයත්, අවංක බවත්, මනා පාලනයක් සහිත බවත්, ශක්තිමත් භාවයත්, කායික ක්‍රීයාශීලි බවත්, දක්ෂ හා යුක්ති සහගත භාවයත් නිදහස්ව සිතා මතා ස්වේච්ඡාවෙන් කාන්තාවක් ලෙස කටයුතු කළ යුතු බවත් පෙන්වාදී ඇත.
අවසන් වශයෙන් මෙම චිත්‍රපටයේ කාන්තාවන් දෙස සාවධ්‍ය හා මනෝවිද්‍යාත්මකව අවධානය යොමු කර ඇතැයි කිව හැකිය.


Wednesday, September 6, 2017

ඇය නොමැති ලොවක්..


සමාජ භූමිකා නිරූපණය කරන ඇය නොමැතිව මෙලොව කෙසේ පවතීද යන්න සිතා බැලිය වත් නොහැකිය. රැකගත යුතු සියල්ල නොරැකෙන මෙවන් කාල වකවානුවක යුක්තීන් හා අයිතිවාසිකම් පිළිබදව කථා කරන්නන් අවපාතයටද, කථා නොකරන්නන් අවලාදයටද ලක්වන ආකාරය හදුනාගත හැකිය. එවන් පසුබිමක ජාතික වශයෙන් කාන්තා අයිතිවාසිකම් ඉටු නොවන විට, ජාත්‍යන්තර වශයෙන් විසදුම් සෙවීමේ මාර්ගයක් ලෙස එක්සත් ජාතීන්ගේ කාන්තා අයිතිවාසිකම් සෙවීමේ කොමිසම විසින් වසර 30 ක පමණ කාලයක් තුලදී ගෙනයන ලද වැඩ පිළිවෙලක් හේතුවෙන්  ජාත්‍යන්තරය පිළිගත් සීඩෝ ප්‍රඥප්තිය හදුන්වාදෙන ලදී.

යුනෙස්කෝ සංවිධානය විසින් වර්ෂ 1979- 12-18 වන දින කාන්තාවන්ට එරෙහිව සියලු ආකාරයේ වෙනස්කම් අහෝසි කිරීමේ පනතක් ලෙස මෙය හදුන්වාදුන් අතර මෙම  පනත ක්‍රියාවට නංවන ලද්දේ වර්ෂ 1980- 09- 03 වන දින සිටය. ශ්‍රී ලංකාව තුල මෙම පනත ක්‍රියාත්මක වූයේ වර්ෂ 1981 ඔක්තෝම්බර් මස 05 වන දිනය.

යුනෙස්කෝ කාන්තාවන්ගේ තත්ත්යවය පිළිබදව කොමිසම පිහිටුවන ලද්දේ වර්ෂ 1946 වර්ෂයේදීය. මෙම කොමිසම මගින්

  1. කාන්තාවන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම හා ඇගයීම
  2. කාන්තාවන්ගේ අයිතීන් උදෙසා කටයුතු කිරීම
මෙම කොමිසමේ වැඩ කටයුතු තුලින් කාන්තාවන්ගේ ජීවිතවල ඇති අසමානතා ගෙනහැර පාන ලදී. මෙම කොමිසමේ උත්සහය නිසා කාන්තා අයිතීන් පිළිබද ලොවට බිහිවුණු වැදගත්ම එමෙන්ම පරිපූර්ණවූ ලියවිල්ලක් ලෙස මෙම  ප්‍රඥප්තිය හදුන්වාදිය හැකිය.

සීඩෝ  ප්‍රඥප්තියේ වැදගත්වන කරුණු කිහිපයක්
  1. කාන්තාවන් උදෙසා ජාත්‍යන්තර අයිතීන් සමුදායක් කෙටුම්පත් කරයි.
  2. මානව හිමිකම් අතරට කාන්තා අයිතිවාසිකම් ගෙන එයි.
  3. මානව අයිතිවාසිකම් පිළිබද විශ්වාස සම්මත කරයි.
  4. ගරුත්වය හා මිනිසාගේ වටිනාකම් යන්නට බැදී සිටි.
  5. කාන්තාවන් හා පුරුෂයන් අතර සමානාත්මතාවය පිළිගනී.
  6. සමානාත්මතාව විග්‍රහ කරයි. සමානාත්මතාව ඇති කරගන්නා විධි පහදා දෙයි.
  7. රටවල කාන්තාවන්ට සමතැන දීමට ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරයි.
සීඩෝ ප්‍රඥප්තියේ පසුබිම
  1. සෑම මනුෂ්‍යයෙක්ම උපතින් සමානය.
  2. සෑම මනුෂ්‍යයෙක්ටම සමාන ගරුත්වය හා සමාන අයිතීන් ඇත.
  3. සෑම මනුෂ්‍යයෙකුටම අයිතීන් හා වරප්‍රසාද හිමිවෙයි.
එලෙස, ජාත්‍යන්තර ගිවිසුම් ගණනාවක් මෙසේ ප්‍රකාෂ කළද, කාන්තාවන් වෙනස්කම් රාශියකට මුහුණපාන බව හදුනාගත හැකිය. කාන්තාවට, පුරුෂයින්ට හා සමාන මානව අයිතිවාසිකම්  හා දේශපාලනික, ආර්ථික, අාධ්‍යාපනය බුක්තිවිදීම අයිතිය,රජය නියෝජනය කිරීමේ අයිතිය,රැකිියා අයිතිය,සෞඛ්‍ය සේවා සදහා ඇති අයිතිය, ග්‍රාමීය කාන්තාවන්ගේ අයිතිවාසිකම්, නීතිමය සමානාත්මතාවය,විවාහ ජීවිතයේ හා පවුල් ජීවිතය තුල සමානාත්මතාවය පිළිබදව තොරතුරු අඩංගුව ඇත. 

සීඩෝ ප්‍රඥප්තිය සදහා රටවල් 23 ක පිරිසක් අත්සන් කලයුතු අතර මෙම පිරිස රහස් ජන්දයක් පැවැත්වීම මගින් සිදුකරනු ලබයි. මේ සදහා විස්තර සියල්ලක්ම ප්‍රඥප්තියෙහි අන්තර්ගත වන අතර මෙම කමිටුවෙහි කාලසීමාව වසර 4 කී. සීඩෝ කමිටුවෙහි වැදගත්ම කාර්යභාරය වන්නේ ප්‍රඥප්තියේ වගකීම් ඉෂට කිරීමට විවිධ රජයන් දරන ප්‍රයන්ත හා ගන්නා ක්‍රියාමාර්ග සෝදිසි කිරීම හා ඒ පිළිබදව රටවලින් ඉදිරිපත් කෙරෛන වාර්ථා විමර්ෂණය කිරීමයි. මෙම පනතෙහි 05 වන කොටසෙහි දක්වා ඇති ආකාරයට ප්‍රඥප්තිය උදෙසා විශේෂ කමිටුවක් පිහිටුවීමේ බලතල ප්‍රඥප්තියට ඇත. මෙම කමිටුව කාන්තාවන්ට එරෙහිව සිදුවන වෙනස්කම් අහෝසි කිරීමේ කමිටුව වශයෙන් නම් දරයි. මෙය සීඩෝ කමිටුව යැයිද හදුන්වනු ලැබේ.
















Monday, September 4, 2017

Terrorism + Journalism


Media is an Integral part of democratic regimes යන්න සම්මතවී  ඇත. Media is The state, None state actors, සමාජ සන්විධාන හා ත්‍රස්ත්‍ර සන්විධාන ‍ (Terrorist and civil society) ලෙස සමාජය ප්‍රබේදයන් දැකගත හැකිය. ත්‍රස්ථවාදීන් හෝ ත්‍රස්ත්‍ර සන්විධාන විසින් මාධ්‍ය භාවිතා කරන ආකාරය පිළිබදව මෙම ලිපිය මගින් කරැණු පෙළගස්වා ඇත. ත්‍රස්ථවාදීන් මාධ්‍ය භාවිතා කරන්නේ ඇයි?
  1. අන් අයට තමන් පණිවිඩයක් ලබාදීමට
  2. ත්‍රස්ථවාදීන්  තම උවමනා හා අවශ්‍යතා අන්අයට දැනුම් දීමට
  3. ත්‍රස්ථවාදීන් තම උද්වේගයන් හා ශෝකප්ප්‍රකාශ පැතිරීමට
  4. ත්‍රස්ථවාදීන් තම බුද්ධිමත්භාවය බෙදා හැරීමට
  5. නවීන යුධ උපක්‍රම ගැන දැනුම්වත් වීමට 
  6. ත්‍රස්ථවාදීන් තම සන්විධානය සදහා නව පුද්ගලයින් බදවා ගැනීමට
  7. ත්‍රස්ථවාදීන් තම දේශපාලනික  ත්‍රස්ථ ක්‍රියා හෝ ප්‍රහාරයන් ගැන අන් අයට දැනුම් දීම සදහා ද කැමැත්තක් දක්වයි.
 ත්‍රස්ථවාදී ක්‍රියා වාර්ථා කිරීමේදී රජයේ වගකීම
  1. මාධ්‍ය ආයතනය සදහා ආරක්ෂාව සැපයීම හා නිදහස් පරිසරයක් මාධ්‍යවේදීන්ට සලසාදීම
  2. පිළිගත් හා නිවැරදි ආකාරයට හොද තොරතුරැ සූදානම් කර ගැනීම
  3. පවත්නා ජනමාධ්‍ය නීති පද්ධතියට අවනත වීම
  4. පොදු ජනතාවගෙන් ලැබෙන තොරතුරැ වලින් මාධ්‍යයකට පලායා නොහැකිය. එනිසාවෙන් ත්‍රස්ත්‍රවාදීන් විසින් උපකරනයක් ලෙස මාධ්‍ය යොදා ගැනීම වැලැක්නවීමේ වගකීම රාජ්‍ය සතුය.
මාධ්‍ය හැමවිටම නිදහස් යැයි පැවසුවත් එය එසේ නොවේ. ගෝලීය ත්‍රස්ථවාද තුල මාධ්‍ය භාවිතාකරණ ආකාරය විවිධවේ. රාජ්‍යක් සතුව ඇති බලතල සීමිතය. 'To provoke a state of terror psychological ware' ත්‍රස්ත්‍රවාදීන් විසින් චූදිතයින් පමණක් නොව සාමාන්‍ය ජනතාවද ඉලක්ක කරගනී. මාධ්‍ය මගින් ඉදිරිපත් කරනු ලබන තොරතුරැ  හා දත්තයන් කුඩා දේ විශාල කර පෙන්වීමට  උත්සහා කරයි. උදාහරණ  ලෙස 2005-07-07 වන දින ලන්ඩන් ප්‍රහාරය දැක්විය හැකිය.

ත්‍රස්තවාදී ක්‍රියා වාර්ති කිරීමේදී මාධ්‍ය එය රිණාත්මකව වාර්තාකරණ ආකාරය
  1. ත්‍රස්ථවාදී ප්‍රශ්ණ වාර්තා කිරීම
  2. මහජනතාවගේ සිත් තුල ත්‍රස්ත්‍රවාදී අදහස් ගොඩනැංවීම
  3. ත්‍රස්ත්‍ර ක්‍රියා අතිශයෝක්තියෙන් යුතුව වාර්ථා කිරීම
  4. ත්‍රස්ථ පනත් ගැන නැවත නැවත මතක් කිරීම
  5. විල්ප්ලවකාරී වීරයන් ලෙස ඔහුන්ව පෙන්වීම
නාසිවාදී නායක හැඩල්ප් හිට්ලර් වරක් පවසා ඇත්තේ
 'පොඩි පොඩි බොරැකාරයින්ට වඩා ලොකු බොරැ කියන අයව මිනිසුන් විශ්වාස කරනවා එම බොරැව නැවත නැවත පෙන්වීම මගින් ඉක්මනින් හෝ පසුව මිනිසුන් එම බොරැව විශ්වාස කරව බව.'

ගෘහ ආශීත ප්‍රචණ්ඩ ක්‍රියා
මරණය
ස්වාභාවික විපත් යනාදිය මගින් ත්‍රස්ත්‍රවාදය ව්‍යාප්තවන බවය.

  • ඇමරිකාවේ පැය 24 ක් දින  444ක් පුරාවටම ත්‍රස්ත්‍ර ක්‍රියා වාර්තාකර ඇත.
  • Twin tower attack ප්‍රහාරයෙහි වීඩියෝ පඪය පැයක් පුරාවටම රෑපවාහිනි නාලිකායවහි විකාශය කිරීම
  • Mumbai Attack සිදුවීම පැය 11 ක් පුරාවටම විකිශය කිරීම හා පැය 09 ක් වැඩිපුර විකාශය කිරීම
  • වර්ෂ 1967- 1987 දී පලස්තීන ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් ඊශ්රයාලයේ 222 දෙනෙක් මියගිය අතර, 1000 ක පමණ පිරිසක් ත්‍රස්ත්‍රවාදීන් විසින් මරණ ලදී.
  • ඇමරිකාවට එල්ල කරන ලද ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් 80 දෙනෙක්‍ මියගිය අතර 20,000 ක පමණ පිරිසක් ත්‍රස්ත්‍රවාදීන් විසින් මරණ ලදී.
  • ත්‍රස්ත්‍රවාදය නිසා වාර්ශිකව ලොව පුරා මිනිසුන් 10,000 කට අදික පිරිසක් මියයයි.
  • 36,000 ක පමණ පිරිසක් ත්‍රස්ත්‍රවාදීන් විසින් මරණයට පත්කරයි.
  • නමුත් මාධ්‍ය මගින් අනවශ්‍ය ලෙස ත්‍රස්ත්‍රවාදීන් ගේ පනත් හා නියමයන් සදහා ආවරණයක් ලබාදෙන බව පෙනේ.
  • ත්‍රස්ත්‍රවාදී නොවන තොරතුරැ සදහා මෙන්ම මාධ්‍ය මගින් සංවේදී තොරතුරැ සදහා මූලික අවධානය යොමුකරන බව පෙනේ.
  • Times of London 43%, 
මෙම ලිපිය අවසන් කල නොහැකිය...


Tuesday, August 29, 2017

ඉන්දියානු මෘදු බලය



බලය ජලයට සමානය. හැමදේම හා හැම දෙයක්ම බලය මත රඳා පවති. හැමෝම එය ලබා ගැනීමට උත්සහා කරයි. නමුත් එහින් කීප දෙනෙක් පමණක් බලය පිළිබඳව අවබෝධ කරගනී.  බලය යනු වැඩ කිරීමේ ප්රතමාණයයි.

Niyeal Ferguson නමැති විද්‍යඥයා මෘදු බලය හ`දුන්වාදී ඇත්තේ ”සම්ප‍්‍රධායික නොවන සංස්කෘතික හා වානිජ භාණ්ඩයක් වැනි බලවේගයක් යනුවෙනී”.

මෘදු බලය යනු කුමක්ද? රටේ රාජ්ය, තාන්ත්රික කටයුතු වලදී එය අපේක්ෂා කරන්නේ ඇයි? හාර්වඩ් විශ්වවිද්යාලයේ දේශපාලන විශේෂඥයින් පවසන පරිදි මෙම බලය සම්බාවනිය වූ බලයක් වන අතර රටට බලය බලහත්කාරයෙන් යොදා ගැනීම සඳහා අවශ්යයදේ ඉටු කිරීම අන්අයට පෙන්වා ගැනීමය. මිලිටරි බලය හෝ ආර්ථික අනුග්රාහයන්ට වඩා මෘදු බලය සඳහා වැය වන මිල අඩුය.

1.සංස්කෘතික ස්ථාපනය 
2.දේශපාලන සාරධර්ම
3.විදේශ ප්රාතිපත්ති 
4.සාහිත්ය්, කලාව, මහජන විනෝදාස්වාදය යන්න මෙහි ප්ර මුඛ අංගයන්ය.

ඉන්දියානු ප්ර්චණ්ඩත්වය, යෝගා, චිත්රදපටල රුපවාහිනිය, නාට්යන. සම්බාව්යක නර්තනය හා සංගීතය, ජාත්යයන්තර ආයතන, බහුජන සමාජ ආහාර පාන හා එහි මුලධර්ම ලොව පුරා සිටින ජන නායකයින්ආකර්ෂණය කර ඇත.

මෙහිදී ඉන්දීය විදේශ ප්ර්තිපත්ති විශ්ලේෂක ක්‍. රජා මෝහන් මහතා  පවසා සිටින්නේ විදේශ ප්රිතිපත්ති හා අරමුණු ඉදිරියට ගෙනයාම සඳහා මෘදු බලය ශක්තිමත් වාහකයක් බවයි. 2006 වර්ෂයේදී ඉන්දියානු රාජ්යම අමාත්ය  ඉන්දියානු රාජ්යත  තාන්ත්රිමක අංශය පිහිටුවීම හා ලොව පුරා ඉන්දීය සබඳතා වර්ධනය කිරීම සඳහා සැලසුම් ක්රිතයාවලියේදී මෘදු බලය බහුලව බාවිතා කර ඇත.
 
Princeton University, හි මහාචාර්ය Rohan Mukarghy පවසන්නේ ඉන්දියානුවන් මෘදු බලය බහුලව බාවිතා කරන බවයි. මෙම සෑම ක්රිචයාවක් තුලම නිළ රාජ්යක තාන්ත්රි්කත්වය සංස්කෘතික හුවමාරුව මගින් සවිබල ගැන්වීම හා විදේශියන් තුල ඉන්දියාව පිළිබඳව ප්රාතිරූපය වර්ධනය කරයි.

Soft Power 
  1. Value Democracy
  2. Fletcher, lit richer and entertainment
  3. Foreign policy
  4. Political
           එක්ජාසත් ජාතීන්ගේ  සංගමය ඇතුළු තවත් පිරිස් මෘදු බලය යන්න ජනප්රිය බලය ලෙසද හඳුන්වයි. වර්ෂ 1941 දී ජපානය හා ජර්මනිය අතරත්, වර්ෂ 1990 දී සදාම් හුසේන් බලය ඉතාමත් බහුල ලෙස භාවිතා කර ඇති බව පෙනේ. මෘදු බලය යනු ආකර්ෂණීය දෙයකි. එය කිසි`දු විටකත් දෘඪ බලය මත රදා නොපවතී. වරක් ඉන්දියානු විදේශ  තනාපතිවරයෙකු කාබුල් නම් න`ගරයට ගුවනින් ගමන් කරන විට ඉන්දියානු චිත‍්‍රපට හි සංගීත තැටි ගෙන ගිය බව වාර්ථාවෙයි. 
              
               අතීත සාම්ප‍්‍රධායික භාරතය හා නූතන ඉන්දියාව දේදුන්නක්සේ විවිධාකාරය, වර්ණවත්ය. බිලියන 1.2 ක ජන ග‍්‍රාණයකින් ද එකිනෙකට විවිධ භාෂාවන් 24  සමන්විත භාෂණ සාහිත්‍යක් ඇති ප‍්‍රාන්ත රාජ්‍ය 28 කින්ස මන්විත ඉන්දියාව පෘතුවියේ ඇති ඉපැරණිම ඉතිහාසයට උරුමකම් කියයි. මිලියන යන ගණනක්වූ කලා සාහිත්‍යයන්ගේ නිජ බිම වන්නේ ඉන්දියාවයි. නඩරාජා පිළිමය අදත් ලොව පුරා සිටින බැතිමතුන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වෙයි. නාට්‍ය, රූකඩ, සිනමාව, කතකලි නර්ථනය, සාම්ප‍්‍රදායික හා ශක්තිමත් ඉන්දියානු සාහිත්‍යය ලොව පුරා ඇති සංගීත ප‍්‍රභේධයන් ඉන්දීය කලාවට හිමිකම් කියයි. විදේශීය රාජ්‍යයන් සම`ග මෘදු බලය බහුලව යොදාගන්නා ආකාරයත් ඒ ස`දහා සාම්ප‍්‍රධායික ඉන්දීය සාහිත්‍ය භාවිතා කරන ආකාරයක් හ`දුනාගත හැකිය.
  •         චිත‍්‍රපට
  •        සිනමාව
  •        මූර්ති ශිල්පය
  •        ප‍්‍රදර්ශන
  •        භාරතීය නැටුම්ගා
  •        ගාන්ධි ජයන්ති උත්සවය
  •        ටෙලිනාට්‍ය
  •        යෝගා සම්ප‍්‍රදායන්
  •        ආහාරපාන 
  •       සුහදශීලි පිළිගැනීම වැනි දේවල් ස`දහන් කළහැකිය. චීන ජාතික  පඩිවරයා පවසා ඇත්තේ ඉන්දායානු මිනිසුන්ගේ සිනහව කිසිවිටෙකත් චීන මිනිසුන්ගේ සිනහවට සමාන කළ නොහැකි බවයි. ඒ මන්දයත් ඉන්දියානුවන් සිනහවකින් පමණක් මෘදු බලය පතුරමින් මිනිසුන් ආකර්ෂණය කිරීමට සමත්ය යන්නයි.  ස`දහා උදාහරණ කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය. 
  •      ජර්මන් හා බර්සිලෝනා වැනි න`ගරවල ඉන්දියානු සෝප් ඔපෙරා නාට්‍ය සම්ප‍්‍රධාය දැකගත හැකිය. (ලංකාවෙහි නිෂ්පාදනය කරන ලද රූපවාහිනි නාට්‍යවල ද මෙම අංග අඩු වැඩි වශයෙන් දැකගත හැකිය.
  •        ඉන්දියානු යෝගා ඉගැන්වීමේ පාසල් ඇමරිකාවේ කැලිෆෝනියා න`ගරයෙහි ස්ථාපිත කර තිබීම
  •        'Chicken tikka masala’ නමැති ඉන්දියානු ආහාරය බි‍්‍රතාන්්‍ය තුළ ජාතික ආහාරයක් ලෙස පිළිගැනීම
  •        Timbuktu නම් න`ගරයෙහි බොලිවුඞ් චිත‍්‍රපට ප‍්‍රදර්ශණය 
  •      ඉන්දීය සුපිරි ගායක A.R Rahman  ගායනා කරන ලද  Jai Ho….!’ ගීතය  ස`දහා ස්පාඤ ජාතිකයින් අපූරු රංගනයක යෙදීම
  •      Chhaiyyan chhaiyyan....’නමැති ඉන්දියානු ගීතය ස`දහා ඉන්දියානුවන් හා ඉන්දුනීසියානුවන් එකට එක්ව නර්ථනයෙහි යෙදීම
  •        Letcher's  හා Seminar  පැවැත්වීම ම`ගින් ඉන්දියානුවන් ගැන හා ඉන්දියානුවන්ගේ විදේශ ප‍්‍රතිපත්තීන් ගැන දැනුවත් කිරීමට උත්සහ කිරීම
  •        තරුණ නියෝජිතයින් අප‍්‍රිකාවෙන් 50,  නේපාලයෙන් 48, දෙනෙකු ද ඉන්දියානු යෞවුන් පාර්ලිමෙන්තුව ස`දහා ඉන්දියාවට ගෙන්වා ගැනීම
  •        පළාත් නියෝජිතයින් ස`දහා 11 දෙනෙක් කන්දහාර් වලින් ගෙන්වා ගැනීම
  •      ඉන්දියානු මහජන වැඩසටහන් සදහා (Public outreach program)  විශ්වවිද්‍යාල ශීෂ්‍ය නායකයින් සවුදි අරාභියාවෙන් 43 ක් ද, ඇමරිකාවෙන් 7 දෙනෙකු ද වශයෙන් ඉන්දියාවට ගෙන්වීම ම`ගින් ඉන්දායානු මෘදු බලය මහජන සම්බන්ධතා හැසුරු කොටගෙන බෙදා හැරීමට උත්සහ කිරීම
  •         ජාත්‍යත්තර වශයෙන් මෘදු බලය සාර්ථකව යොදාගත් නිසා ඉහත ප‍්‍රතිපල ලැබුනු බව ස`දහන් කළහැකිය.
         මෘදු බලය බහුලව යොදාගන්නා අවස්ථාවන් ලෙස
  •        ඉන්දියානුවන් හා පකිස්ථානය අතර සාමය හා ආගම පිළිබ`දව ඇතිවන ගැටලූවලදී
  •        ඉන්දියානු සාගරයෙහි බලපෑම පිළිබ`ද ඉන්දියානු නියමයන් වලදී
  •        ඉන්දියානු බංගලාදේශ අරාබියානු බලපෑම්
  •       ඇමරිකානු හා ඉන්දියා ආසියාතික අනාගත සබ`දතා වලදී හා 21 වන සියවසේ ඉන්දීය ජපන් සබධතාවලදී මෘදු බලය බහුලව භාවිතා කරන බව ෂක්‍ක්‍ෂ –  ICCI – PD Monthly Foreign Policy Forum සම්මන්ත‍්‍රණ යෙහිදී ස`දහන්කර ඇත.
  •        ඇෆ්ගනිස්ථානය නැවත පිහිටුවීම
  •         ආසියාව හා මියන්මාරය සම්බන්ධ කෙරෙන ආකාරයෙන් ඉදි කෙරෙන මාර්ග යෝජනා ක‍්‍රමය
  •        ‘Indian Perspectives in 17 languages  යනුවෙන් මාසික වශයෙන් විදේශීය භාෂාවලට පොත් ලිවීම
  •      1981 හා 2011 වර්ෂ දක්වා ජාත්‍යන්තර සබ`දතා නිරූපණය වන ආකාරයෙන් වාර්ථා චිත‍්‍රපට 300 ක් නිපදවීම
  •     ‘Indian Diplomacy’ වෙබ් පිටුවක් පවත්වාගෙනයාම හා මෙමගින් තරුණ පිරිස සම`ග බලපෑම්කාරීව කටයුතු කිරීම ම`ගින් මෘදු බලය ව්‍යාප්ත ක්ිරීම ස`දහා පසුබිමක් නිර්මාණය කර ඇත.
  •         2.3 ක පිරිසක් අතර හා වාර්ෂිකව 1,50,000  පිරිසක් අතර Twitter, YouTube  භාවිතය ම`ගින් ඉන්දියානු මෘදු බලය පිළිබ`දව තොරතුරු හුවමාරුවවෙයි.
  •      ‘Advancing India’s conversation with the world’ යනුවෙන් Face Book ගිණුමක් පවත්වාගෙනයාම ම`ගින් ‘India Africa – A shared future campus’, Outreach events  — Ad dis Aruba University’’ඉන්දියාව හා අප‍්‍රිකාව අතර පර්යේෂණ සි`දුකරයි.
  •      India is global video challenge හා  India is Face Book   පිටු ම`ගින්ද මෘදු බලය ව්‍යාප්ත කරන ආකාරය හ`දුනාගත හැකිය.
  •      ITEC face book  පිටුව ම`ගින් ජාත්‍යන්තරය තුළ ඉන්දීය ප‍්‍රතිරූපය ගොඩනංවන ආකාරය පහත පරිදි හ`දුනාගත හැකිය.
  •        Behavior
  •        Image
  •        Communion
  •        Reputation
  •        Symbol 
  •        Symbolism

                  
 National Branding Soft Power
    What Sports, Technology, Military Power, Bound investment
               Why  Political and Economical advantages
              ‘The ability to get what you want through attraction rather than coercion or payment’(Joseph Nye -      (2004)
               
               Country Image 
       Government and governance 
       •Exports  
       •Conducts of it's peoples 
       •Individual knowledge 
       •Extender reference
        Official Communication 
       •National Stereo type
        Exports
      

       මහත්මා ගාන්ධීතුමා, සුභාෂ් චන්ද්‍රබෝෂ්, ජවහල්ලා නේරුතුමා, හබ්දුල් කලාම් හා මහා කවි සුප‍්‍රමන්ය භාරතියාර් යන අයගෙන් සුපෝෂිත වූ අතීත ඉන්දියාව කලා කෞශල්‍යන්ගෙන් හා විවිධ ශිල්ප ශාස්ත‍්‍රයන්ගෙන් පිරිපුන් ශක්තිමත් රටකි. වර්ථමාන ඉන්දියාවෙහි මෘදු බලය ජාත්‍යන්තරයවෙතට ගෙනයාමේ පුරෝගාමියා ලෙස නාරේන්ද්‍ර මෝදී මහතා හ`දුන්වාදිය හැකිය. ඉන්දියාවෙහි පවත්නා පෞර්ෂත්ව හැකියාවල ප‍්‍රසන්නබව, ථලදායීතාවය, කාර්යක්ෂමතාවය, ආර්ථික ශත්තිමත්බව,  නායකත්ව ගුණාංග හා ජාත්‍යන්තරය තුළ අනෙක් රාජ්‍යයන් සම`ග සබ`දතා ගොඩනංවා ගැනීමට ඇති කැමැත්ත යන සාදක ඔහුව ජාත්‍යන්තර සන්නාමයක් ''Modi is a Brand'' ලෙස ඔසවා තැබීමට සමත්විය. එය නව මාධ්‍ය හැසුරුකොටගෙන ගොඩනැගුණු නිසා ''Super power of social media'' ලෙස ඔහු හා ඉන්දියානු ප‍්‍රතිරූපය ඔහු විසින් මෘදු බලය යොදාගෙන සි`දු කරන ආකාරය හ`දුනාගත හැකිය.
        
          '‘Hello China’ looking forward to interacting with Chinese friends through welbo’
        යන්න මෝධි මහතාගේ ට්විටර් ගිණුමෙහි ස`දහන්ව තිබුණි. මෙම ජායාරූපමය පණිවිඩය මිලියන 12 ක් ෆොලෝ කර ඇති අතරල චීන ව්‍යාපාරිකයෙකු වන Brand India Beckons පවසන්නේ  හා චීනය අතර මෘදු බලය භාවිතයට ගන්නා තවත් එක් අවස්ථාවක් ලෙස චීන කුංෆු කලාව හා ඉන්දියානු යෝගා ක‍්‍රමත් මෙන්ම චීන කටු චිකිස්ථාව හා පෞරාණික ඉන්දියානු ආයුර්වේද වෙදකම උපයෝගි කරගන්නා ආකාරය පෙනේ. ලොව බල සම්පන්නම හා ආර්ථික කේ‍්‍රන්ද්‍රස්ථානයෙහි ඉහළින්ම ඇත්තේ මහජන චීන සමූහාණ්ඩුවයි. 45,000 ක පමණ ඉන්දියානුවන් ප‍්‍රමාණයක් චීනය තුළ අද වන විට වාසය කරයි. චීන ප‍්‍රධාන වෙළ`දපල තුල රැකියා උත්පාදන ක‍්‍රියාවලියේදී ඉන්දායානුවන් ද දායකත්වය ලබාදී ඇති අතර ඔහුන් ඉතාමත් සාමකාමීව චීනරජය තුළ ජීවත්වන්නේ ඉන්දියානු මෘදු බලය නිසාවෙන්ය. ඉන්දියානු චිත‍්‍රපට කර්මාන්තය චීනය තුලත් ව්‍යාප්තව ඇත. එහිදී ඉන්දියානු වාර්ථාගත ‘PK’ චිත‍්‍රපටය චීන චිත‍්‍රපට ශාලාවල ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආධායමක් වාර්ථා කරන ලදී. 
     Modi visit India – China Think Thank Forum. 2017 වර්ෂයේදී මෝධී මහතා ලංකාවට පැමිණි අතරඉන්දියානු හා ශී‍්‍ර ලංකා මිත‍්‍ර සබ`දතා දියුණු කිරීම ස`දහා ඉන්දියානු මුදල් ආධාර ඇතිව ති‍්‍රකුණාමල ප‍්‍රදේශයෙහි රෝහලක් ඉදිකිරීම ස`දහා ආධාර ලබාදුන්නේ ජාත්‍යන්තරය තුළ ඉන්දියානුවන්ගේ බලය පෙන්වීමටයි. ඇමරිකානු රාජ්‍ය තුළත් ඉන්දියානුවන් විවිධ සංස්කෘතික උත්සව පවත්වමින් තම සදාචාරමය පැතිකඩයන් නිරූපණය කිරීමට උත්සහ කරයි. 
  වඩාත් හො`ද මෘදු බලයක් අත්කර ගැනීම ස`දහා ඉන්දියාව තම ශක්තිය යොදාගත හැකි උපක‍්‍රමයන්
  • ලොව 4 වෙනි විශාලතම ආර්ථික ශක්තිමත් රට වන්නේ ඉන්දියාවයි.
  •  I.M.F නමැති ඉන්දියානු බැංකුව ලොව ඇති 8 වෙනි විශාලතම බැංකුවයි.
  • ලොව 4 වෙනි විශාලතම ත‍්‍රිවිධ හමුදා බල ඇණියක් සහිත ශක්තිමත් රට වන්නේ ඉන්දියාවයි.
  • Nuclear  තාක්ෂණයෙන්ද වර්තමාන ඉන්දියාව සවිමත්ය.
  • Microsoft, Motorola, HP Invent, IBM, Samsung  වැනි දැවැන්ත සමාගම්වල මව් බිම ඉන්දියාවයි.ී
  • Sun Micro systems, Intel Pentium 4, Hot Mail වැනි අති විශිෂ්ඪ පරිගණක මෘදුකාංගයන් සොයාගන්නා ලද්දේ ඉන්දියානු පුරවැසියන් විසිනි. නමුත්, 
  • 1948 - 8 - 15 ඉන්දියාවට නිදහස ලැබුණු අතර, හින්දු මුස්ලිම් සටන, ගාන්ධි තුමාගේ සමුගැනීම, 41.6% ක පමණවූ දරිද්‍රතාවය හා අනෙකුක් විවිධ කාරණාවන් නිසා ඉන්දියාව තවමත් මදක් පසුබෑමේ ලක්ෂණ සහිතව ජාත්‍යන්තරය තුළ කටයුතු කරන ආකාරය හ`දුනාගත හැකිය. ඒ කෙසේ වෙතත් බුදුදහම, හින්දු දහම, තාක්ෂණය, සංස්කෘතික ස්ථාන, කලාව, සාහිත්‍යය,ආහාරවිවිධත්වය, ආයුර්වේදය, යෝගා කලාව, ඉන්දියානු විලාසිතා, කාන්තා රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය, ඉන්දියානු සංගීත සංස්කෘතිය, යන කරුණු පදනම් කරගෙන ඉන්දියානු දේශපාලන හා දේශපාලන නොවන අවස්ථාවන් වලදී මෘදු බලය සූක්ෂමව හා ක‍්‍රමානුකූලව භාවිතා කරන ආකාරය පැහැදිලිය. 

                     

Monday, August 28, 2017

''බජරාවෝ මස්ථානි'' චිත‍්‍රපටයේ නිරූපිත ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනය



එක් ලිංගයකට අයත් අයෙක් තවත් ලිංගයකට අයත් අයෙකුගෙන් වෙනස් වීම ප‍්‍රධාන වශයෙන් ස්ත‍්‍රී පුරුෂ ලිංගිකත්වය ලෙස හැ`දින්වේ. මිනිසා ස්තී‍්‍ර හා පුරුෂ ලෙස තවත් අයෙක්ව හ`දුනාගන්නේ ලිංගිකත්වය පදනම් කොටගෙනය. මේ අනුව ස්තී‍්‍රයක් හා පුරුෂයෙකු ශරීර අංගෝපාංග අනුව බෙදා දැක්විය හැකිය. කාන්තාවක් යන්න ඉතාමත් මට සිලිටු තැනැත්තියක් යන්න අතීතයේ පටන් පැවති අදහසකී. පුරුෂයන් යන්න ශක්කි සම්පන්න හා බල සම්පන්න අයෙක් බවත් පැරැන්නන් විශ්වාස කරන ලදී. මෙම හේතූන් නිසා අතීතයේ පටන්ම කාන්තාව හා පුරුෂයාට වෙන්වූ සමාජ භූමිකාවන් විවිධ විය.

ස්තී‍්‍ර පුරුෂභාවය හා ස්වයංව නැගී සිටින ආකාරය කාන්තා හැසිරීම මෙන්ම පුරුෂයාගේ හැසිරීමල සමාජය තුළ තනි තනිව කාන්තාව හා පුරුෂයා නිරූපණයවන ආකාරය ගැන අවධානය යොමු කිරීම ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය ලෙස හැ`දින්වේ. මෙහිදී ස්තී‍්‍ර හා පුරුෂ යනුවෙන් තනි තනිව ගත් කළ ඔහුන්ගේ භාෂා භාවිත හැකියාව, භූගෝලීය පසුබිම, ඉතිහාසය, දේශපාලනික සමාජ විද්‍යාත්මක පසුබිම, මානව විද්‍යාත්මක හැඩගැසීම් හා චර්යාවන්, නීතිය, වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රතිකාර ප‍්‍රවේශයන් හා මාධ්‍ය භාවිත කරන ආකාරය ගැන පු`ළුල් වශයෙන් අධ්‍යයනය කෙරේ.

මෙහි දී මව, පියා, දුදරුවන් යන්න ප‍්‍රමුඛකොට ඇති පවුල් සංස්ථාව තුළ මෙන්ම ඉන් පිටතදීත් ස්තී‍්‍ර හා පුරුෂ සමාජ හැසිරීම වෙනස්ය. ඒ පිළිබ`දව ලොව පුරා විවිධ පර්යේෂණයන් හා අධ්‍යයනයන් සිදුවී ඇති අතර දැනටද සිදුවෙමින් පවතී. මේ අනුව කාන්තාව හා පුරුෂයා සමාජ සත්ත්වයෙක් ලෙස ජීවත් වීමේදී අනෝන්‍ය වශයෙන් එකිනෙකා හදුනාගැනීමට හා සබ`දතා පැවැත්වීමට අවකාශය සැලසෙයි. එම සබ`දතාවන්හී ශක්තිමත්භාවය පදනම් කොටගෙන පාරම්පරික වශයෙන් වගකීම් හා වගවීම් ගලනයක් සිදුවේ.

එලෙසින් ගොඩනැගෙන සමාජය තුළ සිරිත් විරිත් හා දැනුම හුවමාරු වේ. නව දැනුම උත්පාදනය කිරීමට ඉඩ සැලසේ. පවත්නා මත වෙනස්වීම්වලට ලක්වේ. එතුලින් දැනුම්වත් සමාජයක් නිර්මාණය වේ. අතීතයේ පටන් පැවති සාම්ප‍්‍රධායික මතයන් කණ්ඩනයට ලක්වේ. ඒ අනුව ස්තී‍්‍රය හා පුරුෂයා යන මනුෂ්‍ය කොට්ඨාස දෙකටම පොදු විචල්‍යන් නිර්මාණය  වෙමින් නූතනය වනවිට  වෛද්‍ය විධ්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සම`ගම ස්තී‍්‍ර පුරුෂ ලිංගික අවයවයන් පවා වෙනස් කරගනිමින් ස්තී‍්‍ර පුරුෂ සමාජ භූමිකාව වෙනස් කරගැනීමට බටහිර රටවල පමණක් නොව  අප රටේ මිනිසුන් පවා යොමුවී ඇති ආකාරය පෙනේ. මෙම කරුණු පිළිබ`දව වැඩි දුර අධ්‍යයනයන්හී නිරතවීම ම`ගින් ජනමාධ්‍ය නිසා මිනිස් ලිංගික හා මනෝභාවයන් වෙනස්වන ආකාරයත්ල ස්වභාවධාමයෙන් ඔබ්බට ගොස් තම ලිංගික අනන්‍යතාවය වෙනස් කරගැනීමට යොමුවන්නේ ඇයි ද යන්න අධ්‍යයනය කළ හැකිය.

ස්ත‍්‍රී පුරුෂ සමාජ භූමිකාව හා සමානාත්මතාවය

නවීන ස්තී‍්‍රවාදය විසින් ජීව විද්‍යාත්මක වශයෙන් ස්තී‍්‍ර පුරුෂභාවය පිළිබ`දව ආකල්පය අභියෝගයට ලක් කරයි. මේ ස`දහා හොදම උදාහරණයක් ලෙස ඈන් ෆවුස්ටෝ ස්ටීරීන්ගේ ''ලිංගික මිත්‍යාව'' යන ග‍්‍රන්ථය ම`ගින් ජීව විද්‍යාත්මකව සාරභූතවාදී දෘෂ්ටියකට අනුබල දෙන විද්‍යාත්මක පර්යේෂණවල අඩංගු උපකල්පනයන් ගවේශණය කරයි. මෙහිදී අප විසින් මතක තබාගතයුතු තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කථා බහා කෙරෙන ප‍්‍රමාණයටම පුරුෂයාගේ අයිතිවාසිකම් පිළිබ`දව අවධානය යොමුවන්නේද යන්න සොයාබැලිය යුතුය.

ස්ත‍්‍රී පුරුෂ සමාජ භූමිකාව අතීතයේ පටන් අද දක්වා ක‍්‍රමයෙන් විකාශණයවී ඇත. වර්ෂ 1950 සිට පැවතීයේ කාන්තාවක් නම් ඇය ගෙදර දොර  වැඩ කටයුතු කරමින් ස්වාමියා හා දරුවන් රැුකබලා ගනිමින් සිටිය යුතු බවටත් පුරුෂයා රැුකියාවක නිරත විය යුතු බවටත් මතයක් පැවතුනී. එහි දී බ‍්‍රහම්මණ ආගමට අනුව කාන්තාවකට කිසිදු අයිතිවාසිකමක් භුක්තිවිදීමට අවසර නොතිබුනු අතර ඇය කුඩා කාලයේදී පියා යටතේදල තරුණ අවදියේ ස්වාමි පුරුෂයා යටතේදල මහ`ළු වියේදී තම දරුවන් යටතේද සිටීම අනිවාර්ය කරන ලදී

''බාලේ පිතූර් වරේ ශිෂ්්‍ය... ''

තවද කාන්කාවකගේ නුවණ හැදිමිටට සමාන බවත්ල කාන්තාවකගේ වචන සීතල සදුන් බවත් කාන්තාවක් හැසුරු කිරීම ම`ගින් ඇගේ සිතේ ඇති සිතුවිලි  හළාහල විෂට සමාන බවත් බමුණන්ගේ මතය විය.

''මුඛ පද්ම දාලාකාරං - වාචා චන්දන සීතලං
 මධු ශිෂ්ටති ඡුිව්හාග්රේ - හර්ධයේතු හළාහලං''

නමුත් මෙම තත්ත්වය අදවන විට වෙස්ම මුහුණුවරක් ගෙන ඇති ආකාරය අපට හදුනාගත හැකිය. කාන්තාවන් හා පුරුෂයින් එකිනෙකාට නොදෙවෙනි ලෙස වෘර්තීය ජීවිතය පමණක් නොව අධ්‍යාපනික ක්ෂේත‍්‍රය තුලත් සාර්ථකවී ඇති ආකාරය හදුනාගත හැකිය. සංවර්ධනය වී ඇති රටල්වල කාන්තාවන් බහුතරයම උපාධිධාරීන්ය. එම රටවල ඔහුන් සදහාම වෙන්වූ රැකියා අවස්ථාවන්, සමාජ සේවාවන් ඇත. පරිපාලබ ක්ෂේත‍්‍රයෙහි 6% ම සිටින්නේ කාන්තාවන්ය. එම රටවල අනාගත වෙළ`දපොළ ඉලක්කයන් මු`ළුමනින්ම කාන්තාව ප‍්‍රධාන කොටගෙන ඇතිබව ඔහුන් විශ්වාස කරයි. එම නිසාවෙන්ම ඔහුන් අවිවාහක භාවයෙන් සිටීමට බොහෝවිට උත්සහා කරයි. අද වන විට විවාහක යුවල් තම ගෙදර දොර කටයුතු හා දරුවන් බලාගැනීමේ කටයුතු දෙපාර්ෂවය විසින්ම සිදු කරයි. නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන අවස්ථාවන් පෞද්ගලීකරණය වීම ම`ගින් අධ්‍යාපන හා රැකියා වෙළ`දපොල තුළ දෙපාර්ශවයටම සමාන භූමිකාවක් අදවනවිට ගොඩනැගෙමින් තිබේ. 

ජාතික කාන්තා කම්කරු වෘර්තීය සමිතිය විසින්  2005 මාර්තු මස 08 වන දින බංගලාදේශයේ ඩකා න`ගරයේදී පැවැති කාන්තා දිනය සැමරීමේ උත්සවයේදී͵ 

  • ස්තී‍්‍රවාදය
  • කාන්තාව හා ගැහැණු
  • ආගමික සංකල්පය තුළ නිරූපිත කාන්තාව
  • ස්තී‍්‍රය සතු බලය
  • කාන්තාවකගේ අයිතිවාසිකම් තහවුරු කිරීම
  • කාන්තාවල පෞද්ගලික දේපළ හා රාජ්‍ය
  • කාන්තාව හා ලිංගික දේශපාලනය
  • ලිංගික අපචාර
  • ස්තී‍්‍ර පුරුෂ ගැට`ළු
  • ක`ළු ස්තී‍්‍රවාදී අදහස්ස්තී‍්‍
  • රවාදය හා ස්වභාවධර්මය පිළිබ`දව විශාරදත්වය 
යන කරුණු පිළිබ`දව ස්තී‍්‍ර දර්ශණය පිළිබ`දව ප‍්‍රධාන න්‍යායාචාරීන් වන බාර්කි බොවෝයර්ල බට්ලර් කොලින්ස්, ඩාලි ඬේවිස්, වොල්සන් කැට් මාර්ටින් යන තැනැත්තන් විසින් පුළුල්ව සාකච්ඡ කර ඇත.
මේ අනුව බලන විට ස්තී‍්‍රය හා පුරුෂයා ලිංගික වශයෙන් වෙස් වුවත් මානවීය අවශ්‍යතා අතින් ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ඇති බව හ`දුනාගත හැකි අතර උවමනාවන් හා අවශ්‍යතාවයන් පදනම් කරගෙන පුද්ගල ආකල්ප හා ගැට`ළු නිර්මාණයවන බවත් හ`දුනාගත හැකිය. අතීතයේ කාන්තාවක් හා පිරිමියෙක් කළ යුත්ත හා නොකළ යුත්ත ලෙස තහංච් සංකල්පයක් සමාජය තුළ කි‍්‍රයාත්මක විය. නමුත් අද වන විට මෙම තත්ත්වයට පටහැනි දේවල් සිදුවන බවත්, සමහර පිරිස විසින් මෙම වෙනස්වීම සමාජ පරිනාමයේ තවත් එක් පියවරක් ලෙසත් හ`දුන්වනු ලැබේ.

ස්ත‍්‍රී පුරුෂ දර්ශනවාදීන්

ස්තී‍්‍රවාදය යනු කාන්තාවන්ට දේශපාලනික, ආර්ථික, පෞද්ගලික හා සමාජීය අයිතිවාසිකම් නිර්වචනය කිරීම ස්ථාපනය කිරීම සහ සමාජීය අයිතිවාසිකම් ලබාගැනීද ස`දහා පො`දු අරමුණක් ඇති දේශපාලන ව්‍යාපාර, දෘෂ්ටිවාදීන් හා සමාජ ව්‍යාපාරයන් ම`ගින් කාන්තාවන් ස`දහා අධයාපනික හා වෘර්තීය අවස්ථාවන් ඇති කිරීම ස`දහා උත්සාහ කිරීමයි. මෙම දර්ශනවාදී හා ඔහුන් කටයුතු කරන සංවිධාන ම`ගින් ස්තී‍්‍ර අයිතිවාසිකම්ල ඡුන්ද අයිතියල කාන්තා අයිතිවාසිකම් උල්ලන්ඝනය කිරීම්, ස්තී‍්‍ර දුෂණ, ලිංගික හිංසන, ස්තී‍්‍ර හා පුරුෂ යන දෙපාර්ෂවයේම කායික ස්වාධීනත්වය හා අඛණ්ඩතාව ප‍්‍රවර්ධනය කිරීමටද කටයුතු කරයි.

තවද ගබ්සා කිරීම්, ස්තී‍්‍ර පුරුෂ සමාජ අසමානතාවයේ ස්වභාවයන් අවබෝධ කරගැනීම ස`දහා ස්තී‍්‍රවාදී ව්‍යාපාරවලින් ඉස්මතුවන අදහස් ස්තී‍්‍ර පුරුෂවාදී දර්ශනවාදය ම`ගින් නිරූපණයවේ. වසර ගණනාවක් පුරාවට ලොව පුරා විවිධ ස්තී‍්‍රවාදී ව්‍යාපාරයන් හා විවිධ මතවාදයන් වර්ධනය වී ඇති අතර ඒවා විවිධ අරමුණු හා දෘෂ්ටි කෝණයන් නියෝජනය කරයි. සමහර ස්තී‍්‍රවාදීන් මධ්‍යම පාන්තික අපේක්ෂාවන් විවේචනයට ලක්කරයි. මෙම විවේචනයන් ම`ගින් අයහපත් මත දරණ ස්තී‍්‍රවාදය ඇතු`ළුව, ජනවාර්ගීක විශේෂිත බහු සංස්කෘතික ස්වරූපයන් නිර්මාණය වෙයි.

වර්ෂ 1992 දී පිරිමි ළමුන්ගේ ලිංගික ඒකාකෘතීන් හා කුඩා ළමුන් පිළිබ`දව පරීක්ෂා කරන ලදී. එහදී මව්වරුන්ගේ යහපත් ප‍්‍රතික‍්‍රියා හා සමලිංගික හෝ විරුද්ධ ලිංගික සෙල්ලම් බඩු වලට දරුවන් ප‍්‍රතිචාර දැන්වූ ආකාරයත් හ`දුනාගත හැකිය.  වර්ෂ 1920 දී වර්ජීනියානු ජාතික වුල්ෆ් ස`දහන්කර ඇත්තේ ස්තී‍්‍රන්ගේ සාරධර්ම ලිංගිකත්ව අ`ගයන් අනුව වෙනස්වන බවය. තවද ස්තී‍්‍ර පුරුෂ සමාජභාවයෙහි ඒකාත්මක ස්වරූපයක් ඇති බවත් මේ ස`දහා මොළයේ ඇති සීමිත සංවේදක හා මතක පද්ධතීන් බලපානබව සොයාගෙන ඇත. තවද දරුවන්ගේ ගණිතමය හැකියාව අනුවද ස්තී‍්‍ර පුරුෂ ස්වරූපයන්ගේ බලපෑම හ`දුනාගත හැකිය. ලිංගික ඒකාකෘතිය පිළිබ`ද තවත් අධ්‍යයනයකදී දෙමව්පියන්ගේ ඒකාකෘතිකභාවය දරුවන්ගේ ලිංගිකත්වය ස`දහාද බලපාන බව සොයාගෙන ඇත. ස්තී‍්‍ර පුරුෂභාවය පිළිබ`දව විශ්ලේෂණය යනු සමාජ ආර්ථික විශ්ලේෂණයකී. වර්ෂ 1970 දී පමණ ස්තී‍්‍රවාදය පිළිබ`දව ප‍්‍රවේශය කරලියට පැමිණෙන ලදී. 

ස්තී‍්‍ර පුරුෂ සමාජ රාමුව ලෙස හ`දුන්වන ලද්දේ හාවඞ් ජාත්‍යන්තර සංවර්ධන ආයතනය විසිනි. වර්ෂ 1980 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලසුම් ඒකකයෙහි සේවය කරන කැරොලින් මොසර් විසින් ස්තී‍්‍ර පුරුෂ සන්වර්ධන ප‍්‍රවේශය හ`දුන්වා දෙන ලදී. මෙමගින් ස්තී‍්‍ර පුරුෂ අනන්‍යතාවය, ලිංගික අවශ්‍යතා තක්සේරු කිරීම, සම්පත් පාලනය හා බෙදාහැරීම, ගෘහ නිර්මාණ ශිල්පය පාලනය කිරීමල සමබර කිරීම ස`දහා සැලසුම් කිරීමල යන කරුණු ඇතුලත්වේ. සාරා හ්ලූපෙකිලි විසින් නිර්මාණය කරන ලද ස්තී‍්‍රන් බලගැන්වීම හා සමානාත්මතාවය ප‍්‍රායෝගිකව අර්ථකථනය කිරීම යන සංකල්පයද කාන්තා ඉලක්ක සංවර්ධන ව්‍යාපෘතිවලදී භාවිතා කරන ලදී.

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය යනු සමාජ ව්‍යුහයන් හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත කේන්ද්‍රගතවූ මනෝවිද්‍යාවකී. එය ස්තී‍්‍ර පුරුෂවාදී ගැට`ළුවලට බලපෑම් කරයි. ස්තී‍්‍ර අයිතිවාසිකම් කෙරෙහි ස්තී‍්‍ර මනෝවිද්‍යාව අවධාරණය කරයි.
බජරාඔි මස්ථානි චිත‍්‍රපඨය පිළිබ`ද හ`දුන්වාදීම

සිනමා කර්මාන්තය හා කාන්තාව

වර්ථමාන ච්ත‍්‍රපඨ කර්මාන්තය 70% ක් කාන්තාව පදනම් කරගෙන ඇතැයි කිව හැකිය. ස්තී‍්‍රවාදී ච්ත‍්‍රපඨ මූලික වශයෙන්ම පෙනී සිටින්නේ ස්තී‍්‍රවාදී දෘශ්ටිය පෙරදැරි කරගෙනය. 60 හා 70 දශකය පමණවනවිට ස්තී‍්‍රවාදී ච්ත‍්‍රපඨ න්‍යායාත්මකව වර්ධනය විය. දේශපාලන විවාද හා ලිංගික විමුක්තිය මෙන්ම 60 දශකයේදී රැුඩිකල්කරණය වූ කාන්තාවල රැුඩිකල්වාදයේ අසමත්කම ජනවාර්ගිකව නැගී එන කණ්ඩායම් සෑදීමටත්ල විවිධ දෘශ්ටිකෝණයන්ගෙන් කාන්තාවන්ගේ ප‍්‍රධාන සිනමා නිර්මාණයන් ම`ගින් කාන්තාවන් විශ්ලේෂණය කිරීමටත් සමත්විය. අත්ලාන්තික් සාගරය දෙපසින්ම ස්තී‍්‍රවාදය ව්‍යාප්තවන්නට විය. වර්ෂ 1972 දී ඇමරිකාවෙහි හා එන්ගලන්තයේදී පළමු ස්තීවාදී සිනමා උළෙල හා පළමු ස්තී‍්‍රවාදී ස`ගරාව වන කාන්තාව හා සිනමාව යන කෘතිය එලිදක්වන ලදී.

එඩින්බරෝ සිනමා උළෙලේදී ස්ත‍්‍රීවාදී ච්ත‍්‍රපඨයට ප‍්‍රබල බලපෑමක් ඇති වෙනත් අය විසින් දර්ශනවාදයේ හා මනෝවිශ්ලේෂණ ප‍්‍රවේශයන් ම`ගින් ස්ත‍්‍රීවාදී ච්ත‍්‍රපඨ විවේචනය හා බෙදාහැරීම ප‍්‍රබල විය. වර්ෂ 1930 හා 1950 ගණන් වලදී හොලිවුඩි ච්තා‍්‍රගාරවල සුපෝගබෝගී කර්මාන්ත තුළ කාන්තාවන්ගේ තත්ත්වය අඥාන විය. 

බජරාඔි මස්ථානි සිනමා කෘතියට පසුබිම්වූු කථා වස්ථුව

මෙම චිත‍්‍රපඨය ඉන්දියානු වීර ඉතිහාස කථා ගණයට අයත් පේ‍්‍රමණීය කථා පුවතකී. සංජේ ලීලා බන්සාලි  අධ්‍යක්ෂනයෙන් හා කිෂෝර් ලූලා නිෂ්පාදනයෙන් හා ආර් ප‍්‍රකාෂ් තිර රචනයෙනල් විනාඩි 158 ක් දිවෙන මෙම බජරා ඕ මස්ථානි ච්ත‍්‍රපඨය  2015 - දෙසැම්බර් - 18 වන දින නිකුත්කරන ලදී. මෙම ච්ත‍්‍රපඨයේ ප‍්‍රධාන ලෙස රංගනයෙන් දායක වන්නේ රන්වීර් සිංල දීපිකා පදුකෝන් හා ප‍්‍රියන්කා චොප්රාය. මෙම චිත‍්‍රපඨය ඉන්දියානු රුපියල් කෝටි 125 ක වියදමින් නිෂ්පාදනය කළ අතර මෙම චිත‍්‍රපඨයෙහි වාර්ථාගත ආධායම ඉන්දියානු රුපියල් කෝටි 358.2 කී.  ඉන්දියාව ඇතුළත චිත‍්‍රපඨ ශාලා 5000කට අදිකවත්ල අනෙකුත් රටවල් වල ච්ත‍්‍රපඨ ශාලා 850කට අදිකවත්ල මහජන චීන සමූහාණ්ඩුව තුළ චිත‍්‍රපඨ ශාලා 6000කට පමණ මෙම ච්ත‍්‍රපඨය ප‍්‍රදර්ශණය කරන ලදී.

රංවීර්සිං නැතහොත් බජරා ඕ රජුගේ පළමු බිරි`ද ලෙස ප‍්‍රියන්කා චොප්රාත්බ, ජරාඔි රජුගේ දෙවැනි බිරි`ද ලෙස  දීපිකා පදුකෝන් රංගනයෙහි යෙදේ. මෙම චිත‍්‍රපඨය විවේචකයින්ගේ හා විචාරකයින්ගේ නිබ`ද පැසසුමට ලක්විය. ඉන්දියාවේ විවිධ සම්මාන උළෙලවල්වලදී මෙම ච්ත‍්‍රපඨය සදහා සම්මාන රැසක්ම ලැබුණි. 63 වන ඉන්දියානු ජාතික  සිනමා සම්මාන උලළේදී මෙම ච්ත‍්‍රපඨය ස`දහා සම්මාන 7ක් ලැබුණි. 61 වන ෆිල්ම් ෆෙයා සම්මාන උලළේදී සම්මාන 14ක් ඇතු`ළුව හො`දම ච්ත‍්‍රපඨයට හිමි සම්මානයද හිමිකරගත්තේ මෙම චිත‍්‍රපඨයයි.

මෙම චිත‍්‍රපඨයෙහි කථා පුවත මෙසේ සාරාංශ කළ හැකිය. 18 වන සියවස පමණ වන විට මරථ දේශයේ රජුට තම උසාවියට අලූත් අ`ගමැති කෙනෙකු අවශ්‍ය වෙයි. මේ ස`දහා රාජ සභාවෙන් නම් දෙකක් යෝජනාවන අතර ඉන් එක් තැනැත්තෙකු වන්නේ බජරාඔි රජුය. මෙහිදී යෝජිත දෙපළගේ ශක්තිය හා බුද්ධි මට්ටම උර`ගාබැලීම ස`දහා විවිධ තර`ග පැවැත්වෙයි. මෙම තර`ග සියල්ලෙන්ම බජරාඔ රජ ජයග‍්‍රහණය කරයි. මෙහිදී බජරා ඕ රජුගේ බිරි`ද නිවසට වී සිටින අතර රජු නිවසට පැමිණෙන තෙක් ඇය තම එදිනෙදා කටයුතුවල නිරත වෙමින් සාමිප‍්‍රධායික ඉන්දියානු කුළ කාන්තාවකගේ චරිතය නිරූපණය කරයි. බජරාඔ රජු බ‍්‍රාහ්මණ ආගමිකයෙකී. මස්ථානි කුමරිය මුස්ලිම් ආගමික තැනැත්තියකී. බජරාවෝ රජු මුස්ලිම් ආගමික මස්ථානි කුමරිය සම`ග විවාහ වන්නේ රාජ්‍යයේ හා තම පළමු බිරි`ද ගේද විරුද්ධත්වය මධ්‍යයේය. මේ ඔස්සේ දිවෙන කථා පුවත ඇතුළත ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා පරතරය මෙන්ම මතගැටුම්ල මානසික පීඩනයන් හා ආගමිකල සංස්තෘතික වශයෙන් කාන්තාව හා පුරුෂයාට මුහුණ දීමට සිදුවන විවිධ ඇළ හැප්පීම් හා ඔහුන් කෝටී සංඛ්‍යාත පේක්ෂකයා වෙත ගෙන යාමේදී යොදාගෙන ඇති විවිධ උපක‍්‍රමයන් අතිවිශිෂ්ට වේ.

විශාල ප්‍රෙක්ෂක පිරිසක් වෙත යම්කිසි අදහසක් ගෙනයාමේදී විවිධ උපක‍්‍රමයන් යොදාගත හැකිය එහිදී ඉන්දියානු ප්‍රෙක්ෂකයාට මෙන්ම සමස්ථ ජාත්‍යන්තර පේ‍්‍රක්ෂාව ඇමතීමේදීි ඉන්දියානු ස්ත‍්‍රීවාදී අදහස් පමණක් නොව කාන්තාව සතු ශත්තියත් උද්ධීපණය කර ඇති ආකාරය අධ්‍යක්ෂක වරයාගේ හා අනෙකුත් අයගේ දක්ෂතාවය යැයි පැවසිය හැකිය. 

''බජරාවෝ මස්ථානි'' චිත‍්‍රපටයේ නිරූපිත ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනය

යම්කිසි නිර්මාණයක සාර්ථකත්වය ඇත්තේ කාන්තාවකගේ අඩ නිරුවත ප‍්‍රදර්ශණය කිරීමෙන් පමණක් යන්න කියමනක් ඇත. නමුත් මෙම චිත‍්‍ර පඨය එම මතයට විරුද්ධය යමින් කාන්තාවකගේ වීරත්වය හා ස්වාමීභක්තියත් පෙන්වන ආකාරයෙන් නිර්මාණයවී ඇත. එක් ලිංගයකට අයත් තැනැත්තෙකු තවත් ලිංගයකට අයත් තැනැත්තෙකු සම`ග කටයුතු කිරීමේදී හා කථාබහා කිරීමේදී ඔහුන් අතර විවිධ මානසික වශයෙන් මෙන්ම බාහිර වශයෙන්ද වෙනස්කම් හ`දුනාගත හැකිය. කැමරා කාච කාන්තාවකගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා ආවරණය කරන්නේ බොහෝවිට ලිංගික ආකාර්ශණය වෙළ`දපොළ තුළ මුදල කරගැනීම ස`දහාය. එම නිසා කාන්තාවක් කැමරාවේ ක්ෂණික අවධානය දිනාගැනීමට සමත් වෙනවා. එහි දී ඇගේ බාහිර පෙනුමල ඇ`දුම්ල ශරීර බර, තරබාරුකම,  හැසිරීම, ක‍්‍රියාකාරකම්, සමාජ තත්ත්වය, නිරූපණය යනාදිය විකිණෙන අතර මෙම චිත‍්‍රපඨය පුරාවටත් එම සාදක  දැකගන්න පු`ළුවන්.
බජරා ඕ රජුගේ පළමු බිරි`දගේ ඇසිරීම  හා කථා විලාශය බොහෝ දුරට 
  • ලාළනය
  • අඩවන් දෙනෙතින් යුතු
  • බිම දිගාවී සිටීම
  • පුටුවක හෝ ඇෙ`ද් වාඩිවී සිටින
  • ප‍්‍රසන්න සිනාවකින් මුව පුරවාගත්අ
  • වුල් සහගත
  • ස්වභාවික පරිසරයට හා සතා සිව්පාවනට ආදරය කරන
  • පිරිමියෙකුගෙන් යැපෙන
  • ලිංගිකත්වය හා ලිංගිකභාවය නිරූපණය කරන
  • නොසැලකිලිමත්ල්ල
  • සෙල්ලක්කාර
  • නිදහසින් තොර
  • පුරුෂයාට අවනත
  • ආගම දාමට නැඹුරු
  • ස්වයංව තීරණයක් ගත නොහැකි
  • සාම්ප‍්‍රධායික ඇ`දුමින් හා ආභරණයන්ගෙන් හැඩවුණ
  • මුරණ්ඩු පැවතුම් ඇති
  • පුරුෂාධිපත්‍යයට අවනත
  • සියුම් ගතිගුණ ඇති තැනැත්තියක් ලෙසත් නිරූපණය කර ඇත.
බජරා ඕ රජු දෙවනුවට විවාහ වන්නේ දෙමව්පියන්ගේ අකමැත්තෙන්ය, ඔහුගේ දෙවැනි බිරි`ද මුස්ලිම් ජාතික කාන්තාවකී. ඇගේ ගතිගුණත් බජරා ඕ රජුගේ පළමු බිරි`දගේ ගතිගුණත් බොහෝදුරට සමාන නමුත් ආගමික හා සමාජීය වශයෙන් ඔහුන් විවිධ වන නිසා ඔහුන් තුළත් විවිධත්වයක් දැතගත හැකිය. ඇගේ හැසිරීම් රටාව 

  • අරමුණට ල`ගාවීමට සමත්වි
  • යවුල්අ
  • දිෂ්ඨානශීලී
  • විටෙක පුරුෂයා ඉක්මවා යන
  • පුරුෂයාගේ හරි වැරැුද්ද පෙන්වාදෙන
  • විවෘත දෑස් ඇති
  • සාම්ප‍්‍රධායික ඇ`දුම් මෙන්ම තමාගේ ශරීර හැඩය පවත්නා ඇ`දුම් හා ආභරණ පළදින.
  • ශරීර පාලනය සහිත
  • අවදානමය මුහූණදීමට සූදානම්නො
  • සැලකිලිමත් නොවූ
  • ලිංගිකත්වය හා ලිංගිකබාවය නිරූපණය කරන
  • තනිවම ජීවත්විය හැකි
  • දක්ෂ
  • සටන්කාමී 
  • සරාගී
  • කලාකාමී තැනැත්තියක් ලෙසත් ඇයව නිරූපණය කර ඇත.
මෙම චිත‍්‍රපඨයේ නිරූපිත ප‍්‍රධාන පුරුෂ චරිතය වන්නේ බජරාවෝ රජුය. එකම චිත‍්‍රපඨය තුළ කාන්තාවන් දෙදෙනෙක් ආකාර දෙකකට නිරූපණය කර ඇතත් විචාරශීලී පේ‍්‍රක්ෂකයෙකුට මොහුන් අතර පවත්නා සියුම් වෙනස්කම් හො`දින් හ`දුනාගත හැකිය නමුත්  විශේෂයෙන් බජරාඔි රජු ඇතු`ළුව මෙම චිත‍්‍රපඨයේ සිටින අනෙකුත් පුරුෂ පාර්ෂවය නිරුපණය කර ඇත්තේ මෙසේය. 

  • අවධානමට බය නැති
  • එක් අඹුවකට වඩා අඹුවන් හැසුරු කළ හැකි
  • ස්ථාවර හා අවංක
  • අවට පරිසරය ගැන විපරමින් හා අවධානයෙන් සිටින
  • විවෘර්ත ඇස් ඇතිල වට පිට බලන
  • පරිපූර්ණ පුරුෂ සිරුරක් ඇති
  • ශරීර පාලනයක් සහිත
  • මුහූණෙන් අභිනය පෙන්වන
  • තම අතින් දේවල් ශක්තිමත්ව අල්ලා සිටින හෝ දරාගෙන  සිටින
  • නිර්භීත
  • කායිකව හි මානසිකව ක‍්‍රියාශීලී
  • දක්ෂ
  • සටන්කාමී
  • පරිසරයට ලැදි
  • බලපෑම්කාරීල ශක්ති සම්පන්න
  • පුරුෂ ලක්ෂණ සහිත
  • ස්වයංව සිතාමතා තීරණ ගත හැකි
  • යම් කිසි වැඩක් තනියම කළ හැකි නිදහසින් යුතු
යනුවෙන් නිරූපණය කර ඇත. වර්තමාන ලෝකය තුළත්  බෙහෝ කාන්තාවන් පුරුෂාධිපත්‍යයට ගරු කරයි. එවන් කාන්තාවන් ඉලක්ක කරගෙන බජරා ඕ රජුගේ පළමු බිරි`දත්ල නිර්භීත කම හා ආත්ම විශ්වාසයෙන් යුත් කාන්තා පිරිස ඉලක්ක කරගෙන බජරාඔි රජුගේ දෙවන බිරි`දත් නිරූපණය කර ඇති බව පෙනේ. බජරා ඕ රජුගේ මාර්ගයෙන් සමස්ථ පුරුෂ පාර්ෂවය නිරූපණය කර ඇති ආකාරයත් පුරුෂයෙකු සතු ශක්තිය මෙමගින් සමාජගත කිරීමට උත්සහා දරා ඇතිබවත් පෙනේ. ඒ බව මෙම චිත‍්‍රපඨය  මු`ළුමනින්ම නැරඔීම ම`ගින් හො`දින් වටහාගත හැකි අතර එම`ගින් නිරූපිත ස්ත‍්‍රී පුරුෂ භාවය පිළිබ`දව සමාජ පරස්පර විරෝධී අදහස්ද අවබෝධ කරගත හැකිය.

මෙම චිත‍්‍රපඨය පුරාවටම බජරාඔි රජුගේ පළමු බිරි`ද බජරා ඕ රජු කෙරෙහි දැඩි ස්වාමි භක්තියෙන් යුතුව නිරූපණය කර ඇත. බජරා ඕ රජු ඔහුගේ දෙවැනි විවාහයත් සම`ගම දෙවැනි බිරි`ද ළ`ග හැමවිටකම සිටීම නිසා ඔහුගේ දෙවැනි බිරි`ද සපත්්නිරෝෂය නම් මානසික පීඩනයෙන් තෙරපෙන ආකාරය මේත් සම`ග ඉතාමත් අපූරුවට අධ්‍යක්ෂණය කර ඇත. නමුත් කථාව අවසානයේදී ඇය ඇගේ ස්වාමියා කෙරෙහි ඇති භක්තිය නිසාවෙන් ඔහුගේ දෙවැනි බිරි`ද කෙරෙහි පවා කරුණාව දක්වන අතර ඇය එහිදී සාම්ප‍්‍රධායික ඉන්දියානු කාන්තාවකගේ චරිතය නිරූපණය කරයි.

තවද මෙම චිත‍්‍රපඨයෙහි අවස්ථාවන් දෙකකදී බජරාඔි රජු පළමු භාර්යාව සම`ග මෙන්ම දෙවැනි භාර්යාව සම`ගද අතිනත අල්ලමින්ල පෙම්බස් දොඩමින් සිටින ආකාරය හ`දුනාගත හැකිය. නමුත් පිරිමියාට පමණක් එසේ කාන්තාවන් දෙදෙනෙකු සම`ග විවාහවීම අතීතයේ පටන් පැවතුනක් බවත් කාන්තාවකට වර්තමානය තුළ වුවද එම අයිතිවාසිකම හෝ එසේ කිරීම ම`ගින් ඇය සමාජයෙහි අසරණභාවයට ඇ`ද දමන සාධකයක් ලෙසත් හ`දුනාගත හැකිය.

මස්ථානි කුමරිය පිරිමි දරුවකු ප‍්‍රසූත කරයි. එම අවස්ථාවේදී එතැන සිටින්නේ මස්ථානි කුමරිය හා බජරාඔි රජු පමණී. බජරාඔි රජු එම දරුවාට බ‍්‍රාහ්මණ ආගමික නමක් යෝජනා කරන අතර අලූත උපන් දරුවා අතට ගනිමින් ඔහු මස්ථානි කුමරියට පවසන්නේ මෙම දරුවා අනාගතයේදී රණ ශූරයෙකු විය යුතුය යන්නයි. ඒ අනුව  වර්තමානයේදී ඉපදීමේ පටන් නොව දරුවකු කුසේ දරාගෙන සිටි අවදියේම එම දරුවා ගැහැණු දරුවෙක් ද? පිරිමි දරුවෙක්ද? යන්න සොයා බලා එම දරුවාට අවශ්‍ය ඇ`දුම් පැළ`දුම් හා ආභරණ ගැහැණු දරුවෙකු නම් රෝස පාටින්දල පිරිමි දරුවෙකු නම් නිල් පාටින්ද මිළදී ගැනීමට දෙමව්පිය යුවළ පෙළ බෙයි. 

මෙම කථා පුවතේ හැටියට මස්ථානි කුමරියට ලැබුණේ පිරිමි දරුවෙකී. වැරදිලාවත් මෙම කථාව අනුව ඇයට දාව ගැහැණු දරුවකු ඉප`දුනා නම් ඇයව මරාදමන්නටද ඉඩ තිබුණි. අද ද ඉන්දියානු සමාජය තුළ ග‍්‍රමීය වශයෙන් ගැහැණු දරුවන් ඉපදුණානම් ඔහුන්ව මරා දමන ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මකවේ.සමාජය තුළ දෙවැනුවට විවාහ කර ගත් මස්ථානි නම් කුමරිය හැමවිටෙකම සමාජයේ අනෙකුත් කාන්තාවන්ගේ ගැරහුමට ලක්වන ආකාරයත් හ`දුනාගත හැකිය. නමුත් මෙම කාරණාවේදී බජරාවෝ රජුත් මස්ථානි කුමරියත් දෙදෙනාම දඩුවමට මෙන්ම අවළාදයට ලක්විය යුතුය නමුත් මෙහිදී අසරණ වන්නේ මස්ථානී කුමරිය පමණී. එහිදී බජරා ඕ රජුගේ පළමු බිරි`ද සෑම දෙනාගේම අනුකම්පාවට ලක්වන ආකාරත් නිරූපණය කර ඇත. මෙම ච්ත‍්‍රපඨය තවත් ච්ත‍්‍රපඨ සෑදීමේදී යොදාගනු ලබන මූලාශයක් ලෙසද තවත් අධ්‍යක්ෂකවරුන් විසින් භාවිතා කරයි. එසේ භාවිතා කිරීම ම`ගින් අනාගතයේදී නිෂපාදනය කිරීමට නියමිත චිත‍්‍රපඨ වලත් මෙම නිර්මාණයෙහි ඇති යම් යම් කරුණ ඇතුළත් විය හැකියි. එම නිසා අතීතයේ ස්ත‍්‍රීය හා පුරුෂයා වෙන් වෙන් වශයෙන් නිරූපණය කරන ලද ආකාරයත් වර්ථමානයේ නිරූපණය කරන ආකාරයත් බොහෝදුරට එකහා සමාන ලක්ෂණ වලින් සමන්විත වන ආකාරයත් හදුනාගත හැකිය. මේ අනුව විශේෂයෙන් ආසියානු සමාජය තුළ කාන්තාව නිරූපණය කළ ඇති ආකාරය චිත‍්‍රපඨ වල ආධායම් ලැබීමේ ප‍්‍රධානතම මාර්ගයක් ලෙසත් පැවසිය හැකිය. 

මෙම චිත‍්‍රපඨයේ  රංගනයෙහි යෙදෙන න`ළු නිළියන් ගැනද කථා කළ යුතුමය. පි‍්‍රයංකා චොප්රා හා දීපිකා පදුකෝන් යන දෙපළ හොළිහුඞ් සිනමාව තුළ ඉහළම ස්ථානයෙහි සිටින දෙදෙනෙකී. ඔහුන් දෙදෙනාගේ රංගනය ඉතාමත් ප‍්‍රබලය. ඔන්ගේ රූපය හා අ`ග පස`ග හොලිහුඩය තුළ සන්නාමයක් වී අවසන්ය. රංවීර් සිං ද ඊට නොදෙවෙනි පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත හොලිවුඩය තුළ කැපීපෙනෙන පුරුෂ සන්නාමයකී. ඔහුන්ගේ ආකර්ශනීය රංගනයෙන් හා අභිනයෙන් මෙන්ම ආර් ප‍්‍රකාෂ් නම් අතිදක්ශ තිරකථා රචකයාගේ මනෝවිද්‍යාත්මක තිරකථා රචනයෙන් සමන්විත මෙම චිත‍්‍රපඨයේ අලෙවි ප‍්‍රවර්ධන කාර්යය ම`ගින් ස්තී‍්‍ර පුරුෂත්වය මුදල් බවට පෙරලා වාර්ථාගත චිත‍්‍රපඨයක් බවට පත්කරන ලදී. බජරා ඕ රජු නිරූපණ කිරීමේදී ඔහු සියල්ල දත් ශිල්ප ශාස්ත‍්‍ර අතින් අ`ගතැන්පත් අයෙකු ලෙස මෙහිදී නිරූපණය කර ඇත. බලසම්පන්න පුරුෂ ශක්තියෙන් යුක්ත නිර්භීත තැනැත්තෙක් ලෙස  අර්ථ නිරූපණය කර ඇත.

 ඔහු අදින පළදින ඇ`දුම් මෙන්ම ආභරණත් ඉතාමත් පෞරාණික හා පෙෘඩත්වය ඉස්මතු කරන ආකාරයෙන් නිර්මාණයවී ඇත. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනය කළවිට අන්තර් ක්ෂේස්ත‍්‍ර අධ්‍යයනයක් ලෙස ස්තී‍්‍ර භායව හා පුරුෂභාවය ස්වයන්ව නැගී සිටින  ආකාරයල කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ හැසිරීමල සමාජය තුළ තනි තනිව කාන්තාව හා පුරුෂයා නිරූපණය වන ආකාරය ගැනත් මෙම ච්ත‍්‍රපඨය පුරාවටම අවධාරණය කර ඇත. අවසාන වශයෙන් ස්ත‍්‍රී පුැරෂ භාවය හා ඉන්දියානු ඉතිහාසය පමණක් නොව කාන්තා පාර්ශවයේ හා පුරුෂ පාර්ෂවයේ ඉතිහාසගත කථා පුවත්ල භාෂා භාවිතයල භූගෝලීය පසුබිම තුළ ඔහුන් හැසිරෙන ආකාරයල දේශපාලනික තීරණකෙරෙහි ඔහුන් දක්වන ලැදියාව හා අකමැත්තල සමාජ වටපිටාවල ස්තී‍්‍ර පුරුෂ මානව විද්‍යාව හා මනෝවිද්‍යාවල චර්යාව හා හැසිරීමල ලිංගික වශයෙන් අසරණ වන ආකාරයත් මෙම ච්ත‍්‍රපඨය පුරාවටම මනාව නිරූපණය කර ඇත්තේ පු`ළුල් ලෙස  ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනයකින් අනතුරුව යැයි කිව හැකිය.

නිගමන 

  • මෙම නිර්මාණය පුරාවටම කාන්තාව සාම්ප‍්‍රධායික ස්ත‍්‍රීයක් ලෙස  නිරූපණය කර ඇති බවත්ය
  • ගේ ඇ`දුම් පැළ`දුම් ආදියත් ඊට සරිලන ලෙස නිර්මාණය කර ඇති බවත්පු
  • රුෂයා නිරූපණය කිරීමේදී ඔහුගේ පුරුෂාර්ථ හා ශක්තිය ඉස්මතුවන ආකාරයටත්පු
  • රුෂයාගේ ස්වාමීත්වයට හා බල පරාක‍්‍රමයට අනුව කාන්තාව අවනත වන ආකාරයටත්ගෙ
  • දර දොර කටයුතු කාන්තාව විසින් කළයුතු බවත්පු
  • රුෂයා වීරත්වයේ සංකේතයක් ලෙසත්කා
  • කාන්තාව අසරණ හා පුරුෂයා මත්තෙහි යැපෙන්නියක් ලෙසත්
  • කාන්තාව ස්වයංව සිතාමතා තීරණයක් ගත නොහැකි තැනැත්තියක් ලෙසත්පු
  • පුරුෂයා ස්වයංව තීරණ ගතහැකි තැනැත්තෙකු ලෙසත්පු
  • පුරුෂයෙක් ලෙස ඉපදීම වීරත්වයේ සංකේතයක් බවත්කා
  • කාන්තාවක් එසේ නොවන බවත්එ
  • එක් පුරුෂයෙකුට එක් කාන්තාවකට වඩා වැඩි කාන්තාවන් හැසුරු කළ හැකි බවත්කා
  • කාන්තාවක් තම ස්වාමියාට පමණක් අවනත විය යුතු බවත්කු
  • කාන්තාවන් එක් පුරුෂයෙක් ගෙන් පමණක් සෑහීමට පත්විය යුතුබවත්ස්වා
  • පුරුෂයාගෙන් අභ්‍යන්තර වශයෙන් හා භාහිර වශයෙන් එල්ලවන සියලූ බලපෑම් කාන්තාව එක සිතින් විද දරාගත යුතු බවත්
  • ඇය විවාහයෙන් පසුව ස්වාමියාට අවනතව පති භක්තියෙන් යුතුව කටයුතු කළ යුතු බවත් මෙම චිත‍්‍රපඨය නැරඹීම ම`ගින් අවබෝධ කරගත හැකිය.
  • තවද වර්ථමාන ලෝකය තුළත් කාන්තා අයිතිවාසිකම් හා යුතුකම් පිළිබ`දව කථාබහා කිරීම ජාත්‍යන්තර කාන්තා දිනය සමරණ සතියට පමණක් සීමාවී ඇතැයි දල යුරෝපීය රටවල කාන්තාව හි ආසියානු රටවල කාන්තාව අතර පරස්පර විරෝධී ලෙස සමාජ භාවය තීරණය වන බවත්, ස්තී‍්‍ර දුෂණ හා අනෙකුත් අධිකරණ ආශි‍්‍රථ ගැටලූ වලදී ස්තී‍්‍රය ආරක්ෂා කිරීම ස`දහා විවිධ නීති අණපණත් පැවතියත් ඒවා කෙතෙක් දුරට ක‍්‍රියාත්මකවේද යන්නත්ල පිරිමි ළමුන්ගේද පුරුෂභාවය ආරක්ෂා කිරීම ස`දහා පවතින අන පණත් නිසි ලෙස ක‍්‍රියාත්මකවේද යන්න ගැට`ළු සහ`ගත බවත් නිගමනය කළ හැකිය.
  • වර්තමාණය වන විට පුරුෂයෙක් කාන්තාවක් ලෙසත්ල කාන්තාවක් පුරුෂයෙක් ලෙසත් තම අනන්‍යතාවය තමාට අවශ්‍ය පරිදි ඇ`දුමින් පමණක් නොව සැත්කමක් කිරීම ම`ගින් තම ලිංගේන්ද්‍රය පවා වෙනස් කර ගනිමින් සම ලිංගික හා ද්වී ලිංගික විවාහ කරගත හැකි වර්ථමාන සමාජයක අප ජීවත්වන බවත් එවැනි ස්ත‍්‍රී පුරුෂ භාවයන් කෙතෙක් දුරට තම සංස්කෘතිය සභ්‍යත්වයට ගැලපේද යන බවත් තමා විසින් ස්වයං තීරණයකට ලක් කළ යුතුබවත් අවසාන වශයෙන් නිගමනය කළ හැකිය 
ආශි‍්‍රථ ග‍්‍රන්ථ

EMadsen, S. R. (2010 ). The Experiences of UAE Women Leaders in Developing Leadership Early in Life. project muse , https://muse.jhu.edu/article/408751/summary.

MN(Hons), D. J. (19 July 2004). Giving voice to the burden of blame: A feminist study of mothers’ experiences of mother blaming. International journal of nursing practice, http://onlinelibrary.wiley.com/doi/10.1111/j.1440-172X.2004.00474.x/full.

O'Connor, J. S. (Sep., 1993),Gender,Class and Citizenship in the Comparative Analysis of Welfare State Regimes: Theoretical and Methodological Issues. jstor (The British Journal of Sociology) , http://www.jstor.org/stable/591814?seq=1#page_scan_tab_contents.

McCahill, M. (2015.Des.23).Bajirao Mastani review – lusty yet progressive historical love triangle.Theguardian,https://www.theguardian.com/film/2015/dec/23/bajirao-mastani-review-historical-love-triangle-deepika-padukone-ranveer-singh-priyanka-chopra.

Murmu, N. K. (2016). What are the main difference between man and woman psychology? Quora , https://www.quora.com/What-are-the-main-difference-between-man-and-woman-psychology.

Parlee, M. B. (1979). Psychology and Women. The university of chicago press journal, http://www.journals.uchicago.edu/doi/abs/10.1086/493688?journalCode=signs.

Ph.D., G. B. (2014. sep.21). Ten Differences Between (Most) Men and Women. psychology today. , https://www.psychologytoday.com.

Singh, S. (December 18, 2015 ). Bajirao Mastani movie review: Ranveer Singh and Priyanka Chopra are the stars in Bhansali's latest ill-fated romance. India today, http://indiatoday.intoday.in/story/bajirao-mastani-movie-review-ranveer-singh-and-priyanka-chopra-are-the-stars-in-bhansalis-latest-ill-fated-romance/1/550305.html.


Warren, H. (02 Jul 2007). Using gender-analysis frameworks: theoretical and practical reflections. Oxfam ,http://policy-practice.oxfam.org.uk/publications/using-gender-analysis-frameworks-theoretical-and-practical-reflections-131639.

weerasooriya, n. (2015-07-23). Are women adequately represented in Sri Lanka’s political space? daily mirro,http://www.dailymirror.lk/80729/are-women-adequately-represented-in-sri-lanka-s-political-space.

(n.d.). http://www.wercsl.org.

(n.d.). http://cenwor.lk.

(n.d.). http://womenstudies.co/2016/.

Angelay.Davis. (February 15, 2017). Gender studies . UCLA Social science diviction, http://www.genderstudies.ucla.edu.

Bhansali, S. L. (2015). Bajirao Mastani. yidio , https://www.yidio.com/movie/bajirao-mastani/56730?utm_source=Google&utm_medium=Search&t_source=70&gclid=CjwKCAjwtdbLBRALEiwAm8pA5UFQmkGWtVW9WQ37vur78m7xPDw7E7srKNFG3cPu4QOnS5C2oPGtiRoCoJUQAvD_BwE.

L.jantz, G. (2014.feb.24). Brain Differences Between Genders. psychology today , https://www.psychologytoday.com/blog/hope-relationships/201402/brain-differences-between-genders.

McCahill, M. (2015.Des.23). Bajirao Mastani review – lusty yet progressive historical love triangle. Theguardian , https://www.theguardian.com/film/2015/dec/23/bajirao-mastani-review-historical-love-triangle-deepika-padukone-ranveer-singh-priyanka-chopra.

Murmu, N. K. (2016). What are the main difference between man and woman psychology? Quora , https://www.quora.com/What-are-the-main-difference-between-man-and-woman-psychology.

Parlee, M. B. (1979). Psychology and Women. The university of chicago press journal , http://www.journals.uchicago.edu/doi/abs/10.1086/493688?journalCode=signs.

Ph.D., G. B. (2014. sep.21). Ten Differences Between (Most) Men and Women. psychology today. , https://www.psychologytoday.com.

singh, S. (December 18, 2015 ). Bajirao Mastani movie review: Ranveer Singh and Priyanka Chopra are the stars in Bhansali's latest ill-fated romance. India today , http://indiatoday.intoday.in/story/bajirao-mastani-movie-review-ranveer-singh-and-priyanka-chopra-are-the-stars-in-bhansalis-latest-ill-fated-romance/1/550305.html.

Strimpel, Z. (Monday 19 November 2012). Why do so few men take gender studies courses? Women the womens blog , https://www.theguardian.com/lifeandstyle/the-women's-blog-with-jane-martin son/2012/nov/19/so-few-men-gender-studies.

Warren, H. (02 Jul 2007). Using gender-analysis frameworks: theoretical and practical reflections. Oxfam , http://policy-practice.oxfam.org.uk/publications/using-gender-analysis-frameworks-theoretical-and-practical-reflections-131639.

weerasooriya, n. (2015-07-23). Are women adequately represented in Sri Lanka’s political space? daily mirro,http://www.dailymirror.lk/80729/are-women-adequately-represented-in-sri-lanka-s-political-space.


Thursday, August 3, 2017

කාරිය :



ඉහළ පෙළ හා පහළ පෙළ තනතුරු දරන හා තනතුරු නොදරන සියලු දෙනාම රාජකාරියට වාර්තා කරන්නේ තම ජීවිතය සාර්ථක කර ගැනීමට හා තම අවශ්‍යතා සපුරාගැනීම මෙන්ම ණය නොවී ජිවත් වීම සදහාය. තමා රාජකාරිය කරන ස්ථානය තුළ අවට පරිසරය රාජකාරිය කිරීමට තරම් සුදුසු ද නැද්ද යන්න රදාපවතින්නේ තමාගේ මානසිකත්ව ඊට ඔබින ලෙස සකස් වුවහොත් පමණි. වැඩ කරන පරිසරය තුළ තම ඉහළ නිලධාරියෙක් කෑ කෝ ගසමින්  එකාදිපත් අයුරින් වැඩ කරයි නම් ඔහු හෝ ඇය පිලිබදව ආයතනයෙහි අනෙක් පුද්ගලයන් තුල මැවෙන ප්‍රතිරූපය පිලිබදව නැවත වතාවක් සිතාබලිම යහපත්ය. යම් අයෙක් නිවැරදිව, පලදායීව හා  කාර්යක්ෂමව තම රාජකාරිය කරයි නම් එම ශබ්ධය එම තැනැත්තාට විශාල බාධාවක් හා කලකිරිමකී. එවැනි පරිසරයක සිත නිරවුල්ව තබාගෙන වැඩ කිරීමට අපහසුය.

තමා විසින් කරනු ලබන රාජකාරියට හා තම සේවා ස්ථානයට තමා අවංකව කටයුතු කරනවානම් තමාද එම රාජකාරිය නිසි ලෙස හා නිවැරදි වෙලාවට නිම කිරීමට දැනගත යුතුවන අතර. එය තමාගේ පෞර්ෂත්වය විදහාපාන කැඩපතක් බදුය. යම් කිසි ස්ථානයක තමාට තම දක්ෂතාවයට හා තම වටිනාකමට ඉඩක් නැතිනම් හෝ එම සේවය තමාට නොගැලපේ යැහි හැගේ නම් එම ස්ථානයෙන් ඉවත්වීමට දෙවතාවක් නොසිතිය යුතුය. මන්ද එවැනි තැනක තමාට තම රාජකාරියට සාදාරණයක් ඉටුකිරීමට නොහැකි වන නිසාය.

නමුත් අන් අය කුමක් කීවත් තමා පිලිබදව  හා තමා එම රාජකාරිය පැවරු අනෙක් තැනත්තන්ට  තමා පිලිබදව තබා ඇති විශ්වාසය තමා විසින්ම ආරක්ෂා කරගත යුතු අතර තම අරමුණට ඒවා අධාල නොකරගත යුතුය.

Wednesday, August 2, 2017

තව දින ..?


විභාගයට  ලෑස්ති  වෙන්න දිනපතා දින ගැනීමේ පුරුද්දක් ඔබටත්ත් තියෙනවාද? .. වේලාවකට හිතා ගන්න බැහැ. විභාග  මොකකටද කියලා. නමුත් අනික් හැමෝම විභාගයට භය වෙලා, මූණ ඇඹුල් කරගෙන ඉද්දි ලියපු හැම විභාගයම  ජීවිතේ තවත් පිටුවක් ලියන්න කියලා හිතාගෙන.. ජීවිතේ ලියන හැම විභාගයක්ම ඉහළින්ම සමත් වෙන්න බැරි වුනත්, හිත සතුටින් තියාගෙන හැම විභාගයකටම ලියන්න.

විභාගයට  පෙරාතුව භයානක හා අසමත්  සිතුවිලි හිතට  එන්න පුළුවන් නමුත් එවැනි සිතුවිලි යටපත් කරගෙන ලොකු ශක්තියක් ඇති කරගන්න තමන්ගේ හිතට පුළුවන්.. කිසිම වේලාවක විභාග ශාලාව ඇතුලත හො පිටත කිසිදු පුද්ගලයෙකුගේ  ර්‍රනාත්මක අදහස් වලට හො දුක් ගැනවිලි වලට සවන් දෙන්න එපා.. එවැනි දේවල් විභාග අවසන් වූ පසු කතා කරන්න පුරුදු වෙන්නත් එපා. විභාගයට නියමිත වේලාවට විභාග ශාලාවේ අසුන් ගන්න.. තමා  කැමැති නම් පමණක් විභාගයට පෙරාතුව  තමා අදහන ආගම සිතාගන්න. හොඳින් කියවන්න, නිවැරැදි පිළිතුරු සපයන්න. විභාගය අවසන් වූ පසු තමන් විසින් ප්‍රශ්ණ වලට සපයන ලද පිළිතුරු පිළිබදව මිතුරන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ. මන්ද එම ප්‍රශ්ණ පත්‍රය සදහා පිළිතුරු සපයා අවසන්, එමෙන්ම නැවත පරික්ෂකයාගෙන් එම ප්‍රශ්ණ පත්‍රය රැගෙන අතපසුවූ ප්‍රශ්ණ සදහා නැවත පිළිතුරු සැපයිය නොහැකිය. එමනිසා ඊලග දවසේ තිබෙන විභාගය සදහා හොදින් සුදානම් වන්න.

විභාගය අවසන් වූ පසු  දින කිහිපයක් සතුටින් ගත කරන්න. ඒ සදහා මිතුරන් සමග හෝ තම පවුලේ උදවිය සමග විනෝද චාරිකාවක් යාම මගින් හෝ හොද අර්ථවත් චිත්‍රපටයක් නැරබීම මගින් සිත සැහැල්ලු කරගත හැකිය.

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...